කරු ජයසූරිය ඉවතට.. නව කතානායක සරත් ෆොන්සේකා..?

March 11, 2017 at 10:48 pm | lanka C news
කරු ජයසූරිය ඉවතට.. නව කතානායක සරත් ෆොන්සේකා..?

මුලසුනේ කටයුතු සාධාරණ ලෙස සිදු නොකරන නිසා කරු ජයසූරිය මහතා කතානායක ධුරයෙන් ඉවත් කරන ලෙසට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් සම්බන්ධව කතා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයට වැඩි කාලවේලාවක්‌ ලබා දී සභානායකවරයාට කතා කිරීමට ඉඩ නොදීම නිසා සිකුරාදා (10 දා) ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්‌ථාවේ සභා ගැබෙහි නොසිටියේය.

මන්ත්‍රීවරු සිය පැමිණිල්ල රැගෙන අගමැතිවරයා හමුවීමට ගොස්‌ ඇති අතර ඉතිහාසයේ පළමුවරට ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු රැස්‌වීම වර්ජනය කර සභාගැබෙන් පිටව යැමට සිදු වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපය නිසා බව ඔවුන් අගමැතිවරයාට කියා ඇත.

කතානායකවරයා දිගින් දිගටම මෙම ක්‍රියාකලාපය අනුගමනය කරන බව අගමැතිවරයාට ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන් සාධාරණ ලෙස කටයුතු කළ හැකි සෘජු මන්ත්‍රීවරයෙක්‌ කතානායක ධුරයට පත් කරන ලෙසටද ඉල්ලා ඇත. සරත් ෆොන්සේකා වැනි මන්ත්‍රීවරයෙක්‌ මේ සඳහා සුදුසු බවද ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු මේ අවස්‌ථාවේදී ප්‍රකාශ කළ බව එම මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කළේය.

– දිවයින

63 views

34 Comments to “කරු ජයසූරිය ඉවතට.. නව කතානායක සරත් ෆොන්සේකා..?”

  1. True Heros says:

    Karu Jayasuriya is one of the few honest and honorouble politicians in sri lanka. Be fair . If not we will lose people like this.

  2. Deepal says:

    ගවපාලනයේ ගවයෙක් වෙනුවට තවත් ගවයෙක්..එපමනයි..වෙනසක් නැත…

  3. Gihan says:

    අපෙ ගෙදර බලු තඩියා ගෙනත් දෙන්නම්. ඌටත් පුලුවන් බුර බුර ඉන්න.

  4. Dickie Bird says:

    The respected military leader who became a political Sakkiliya………….Now despised by the public.
    Karu must first control his Joker of a prime Minister.

    Uneducated Wimal happens to be the most eloquent speaker in the Parliament today.
    SF will nedd another Benz to take him to the Speaker’s seat.

  5. Boo says:

    කල වැද්දෙක්ගෙ ඔලුව වටේ අර කතානායක බැටලු හම එතුවම මිස්ටර් බීන් වගේ ඉදියි. නියම විකට චරිතය. අර බැංකු හොරාට පිං අනාචාර්ය පට්ටමක් දීපු වෙලේ අන්දපු රිලා ඇදුමට දෙවෙනි වෙන එකක් නෑ.

  6. Aparajitha says:

    පාර්ලිමේන්තුවේ ඉතිරි වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන අන්ශුවෙත් අවසානය දැකගන්න පුළුවන් වේවි පොන්නසේකා ආවොත්..

  7. ආනන්ද says:

    යූ.ඇන්.පී. නායකයෙක් වුනත්, කරු ජයසුරිය වනාහි, යෝජිත නරුමයා මෙන් කලවැද්දෙක් නොවේ…..!

  8. KAMAL says:

    oya hadanney prodaawak .karakawala karakawa la ara kari ellayawa orkata damae kiyaa mata hitenawa.

Main News