කරුණා-පිල්ලෙයාන් ජනාධිපතිවරණයේදී දරුණු වෙයි..- මැකොට පැමිණිලි කෙරේ..

November 2, 2019 at 1:20 pm | lanka C news
කරුණා-පිල්ලෙයාන් ජනාධිපතිවරණයේදී දරුණු වෙයි..- මැකොට පැමිණිලි කෙරේ..

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ කරුණා අම්මාන් සහ පිල්ලයාන් යන අය යටතේ ක්‍රියා කළ සංවිධාන සාමාජිකයන් ජනාධිපතිවරණ සමයේදී කරලියට යොමු කර කඩාකප්පල් ක්‍රියා සහ යම් කුමන්ත්‍රණකාරී තත්ත්වයක්‌ ඇති කිරීමේ අවදානමක්‌ ඇති බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායමට පැමිණිලි කර ඇත.

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට තර්ජන කිරීම, හොර ඡන්ද ප්‍රකාශ කිරීම, ප්‍රචණ්‌ඩත්ව ඇති කිරීම යනාදී ක්‍රියාවලියන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු තමන් වෙත හෙළි වී ඇතැයි ද මුස්‌ලිම් කොංග්‍රසය පවසා තිබේ.

යුරෝපියානු සංවිධාන නිරීක්‍ෂණ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් අතර එම පක්‍ෂ කාර්යාලයේදී ඉකුත් 28 දා පැවති සාකච්ඡාවකදී මෙම පැමිණිල්ල කර ඇත.

එම සාකච්ඡාවට යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායමේ දේශපාලන නිරීක්‍ෂක මේරි බෝලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක අමාත්‍ය රවුµa හකීම්, ලේකම් නීතිඥ නිසාම් කාරියප්පර්, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති නසීර් අහමඩ් පක්‌ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්‌ෂ නීතිඥ ඒ. එම්. µdයිස්‌ යන මහත්වරු එක්‌වූහ.

නැගෙනහිර පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පොදුවේ සුළු ජාතීන් වැඩියෙන් ජීවත්වන ප්‍රදේශවල මැතිවරණ දිනයේදී අපරාධ හා ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා ඇති වීමට ඉඩකඩ තිබෙන බව මුස්‌ලිම් කොංග්‍රසය මෙම සාකච්ඡාවේදී සැක පළ කර තිබේ.

තම පක්‍ෂය සහයෝගය දක්‌වන අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වළක්‌වාලීමට නැගෙනහිර පළාතේ කුමන්ත්‍රණකාරී සැලසුමක්‌ සකස්‌ වන බවත් මුස්‌ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුµa හකීම් මහතා සඳහන් කර ඇත.

ඡන්ද මධ්‍යස්‌ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකයන්ට තර්ජනය කර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළක්‌වාලමින් ඒ වෙනුවට හොර ඡන්ද දැමීමට ඇති අවකාශ පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡාවට ගත් බව ද නගර සැලසුම් ජල සම්පාදන හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම එම සාකච්ඡාවේදී භූගෝලීය වශයෙන් තනි වී ඇති කුඩා ගම්මානවල ප්‍රජාතන්ත්‍රවාදී සහ නීති විරෝධී ක්‍රියාවන්වලට ඇති ඉඩ ප්‍රස්‌තාව ගැන ද සාකච්ඡා කර ඇත. මෙවර ජනාධිපතිවරණයට තරග කරන හිස්‌බුල්ලා මහතා පසුගිය මැතිවරණ කාලයේ හැසිරුණු ක්‍රියා කලාපය මෙයට හොඳම සාක්‍ෂි දරන බව ද මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් පවසා තිබේ.

මැතිවරණ දූෂණ හා ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇතිවිය හැකි ප්‍රදේශ සහ මැතිවරණ මධ්‍යස්‌ථාන පිළිබඳ ලැයිස්‌තුවක්‌ දේශීය හා විදේශීය පක්‍ෂ නායකයන්ට සහ මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන බවත් එම පක්‍ෂ නියෝජිතයෝ සඳහන් කරති.

– divaina

50 views

19 Comments to “කරුණා-පිල්ලෙයාන් ජනාධිපතිවරණයේදී දරුණු වෙයි..- මැකොට පැමිණිලි කෙරේ..”

  1. වාසනා says:

    මැකෝ මේවානේ අල්ලන්න ඕන, අහිංසක යු ට්යුබ් කාරයෝ නෙවි

  2. ⁣මවුලවි says:

    සහරාන් දැන් බෝම්බ පත්තු කරන්නේ නැහැ හරි හොඳය්. කරැණා සහ පිල්ලෙයාන් හරි නරකය් බෝම්බ ගහය්.

