කරු-නවීන් එජාප නායක්තවය පැහැර ගැනීමට කුමන්ත‍්‍රණ කරන බවට චෝදනා.. සජිත් පිලෙන් කුණු බැණුම්..

December 6, 2019 at 2:10 pm | lanka C news
කරු-නවීන් එජාප නායක්තවය පැහැර ගැනීමට කුමන්ත‍්‍රණ කරන බවට චෝදනා.. සජිත් පිලෙන් කුණු බැණුම්..

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජජාලා පිටු මෙහෙයවන්නන් විසින් මේ වන විට කථානායක කරු ජයසූරිය මහතා සහ එජාප පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාට එරෙහිව අපහාසාත්මක සටහන් මුදාහරිමින් ඇත.

ඒවායේ සඳහන් වන්නේ කරු ජයසූරිය සහ නවීන් දිසානායක මාමා සහ බෑණා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාගැනීම සඳහා කුමන්ත්‍රණය කරමින් ඇති බවයි.

ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්‍ෂය පාවා දී වෙනත් පක්‍ෂ හා සම්බන්ධ වී පසුව නැවතත් එජාපයට ආ අය බවද එම සටහන්වල දැක්වෙයි.

ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබාදීමට තීරණය කළ ද එජාප නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට පැමිණ සිටි තිබුණේ නැත.

40,337 Viewers

14 Comments to “කරු-නවීන් එජාප නායක්තවය පැහැර ගැනීමට කුමන්ත‍්‍රණ කරන බවට චෝදනා.. සජිත් පිලෙන් කුණු බැණුම්..”

  1. වොට්ස් අප් says:

    මෙහෙමයි, UNP තරුණ මන්ත්‍රී කැරලිකරුවන් පිරිසක් මාෆියාවක් බවට පත් වෙලා. රනිල් සහ ජ්‍යෙෂ්ටයෝ පන්නලා සජිත්ව පත් කරන්නේ සජිත්ටවත්, UNP එකටවත් තියෙන ආදරේට නොවෙයි. අර ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලිලා JR යටතේ විරාජමානව හිටියා වගේ මේ අයට රනිල් ඇතුළු ජ්‍යෙෂ්ටයෝ පන්නලා සජිත් යටතේ ඒ පැරැන්නෝ හිටියා වගේ ඉන්නයි ඕන, ඇයි දැන් ඉන්නේ මධ්‍යම තනතුරුවලානේ. රනිල් කෙලින් වැඩ කරන නිසා මුන්ට ඒ මනුස්සයා ඇහේ කටු අනිනවා වගේ. මේ කැරලිකරුවෝ තමයි සජිත්ටත් පස්සේ කොටන්නේ. අන්තිම කෙලෙහි ගුණ නොදත්, ආත්මාර්ථකාමී දුර්ජනයෝ. උන් උන් මරා ගන්න දවසක් එනවා, එතකොට රනිල්ලා, රවීලා, ජෝන්ලා, කරුලා, වජිරලා, අකිලලා පක්ෂෙන් ගිහිල්ලා. තව අවුරුදු 20ට UNP එකට ආත්මයක් නැහැ එන ඔක්කොම චන්ද ලාංතරස් වෙන්න පරදිනවා. රනිල්ව තියාගත්තොත් ආත්මයක් තියෙනවා.

  2. Modapala says:

    මෙය ඇත්ත. කරු හැමවේලෙම බැලුවා රනිල් ඇදලා එතට එන්න. බැරි වුණ තැන බෑනට දෙන්න.නවීන්ගෙ කතා වලින් ඔහුගේ යටි හිත නිතරම එළි වුණා.

  3. ajith says:

    Grand opening for land sale of Port City will be started tomorrow after much delay due to Easter bomb attack. if you come to Galleface, you can see the most attractive fireworks in Sri Lanka.

  4. sam says:

    Although not the best these two are the minority decent few left in the UNP.

