කරූ ජයසූරිය කතානායක ධුරයට සමුදෙන්න සැරසේ.. අලුත් කතානායකගෙන් ඉල්ලීමක් කරයි…

December 30, 2019 at 4:40 pm | lanka C news
කරූ ජයසූරිය කතානායක ධුරයට සමුදෙන්න සැරසේ.. අලුත් කතානායකගෙන් ඉල්ලීමක් කරයි…

2015 සැප්තැම්බර් මස ආරම්භ වුණු ශ්‍රි ලංකාවේ 08 වන පාර්ලිමේන්තුව වන වර්තමාන පාර්ලිමේන්තුව ගෙවී ගිය කාලය තුළ ඉටුකළ සේවය ගැන සතුටු විය හැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට විශාල වැඩ කොටසක් එතුළින් ඉටුව ඇති බව ලෝකයේ පිළිගැනීම බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

පාර්ලි‍මේන්තුවේ කමිටු ක්‍රියාවලිය ශක්තිමත් කිරිම, අන්තර් පාර්ලිමේන්තු සබඳතා ගොඩනැගීම, ස්වාධින කොමිසම් සභා ක්‍රියාවලිය බල ගැන්වීම, තොරතුරු ‍දැනගැනීමේ පනත වැනි සිවිල් අයිතිවාසිකම් ශක්තිමත් කරන වැදගත් අණ පනත් සම්මත කිරිම, පාර්ලිමේන්තු කමිටු ක්‍රියාවලිය මෙන්ම ජාතික සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පිහිටවීම, පාර්ලිමේන්තුවේ කටයුතු ජනමාධ්‍යට විවෘත කිරිම ආදිය ලෝක අවධානය දිනාගත් වැදගත් සංධිස්ථානයන් බවද කථානායකවරයා සඳහන් කළේය.

කථානායක කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ දරුවන් වෙනුවෙන් නව වසරට පාසල් උපකරණ සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැරමීම සඳහා 2019.12.30 දින පාර්ලිමේන්තුවේ පැවති විශේෂ උත්සවය අමතමිනි.

නිදහස ලබන විට ලොව ශක්තිමත් ආර්ථිකයක් හිමිව සිටි ශ්‍රි ලංකාව වර්තමානයේදී පත්ව ඇති තත්වය පිළිබඳව සතුටු විය නොහැකි බව පෙන්වා දුන් කරු ජයසුරිය මහතා සඳහන් ‍කළේ එයට ප්‍රධානත ම හේතුවක් වුයේ ජාති, ආගම් වශයෙන් ඇති වු අසමඟිය බවයි.

වර්තමානයේ ලොව ජය කෙහෙළි නංවන අපේ විශිෂ්ඨ දරුවන් එම අතීත ශ්‍රි විභුතිය නැවන ගොඩ නගනු ඇතැ’යි බලාපොරොත්තු තැබිය හැකි බව කථානායකවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා පැවසුයේ “මෙතැන් සිට අප බිහිකළ යුත්තේ ශ්‍රි ලාංකික දරුවන් පමණක් නොව ලෝක දරුවන් බවයි. ලෝකය ඉදිරියේ අපරාජිතව සිටිය හැකි විශිෂ්ඨයන් අප සතුව සිටින බව මෑතකදී ලෝක අවධානය දීනාගත් නිර්මාණ බිහි කළ තරුණ දරුවන් ඔප්පු කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.”

ස්වකීය කථානායක ධුර කාලයට සමුදෙන විට රාජකාරියෙන් ඔබ්බට ගොස් ඉටු කිරිමට හැකි වු සුවිශේෂි කටයුත්තක් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කිරිමට හැකි වීම ගැන සිහිකළ හැකි බවද කරු ජයසුරිය මහතා පැවසීය.

මෙහීදි පාර්ලිමේන්තු සුභ සාධක සංගමයෙන් කථානායකවරයා වෙත විශේෂ ස්තුතියක් පිරිනැමුණේ සිය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමුකර විශාල විදේශ ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පවා ලබාදීමට කටයුතු කිරිම පිළිබඳවයි.

