කරූගේ ජනාධිපති අපේක්‍ෂක බඹරය කැරකේ.. සජිත් පසුපසට.. යෝජනාව අරලිගහ මැදුරට..

September 14, 2019 at 10:32 pm | lanka C news
කරූගේ ජනාධිපති අපේක්‍ෂක බඹරය කැරකේ.. සජිත් පසුපසට.. යෝජනාව අරලිගහ මැදුරට..

මීලග ජනාධිපතිවරණය සදහා එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය සදහන් කරයි.

එම සංවිධානය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් සදහන් කලේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්‍ෂක ලෙසත් පත් කිරීම සුදුසු බවයි.

පූජ්‍ය මකුරුප්පේ ශ්‍රී නාගසේන රතනජෝති හිමි එහිදී කියා සිටියේ කරූ ජයසුරිය මහතා ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු යයිද කී එහිමියන් ජයසූරිය මහතාට මෙතෙක් ඇඟිල්ල දිගු කිරීමට තරම් වරදක් සිදු කර නැති බව පැවසූහ.

අගමැතිවරයා මේ අවස්ථාවේදී කල යුත්තේ රට ජාතිය ආගම හා පක්ෂය ගැන සළකා කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීම බවද උන් වහන්සේ කීහ.

මෙම ඉල්ලීම අද පස්වරුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙතද අරලියගහ මැදුරේදී භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

39,185 Viewers

9 Comments to “කරූගේ ජනාධිපති අපේක්‍ෂක බඹරය කැරකේ.. සජිත් පසුපසට.. යෝජනාව අරලිගහ මැදුරට..”

  1. UNP GAL IBBA says:

    සත්‍යෙන්ම කරුජයසූරීය මහතා තමා සුදුසුම පුද්ගලයා ඔහු කිසිම බහුජාතිකත්වයක් නොමැති මහත්මා පාලකයෙක් නිදන් හොරුන්ට වඩා අගයට ලක්වියයුතු පුද්ගලයෙක් ඒදන්ඩේ වෙව්ලමින් යන බස් පදින ඔරුපදින් ගස්නගින කිරි කොස්ගහන පාපඳු ගහන මෝඩචූන් දෙන ගොබිලන් චූඇන්පිය කාදැමුවා???

    • සියනෑ ආරච්චි says:

      එයාව දැම්මොත් කරට කර හරි යන බඩුවක් අපිත් දමනව. මොකද කියන්නේ පබාව දැම්මොත්? දත් හැලෙනකම්, කෙස් හැලෙනකම්ං, ලොම් හැලෙන කම් දේශපාලනේ කෙරුවත් අපේ සීයලාට දේශපාලනේ ඇබිත්තක්වත් තේරෙන්නේ නෑ.

    • Gayantha says:

      79 වයර් ශෝර්ට් එහෙට මෙහෙට පැනපු නාකියෙක්ට චන්දේ දෙන්නේ වයර්ශෝර්ට් පොරවල්ම තමයි.. මැන්ටල් කරූ ආවොත් ගොටා 70% කට වඩා අරන් දිනනවා..

      • Rata Wenuwen says:

        “කරු”වද සජී යද කියලා කුතුහලය ක්
        පැති දෙක එක වගෙයි කාසියේ මළ කෙලිය ක්,
        රනියා අටවලා දෙන්නට මර උගුල ක්
        කරලිය වෙත එනවා ලස්සන පොරය ක්

    • saman says:

      ඔහුගේ මහත්මා දේශපාලනය අපි දැක්කෙමු. ඉතිහාසයේ නින්දිතම කතානායක ලෙස කිරුලු පැලදි ඔහු පාර්ලිමෙන්තුව මෙහෙය වූයේ පිටස්තර රටවල්වල තානාපතිලාට අවශ්‍ය විදියට බව අපි හොදින් දැක්කෙමු.

      • RATA WESIYO says:

        Whoever who is your candidate, the nation’s wish is GOTA gotta be elected ,as they wanna save their motherland from these present unpatriotic rulers , who is gonna to ruin it in everyway.

    • Pal says:

      It will be the same jada palana Government..

      Just the continuation of what is existing..

      We don’t want this set of rulers again. The same lot led by Ranil..

      Gota is the best

  2. Rata Wenuwen says:

    කරු වට වඩා උගේ බෑණැ හොඳ නැද්ද,
    තරුන ජවය ඔහුගේ දානව ශබ්ද
    හොර කම් නොමැත කවදත් ඔහු නිශ්ශබ්ද,
    රනියෝ ඔබට ‘නවිනයා’ ගැන දුක නැද්ද

  3. Angoda Buva says:

    මේ සාධුල මේ කතා කරන්නෙ 2015 ට කලින් හිටපු කරූ ගැනද ? යහපාලනය වෙච්ච කරූ ගැනද?

Main News