    • Criminal says:

      සහරාන්ලා බෝම්බ පත්තූ කරලා ගොඩ ඇරියේ කාවද බ්‍රෝ ?

      • Gihan says:

        ඒ දවස් වල ප්‍රභාකරන් බෝම්බ පත්තු කරෙත් එතකොට කාව හරි ගොඩ යවන්නද?

        O/L fail එකෙක්ට කඩේ යන උන්ට තියෙන්නෙත් ඒ වගේ මෝඩ අදහස් තමයි.

      • Ratawasiya says:

        Guanpiya thamai goda giye ithin

      • saman says:

        CRIMINAL,,R, 1600,TA HITIKOTHA TOILAT EKE COMMENT KARANAWATA WADAA,
        AMMAI,,BIRINDAI DUWAI WENDESISIYE DAALA JEEWATH WEYAN,
        OYA EKAKWATH NATHNAM MAHAPAARE HINGAA KAAPAN,

        • දප්පුල says:

          Criminal සජියට කඩේ යන්නෙ මිනිහ ජනාධිපති වුනොත් ගෑණිට
          නොමිලේ සනීපාරක්ෂක තුවා ගන්ඩ බලාගන.

      • ඩපයා says:

        ඔය වගේ ගොන් කතා විස්වාස කොරන්නේ උඹලා වගේම ගූ පිරිච්ච ඔලුගෙඩි තියෙන ගොන්නු විතරම්යී බන්. සොරී.

        • වෙරිසොරි says:

          කිරිමෙලා මඩ ගහලා ගන්න ගතමනාව තව දෙසතියකින් ඉවරයි. ඒ අමාරුවට තමයි දිවා රෑ නොබලා මේකා මේ
          දඟලන්නෙ බ්‍රෝ. අපි අනුකම්පා කරලා මේකව ignore කරමු.
          ඕ ලෙවල් ෆේල් ගොනෙකුට කඩේ යනවට වඩා අපිට නං හිඟා කනවා නම්බුයි.

  3. පෑඩ්මෑන් says:

    හකීම්ලා පරාජය දැන්ම තේරුං අරන්.

  4. Criminal says:

    මුන් කොහොමත් චන්දේ ගන්නවනං ගන්නේ බය කරලා , 2004 මහින්දව බලයට ගේන්න උතුරේ ජනතාව බය කරලා , චන්දේ දාපූ මිනිස්සුන්ගේ අත පය කපාපු කොටියට , අනිත් දේවල් මහ කජ්ජක් නෙමෙ , මුන් මොන උලව් කරත් උතුරු ,නැගෙනහිර සජිත්ට ගේමක් නෑ. අනික ඉතිම් කෑලේ මාරු උනා කියලා කොටියගේ පුල්ලී මාරූ වෙන්නෑ බ්‍රෝ !

    • Udesh Hettiarachchi says:

      tho taran kuhakayek me mihipitanan tawat ne..ammapa

    • අදිකාරම් says:

      පල පල යන්න ..උපන්ගෙයි unp වහලා .. තෝ කවදා ද රජපක්ශලාගේ හොඳක් දැක්කේ..

    • John the Baptist says:

      මූ සම්පූර්ණයෙන්ම ඇත්ත විකෘති කරල මිනිස්සුන්ව නොමග යවන්ඩ හදනව.

      2004 කොහොද බොල මහින්ද බලයට ආවේ?

      මහින්ද මහත්තය ජනාධිපතිවුනේ 2005 නොවැම්බර්.
      දන්නෙ නැත්නම් මගෙන් අහගනින්!

  5. saman says:

    හකීම්ගේ අවසන් තුරුම්පුව…..

  6. gamini says:

    HAKEEMGE AWASAN JAWANIKAWA

  7. Prabath Buddika says:

    Dannma kiyala thyena nisa parduna ekata hethuwak thiyanawane…

  8. ceejay says:

    මුස්ලිම් කොන්ග්‍රසය සුළු ජාතීන්ගේ චන්දය මංකොල්ල කන්නයි හොර චන්ද දාන්නයි මේ ප්ලෑන් එක. ඔවුන්ට පෙන්නන්න ඕනේ නැගෙනහිර ඔවුන් බහුතරය කියල. කරුණා පිල්ලයාන් නම විකුණලා මුස්ලිම් ජිහාදීන් ලව එය කරවන්නේ ,,ආරක්ෂක අංශ වහාම දැනුවත් වෙන්න ,කරුනාත් වහාම දැනුවත් වෙන්න ,

    • මලිති says:

      හකීම්ලාට හොර චන්ද දාන්න තියන චාන්ස් එක කරුණා සහ පිල්ලෙයාන් නිසා නැතිවෙලා ඇති. ඒකයි සහරාන්ගෙ පක්කලියො සුද්දො ඉස්සරහා බබා පාට් දාන්නෙ.

Main News