කර කියාගන්න දෙයක් නැතිවෙයි.. සෝමාලි කොල්ලකරුවන්ගෙන් ලාංකිකයන් බේරාගන්න ඇවන්ගාඞ් ලොක්කාගේ පාමුල වැටේ..

March 15, 2017 at 1:20 pm | lanka C news
කර කියාගන්න දෙයක් නැතිවෙයි.. සෝමාලි කොල්ලකරුවන්ගෙන් ලාංකිකයන් බේරාගන්න ඇවන්ගාඞ් ලොක්කාගේ පාමුල වැටේ..

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද ශ‍්‍රී ලංකිකයන් 08 දෙනෙකු සහිත නෞකාව බේරා ගැනීමට ශ‍්‍රී ලංකා රජය විසින් ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂන සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපතිගෙන් උදවු බලාපොරොත්තු වන බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වාර්ත කරයි.

කෙසේ වෙතත් ඔහු මේ වන තෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා සෝමාලියානු කොල්ලකරුවන් සමග සබදතා ගොඩනගා ගැනීම සදහා ආණ්ඩුවේ බලාපොරොත්තුව ඉටු වී නැතැයිද එම වෙබ් අඩවිය වාර්තා කරයි.

වෙළෙඳ නෞකා වලට මුහුදේදී ආරක්ෂාව සැපයීම දුර්වල කිරීම නිසා නැවත වතාවක් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් හිස ඔසවා ඇතැයිද එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

140 views
Main News