කරු ජයසුරිය ලක් ඉතිහාසයේ දුර්වලම කතානායකයි.. ධුරයේ ගෞරවය අමු අමුවේ කෙලෙසයි..
June 12, 2017 at 12:00 pm | lanka C news
කතානායක කරු ජයසූරිය මහතා පක්ෂග්රාහිව කතානායක ධූරයේ කටයුතු කරන බවත් එය කථානායක ධුරයට මහා අගෞරවයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මේ බව සදහන් කරමින් මන්ත්‍රීවරයා විසින් කතානායකවරයා වෙත යවා ඇති ලිපිය මෙහි දැක්වෙයි.
ලියාපදිංචි තැපෑලෙන්
2017 ජූනි 12 දින
කරු ජයසූරිය මැතිතුමා
ගරු කතානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ
ගරු කතානායකතුමනි
පක්ෂග්රාහිව කතානායක ධූරයේ කටයුතු කිරීම
2017 ජූනි 7 දින පාර්ලිමේන්තුවේ දී සයිටම් ආයතනය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා අතර තියුණු විවාදයක් ඇති විය. එම අවස්ථාවේ දී රීති ප්‍රශ්නයක් මතු කිරීමට මම නැගී සිටියෙමි. මා රීති ප්‍රශ්නයක් ඇති බව හඬ නගා වාර ගණනාවක් පැවසුවත් දිගු වේලාවක් අත ඔසවා ගෙන නැගී සිටියත් ඔබතුමා විසින් මට අවස්ථාව ලබා නොදෙන ලදී. නමුත් තමන්ට රීති ප්‍රශ්නයක් මතු කිරීමට ඇති බව අකිල කාරියවසම් සහ දයාසිරි ජයසේකර යන ඇමතිවරුන් පැවසූ විට ඔවුන්ට කඩිනමින් අවස්ථාව ලබා දීමට ඔබතුමා කාරුණික විය. ඇත්තෙන්ම අකිල කාරියවසම් ඇමතිතුමාට ඔබතුමා විසින් එවැනි අවස්ථා දෙකක් ලබා දෙන ලදී.
ඔවුන් රීති ප්‍රශ්නයක් බව පවසා කතා කිරීමේ අවස්ථාව ලබා ගත්තත් ඒ දෙදෙනාම රීති ප්‍රශ්න මතු නොකරන ලදී. ඒ වෙනුවට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දැක්වූ අදහස් වලට ප්‍රතිචාර දැක්වීමක් පමණක් කරන ලදී. ඔබතුමාගේ පක්ෂග්රාහි හැසිරීම තව දුරටත් ඉවසිය නොහැකි වුණු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් සභාවේ නැගී සිට මා දීර්ඝ වේලාවක සිට රීති ප්‍රශ්නයක් මතු කරන බවත් ස්ථාවර නියෝග අනුව මට අවස්ථාව ලබා දීමට ඔබතුමා බැඳී සිටින බවත් පෙන්වා දුන්හ. මට ඒ අවස්ථාව ලබා දෙනු වෙනුවට ඔබතුමා කලේ මා වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රිවරයෙකු වන රංජිත් සොයිසා මන්ත්‍රිතුමාව නම් කර සභා ගැබෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීමයි.
ඔබතුමා අවස්ථාව ලබා දුන් ඇමතිවරුන් ඇත්තෙන්ම රීති ප්‍රශ්නයක් මතු නොකළත් මා අවස්ථාව ඉල්ලුවේ සැබැවින්ම රීති ප්‍රශ්නයක් මතු කිරීමටය. අභියාචනාධිකරණ තීන්දුව පිලි නොගෙන සරසවි ශිෂ්‍යයින් පෙලපාලි යන බවට කිරිඇල්ල ඇමතිතුමා පැවසුවත් එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසඳුම ද එකී නඩු තීන්දුවට පටහැනිය. එබැවින් මා නැගී සිටියේ එම සාකච්ඡාවෙන් රීති 84(vi) උල්ලංඝණය වන බව පෙන්වා දීමටයි. නමුත් අවම වශයෙන් මා මතු කරන රීති ප්රශ්නය කුමක්දැයි ඇසීමටවත් ඔබතුමා කාරුණික නොවිණි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මන්ත්‍රිවරයෙකු රීති ප්‍රශ්නයක් මතු කරන විට පාර්ලිමේන්තු කටයුතු නවතා ඊට අවධානය යොමු කිරීමට මුලසුන බැඳී සිටියි. ඔබතුමාගේ එදින හැසිරීමෙන් රටට පෙන්වූයේ හුදෙක් ආණ්ඩු පක්ෂයට දක්වන පක්ෂපාතිත්වය පමණක් නොව ස්ථාවර නියෝග පිලිබඳ අනවබෝධයයි. එබැවින් ඔබතුමාගේ හැසිරීම තුලින් ඔබතුමාට මෙන්ම ගෞරවනීය කතානායක ධූරයට ද අපගේ ඇති ගෞරවය අහිමි වේ. ඔබතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වුණු දුර්වලතම කතානායක බව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මන්ත්‍රිවරු පවසන බව මම ඉතාම කණගාටුවෙන් ඔබතුමාට දැනුම් දෙමි.