  5. ajith says:

    පාස්කු ප්‍රහාරය සමග දිනනියමයක් නැතිව කල්දැමූ පොර්ට් සිටි ව්‍යාපෘතියේ ඉඩම් විකිණීම ආරම්බ කිරීමේ මහා උත්සවය හෙට සවස පැවැත්වේ. ගාලු මුවදුර පිටියේසිට කලාතුරකින් දක්නට ලැබෙන මහා මල්වෙඩි සංදර්ශනයක් නැරබිය හැක

  6. nimal says:

    ඔහොම බැණ බැණ ඉන්නකො මහ මැතිවරණෙ වෙනකන්…බලමුකො ඔය කෑ ගහන කී දෙනෙක් ඇතුළට යයිද කියල…

  7. ඕයි බබා says:

    වොට්ස් අප්‍ හරියට හරි. ඔය තරුණ UNP නායකයෝ කියන අය දුර්ජන්යෝ. හිවල්ලු වගේ. උන්ට ඕන කෙනෙක් කපාගෙන උඩටම එන්න. පරයෝ. පෝට්සිටියේ කොටසක් රාජපක්ෂලා චීනෙට නොමිලේ දෙන්න හැදුවා, රනිල් නේද බද්දට දෙන්න වෙනස් කලේ. දැන් පක්ෂේනුත් එලවන්න හදනවා ඒ හොඳ මිනිහාව. හෙන හතම ගහපියව්.

  8. Eiffel says:

    දගලලා දගලලා අපේක්ෂක කම ඉල්ලලා අරං ඉල්ලං කෑවා… බලමුකො නායකකම අරං කොරන හැටි..
    කොහොම වුනත් තව අවුරුදු දහයක් යනකම්නම් මෙයාට ජනාධිපතිකම් ගැන හිතන්නවත් බෑ….

    • Rata Wenuwen says:

      මගේ කරු මාමණ්ඩිට බුද්දන් සරණේ සරණයි
      මගේ කොට බෑනන්ඩිට ධම්මන් සරණේ සරණයි,
      අනේ ඉතින් අපි දෙන්නට රනියගෙ සරණේ සරණයි

  9. prasa says:

    Sajith and team still failed to realized srilankan past political scenario was who running behind power by neglecting and insulting senior members.One day they will ,but too late

  10. අක්බාර් ලොක්කා says:

    මෙහි ඇත්තක් නැත්තෙත් නෑ

  11. David Milli-banda says:

    UNP is looking for a Kandyan Govigama Buddhist (KGB) Leader…………..
    Ranil will handover the UNP Leadership to Karu and retire.
    Sajith & UNP will lose at the General Elections & Sajith will get sidelined as unfit to lead the UNP.

    Karu will retire handingover the UNP Leadership to Navin.

  12. සරා says:

    සජිත් කියන්නේ කිසිම පදනමක් නැති හිස් පුද්ගලයෙක්.පක්ශයක ප්‍රබල ‌ෙකොටසක් තරහා කරගෙන ‌ෙකොහොමද ඉදිරියට යන්නේ?විශෛ්ෂයෙන් රනිල් පාර්ශවය.‌ෙමොකද ඔහුටත් ප්‍රබල ජනපදනමක් පක්ශය තුල තියෙන නිසා.ඉතින් ‌ෙමෙි සජිත් වටකරගෙන ඉන්න සියල්ල දැනට අවුරුදු 10ක15ක සිට සියළු මැතිවරනවලදි තමන්ගේ ආසන අන්ත ‌ෙලෙස පරදින පුද්ගලයන්.එකෙක්වත් තමන්ගේආසන පැත්ත පලාතේ ‌ෙනොයන උදවිය.උදා-අජිත්.පී.‌ෙපෙරේරා-35898කින් බන්ඩාරගම ආසනය පරාදයි.නලින් බන්ඩාර-බිංගිරිය 12914කින් පරාදයි.හර්ෂ-‌ෙකෝට්ටේ 9225කින්ද තුෂාර ඉදුනිල් -පඩුවස්නුවර 11270කින් ‌ෙහේෂා විතානගේ-බලං‌ෙගොඩ 31960කින් චන්ද්‍රානි බංඩාර අනුරාධපුර /නැ 23798කින් අශෝක අබෙිසිංහ-කුරුනැගල 12919 සුජිව ‌ෙසේනසිංහ-කඩුවෙල-57060කින් දිලිප්-තංගල්ල 50532කින් පරාදයි

  13. Gotaimbara says:

    I agree. Karu to UNP is Sirisena to SLFP.

Main News