කරූ කරුමයක් වෙයි.. පාර්ලිමේන්තු ඉතිහාසයේ හැන්සාඩ් වාර්තාවක් නැති මුල්ම දවසේ නිගරුව ඔහුටයි..

November 19, 2018 at 10:59 pm | lanka C news
කරූ කරුමයක් වෙයි.. පාර්ලිමේන්තු ඉතිහාසයේ හැන්සාඩ් වාර්තාවක් නැති මුල්ම දවසේ නිගරුව ඔහුටයි..

පසුගිය 16 වැනිදා පොලිස් බලඇණියක්ද සමගින් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු සභාගර්භයට ඇතුළු වී කරන කියන ලද කිසිදු දෙයක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවට ඇතුළු කළ නොහැකි තත්වයක් උදා වී තිබේ.

කතානායකවරයා විසින් එදින කරන ලද කිසිදු ප්‍රකාශයක් පැහැදිලි නොවීම සහ විධිමත් ආකාරයට ප්‍රකාශයක් නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සටහන් වාර්තා කරණයේ යෙදෙන සේවකයන් කිසිවකු එම පාර්ලිමේන්තු සිදුවීම ඇසින් නොදුටු තත්වයක් පැවතීම ද මීට බලපා තිබේ.

කතානායකවරයා සිය අසුන මත සිට ඇමතුවේ නම් එම අමතන සියලු දේ පාර්ලිමේන්තුව තුළ පටිගත කිරීමේ යන්ත්‍රවල පටිගත වන අතර එදින අමතන ලද්දේ සේවකයන්ට අමතන මයික්‍රෆෝනය නිසා එහි පටිගත කිරීම් කිසිවක් පාර්ලිමේන්තු දත්ත ගබඩාවල නැති බව ද වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත එදින පාර්ලිමේන්තුවේ සිදු වූ කටයුතු සම්බන්ධයෙන් හැන්සාඩ් වාර්තාවක් නිකුත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා සිදු වනු ඇත්තේ එදින පාර්ලිමේන්තු රැස්වීමක් නොපැවතුනු බවට තීරණය කිරීමටයි.

සාමාන්‍යයෙන් හැන්සාඩ් වාර්තාවක් නොමැති නම් එදින සැලකෙන්නේ පාර්ලිමේන්තුව නොපැවැත්වුණු දිනයක් ලෙස බව ව්‍යවස්ථාදායක විශාරදයන් කියා සිටිති.

24 views

7 Comments to “කරූ කරුමයක් වෙයි.. පාර්ලිමේන්තු ඉතිහාසයේ හැන්සාඩ් වාර්තාවක් නැති මුල්ම දවසේ නිගරුව ඔහුටයි..”

  1. HOO ! says:

    අයියෝ පව් රනිලා තටමලා තටමල මදැයි විස්වාස භංගයක් ගෙනාවා! ඒක හැන්සාඩ් එකෙත් නැහැලු ! ඒ කියන්නේ එහෙම එකක් සිද්ද උනේ නැති ගානයි ! අනේ පව් මේකට දරදිය ඇද්ද ගොන් ජෙප්පෝ ! ගෝනි බිල්ලෝ මිට නරකද දෙකක් දාගෙන ලයිට් කණුවක් දිගේ බඩ ගෑව නං !

  2. ms silva says:

    Assuming that Presidents action since 28th Oct are genuine (i.e. appointing of MR as PM etc.) to save the country and not for a personel agenda, I think MS & MR shall be careful on these people;
    a) Ranil/Ruwan/Karu – They will mislead the police and armed forces and try to capture President and PM and announce the world that they have controlled a coup in the country. The western will definitely accept their actions.
    b) Sarath Fonseka – Be careful, he will also mislead the armed forceds
    c) Mahinda Deshapriya – He is crooked operator and will do anything to destroy MR to save his traitor brother Sunanda Deshapriya
    d) Rajitha – One of the most crooked and nasty fellows in Sri Lankan society. He will spend his funds to take the control of the funds.
    e) Pujith – He is well wisher of Ranil. He operates under influence

  3. ms silva says:

    If Karu Jayasuriya/Ranil team allows to imply that MR team illegal government and Karu can take over the control (including the presidency), MS will not be able to control the situation. Ranil/Karu meet foreingn envoys spread the germ and who knows a foreign power will come to rescue them by means of kidnapping MS/MR or help them to jail. For the last 3 years, Ranil changed full structure of armed forces/police/legal institutions/etc. to have his loyal guys. At the moment MS is in danger. The country is rules by the same set of staff formed by Ranil.
    Especially the central bank,you can see how the statements issued by CG IK. It seems like a trap.
    Therefore, MS/MR shall act cautiously and takes the opportunity to control the situation.

  4. ms silva says:

    MS/MR team
    The time has come for you take actions immediately and steadily.This is not the time to bring masses to street. This is the time for you to change the management structure created by Ranil who inserted all the faithful fellows in each and every corner. Not sure that appointing Chief Judge is purely a decision by MS. Eva was sidelined and this was appreciated by traitor new website operated by Mangala’s henchman SS who is in exile.

  5. හීන් බබා සීයා says:

    කිසිම පිස්සෙක් තමනට පිස්සුයි කියා කිසිදාක කියන්නේ නැත​.කරූ මහත්තයත් කිසිදාක එහෙම කියන්නේ නැත​.ඒ නොකියන එකම එසේ යයි සිතන්නට ඇති එකම එක සක්‍ෂියය​.ඒ බව කරූ මහත්තයා දන්නේ නැත​.

Main News