මා ඔබතුමාට දැඩි ලෙස ගෞරව කළ පුද්ගලයෙකු බව ඔබතුමා පෞද්ගලිකව දනියි. නමුත් එකී ගෞරවයෙන් දැන් ඉතිරි වී ඇත්තේ අංශුමාත්රයක් පමණි. තනතුරේ ගෞරවය මෙන්ම ඔබතුමාගේ ගෞරවය ද රැක ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ස්ථාවර නියෝග පිළිබඳ අවබෝධයක් ලබා අපක්ෂපාතිව කටයුතු කිරීමයි. එසේ කිරීමට නොහැකි නම් වහාම මෙම ගෞරවනීය තනතුරෙන් ඉවත් වීම මෙම තනතුරේ මෙන්ම ඔබතුමාගේ ද ගෞරවය රැක ගැනීමට ද ඇති එකම ක්‍රමය වනු ඇත. අද මෙන්ම හෙටත් ඔබතුමාව “ගරු කතානායකතුමනි“ ලෙස ඇමතීමට මට අවස්ථාව ඉතිරි කරමින් ඔබතුමා කටයුතු කරනු ඇතැයි මම අපේක්ෂා කරමි.
මෙයට
මහජන සේවයට කැප වුණු
උදය ගම්මන්පිල
He left Cabinet to deprive the UNP vice presidency to Sajith and joined UNP again he changed parties for his benefit
සචිතයාගේ නියායයෙන් මේකා උසනම් සෙකුරිටි කරවමු, කොට නම් කම්-කරු කරවමු.
කරු අයියා යුඇන්පී යේ අත් වැඩ කරන කම්කරුවෙකි, ඒකත් ජෝනා අයියා වගේ පෙති ගන්නවාද දන්නෙ නැහැ. උදේ පාන්දර මුණට මුලිච්චිවුනොත් කැඳත් නැහැ, ඇවිදින මළමිනියක් වගෙ
Great.
Good.
At last one got guts to call a spade a spade!
Karu is a political nincompoop!
Embala Karu
oya biyanowanna. Oya mona warada kalath mama oyawa marukaranne naha. Apita wasidene oya karanne. Good luck karu.
Meeta
Hitaishee
Sirisena.
Moo maha boru karayek. Konda nehe,
ගම්මම්පිල මැතිඳුනි , ඔබ තුමාගේ වැදගත් කමට ඔහොම ලිව්වට ඒ ක්‍රමය ගැලපෙන්නේ ලජ්ජා බය ඇති වැදගත් මහත්වරුන්ටයි . මෙයා රටට ආදරයක් නැති , තමන්ගේ බඩ ගෝස්තරේට පක්ෂ මාරු කරන , කොන්දක් නැති , නිර්පක්ෂිකවෙන්න තරම් උදාර ශක්තියක් නැති , පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා නීති ගැන වැදගත් අවබෝදයක් නැති මෙයා , ලජ්ජා සහගත ලෙස එකපාර්ෂව තීන්දු ගන්නා හැටි රටේ ජනතාව දැන් හොඳින්ම දන්නවා. ලංකා ඉතිහාසයේ ජරා විධියටම පාක්ෂිකව තීන්දු තීරණ ගත දුර්වලම දුර්වල කතානායකයා වෙලා ඉවරයි දැන්. කවද හෝ බලෙන් ගිය දවසක ඔය මිනිහට පාරේ බැහැල යන්න බැරිවෙයි මිනිස්සු මුනට කෙලත් ගහයි ඉස්සරහට මුනගැසුනොත්.
A decent answer must be given to a decent man.
What decency one can see in Jayasuriya?
Karu is an opportunist in white clothes.
A wolf in sheep’s clothes!
කරු ජයසූරිය කියන්නෙ හැමදාම රනිල් එක්ක පුක් ගහන හාදයනේ, උගෙන් කොහොමද අපක්ෂපාතීත්වයක් බලාපොරොත්තු වෙන්නෙ.!
heen baba seeyagen wena deyak balaporoththu viya hakida?
නියමයි ගම්මන්පිල මැතිතුමනි!