– කතානායක මාධ්‍ය අංශය

329 views

23 Comments to “කරූ ජයසූරිය කතානායක ධුරයට සමුදෙන්න සැරසේ.. අලුත් කතානායකගෙන් ඉල්ලීමක් කරයි…”

  1. din says:

    ඔව් ඉතින් ජාත්‍ය්න්තරේ සතුටු ඇති.මොකද ඔවුන් ගෙ නියෝජිතයින්ව කරුමයා පාර්ලිමේන්තුවට ගෙනත් දැම්මනේ.රටත් පාවා දීලා පක්ශක්ග්‍රාහීව කටයුතු කරපු එකම කරුමයා

  2. 77 UNP says:

    යහපාලන අටමගල පිහිටුවාගත්ත ද ඉඳල කාලකන්ණි කරලා තියෙන්නේ එකම එක හොඳ වැඩක් විතරයි. ඒ හර්ෂ ඩි සිල්වාගේ ඇම්බියුලන්ස් විතරයි. මහ බැංකුව කොල්ලකාපු එකේ ඉඳල 19 හොර සංශෝධනය, රාජ්‍ය දේපල විකිණීම ආදී සියල්ලටම මේ කාලකන්ණි කරුමයා හවුල් කාරයෙක්. මූට උගේ කොටස ගෙව්වේ මධ්‍යම අදිවේගෙට ලැබියයුතු වටිනාකම වගේ 6 ගුණයක් ගෙවල. මුගේ දුෂ්ඨකම් සහ රටට එරෙහි ද්‍රෝහිකම් කොතරම්ද යත් දරුවෙක් මූට කලින් මලා. පියකුට තමුන්ගේ පව් මතක්කරගන්න ඊට වඩා අවශ්‍ය කුමක්ද? රටට ආදරේ මිනිස්සු මේ අපරාධකාරයට සාපකරනවා. රනිල්ට එළියේ රට කන්න පාර්ලිමේන්තුවේ මෙහෙයුම කලේ කරුණාරත්න ජඩසුරියයි.

  3. සරා says:

    මම හිතන්නේ ‌ෙමෙතෙක් බිහිවු කතානායකවරුන්ගෙන් ඉතාමත් පක්ශාග්‍රාහි අවම සදාචාරයවත් නැති තුප්පහි කතානායක තමයි කරුජයසුරිය කියන්නේ.‌ෙමෙි කතානායක පාර්ලිමේන්තුවෙිදි තින්දු තිරන ගත්තේ අගමැති රනිල්ගේ හස්තා සංඥා අනුවයි.‌ෙමෙි කතානායක වගේමයි ‌ෙපොලිස්පති ප්‍රජිත් ජයසුන්දර.ඒකා යුනිපෝම් එක ඇදගෙන ‌ෙදේශපාලන ‌ෙවෙිදිකාවෙිදි ‌ෙදේශපාලඥයන්ගේ කතාවලට අත්පුඩි පවා ගැහුවා.ඌ නම් තමන්ගේ ඉරනම හිරගෙදරින් නිමා කරගත්තා.‌ෙමෙි නාකි හිවල් කානායක මම හිත්නනේ ලජ්ජා විය යුතුයි.තමන්ට ලැබුන ස්වාධින තනතුර තමන්ගේ පක්ෂයේ කක්කුස්සි ‌ෙහෝදන්න ‌ෙයොදා ගැනීම ‌ෙ‌ෙවෙනුවෙන්.විශේෂයෙන් රනිල්ගේ හස්ත මුද්‍රාවට අනුව කටයුතු කිරිම ගැන.මු තනිකරම පිරිමි නාකි ගනිකාවක්.

  4. Asoka says:

    මෙහීදි පාර්ලිමේන්තු සුභ සාධක සංගමයෙන් කථානායකවරයා වෙත විශේෂ ස්තුතියක් පිරිනැමුණේ සිය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමුකර විශාල විදේශ ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පවා ලබාදීමට කටයුතු කිරිම පිළිබඳවයි.

  5. මාල රෝහිත says:

    ජඩපාලනයට ආවඩන්ඩ බටහිර රටවල තානාපතිවරුන්
    පාර්ලිමේන්තුවට කැඳවූ එකම අවලමා ලෙස වර්තමාන
    කථා නායක ලොක්කා පාර්ලිමේන්තු ඉතිහාසයට නොමැකි
    ය හැකි කලු පැල්ලමක් එකතු කර මකබෑ වෙන්ඩ සැරසේ.

  6. TONY B LIAR says:

    Ado karu kuru,
    Tho wage ballek mama kavadawath dekala nehe pya loku putuwe innawa.
    Avalama.
    Makabeweyamg

  7. Araliya says:

    Ai meyath “mama thamai pora, mama thamai kale” kiyala thaman gena ma waranana kara ganne. Ara handa anuwa sabha sammath kaleth meya neda?

  8. Sun says:

    Speaker supposed to be a impartial person and have genuine interest to guide the law of the country ultimately. He should be able to promote the impartial vision during his public meeting also as a lawmaker. What I noticed was when he was in public meeting he cannot maintain his impartial and genuine role.