කලකට පසුව තිරික්කල් රෙස් තරගාවලියක්

July 25, 2018 at 8:02 am | lanka C news
කලකට පසුව තිරික්කල් රෙස් තරගාවලියක්

පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් මේ දිනවල යාපනය දිස්ත්‍රීක්කයේදී දැක ගත හැක.

යාපනය කෝපායි ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනයේ ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට ගවයින් හිමිකරුවන් විසින් පියවර ගෙන තිබූණි.

මේ අනුව යාපනයේ සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගවයින් 41 දෙනෙකු මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද යාපනයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාර පාන ලබා දීමටද කෝපායි ප්‍රාදේශීය සභාවේ සභාපති නිරෝෂ් ත්‍යාගරාසා මහතා ඇතුලු පිරිස සංවිධානය කොට තිබුණි.

පැරණි තිරික්කල් රේස් නැවත කරලියට ගෙන ඒම සම්බන්ධයෙන් කෝපායි ප්‍රාදේශීය සභාව මගින් පෙන්වා දෙන්නේ පැරණි සම්ප්‍රදායන් වර්ථමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්ථමාන ජනතාවටද දැකබලා ගැනීමට අවස්ථාවක උදා කල බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views

8 Comments to “කලකට පසුව තිරික්කල් රෙස් තරගාවලියක්”

  1. ජසයා says:

    හොද වැඩක්….

  2. කිරි ටොයියා says:

    Yako ekabadde tharagayak thiyanawa kiyala danui danne ….. okkoma awilla naha needa … ayi mokak hari awlakda? 41 avilla inne … kamak naha …..

    • Boo says:

      පිස්සුද බන්, මේ අර පංචවිධ කාර් සහ වොක්ස්වැගන් වෙනුවට යහපාලනෙන් හඳුන්වාදෙන පරිසර හිතකාමී වාහන ප්‍රතිපත්තියයි.

  3. Love nature says:

    සත්ව හිංසාව නැතිකරමු

    • Amda says:

      Agree. මේ සතුන්ට හින්සා කරන ගෝත්‍රික දේවල් අතහරිමු

      • Boo says:

        ඊට ඉස්සෙල්ල පොෂ් මහත්තුරුන්ගේ අස්ස රේස් නවත්තමුද? ඔය සත්තු මරල ගෝත්‍රික ක්‍රමයට උන්ගේ මස් කන එක නවත්තමුද?

  4. Love nature says:

    ඔබම හිතන්න, මනුෂ්‍යයෝ දෙදෙනෙක්‌ නගුලක බැඳලා කුඹුරට දැම්මොත් පස පෙරළන්න එම දෙදෙනා විඳින්නා වූ මානසික, කායික හිංසනය ගණනය කළ හැකිද? මේ අනුසාරයෙන් හරකා අත්විඳින්නා වූ හිංසනය ඔබම තීරණය කරන්න.

  5. Love nature says:

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුභමානවකයාට දේශණා කරනවා සුභ යමෙක්‌ මේ මනුෂ්‍ය ජීවිතයේදී රෝගීව ඉපදේනම්, නිරතුරුව රෝගවලට ගොදුරු වෙමින් ජීවත්වෙයිනම් ඊට හේතුව පෙර ජීවිතයේදී සත්ව හිංසාව සිදු කිරීමය කියලා. බලන්න වර්තමානයේ මනුෂ්‍යයෝ හැමෝම රෝගීන්. රෝහල් රෝගීන්ගෙන් පිරිල, වසංගත රෝග පැතිරෙනවා. මේ අපි දකින්නේ අප පෙර ජීවිතවලදී කරන ලද සත්ව හිංසාවේ ඵලයත් හේතුවත් තමයි . මනුෂ්‍යයා අතින් සත්ව හිංසාව වැඩිවෙන්න වැඩිවෙන්න අනාගත ලෝකයේ රෝග සහ රෝගීන් තව තව බහුල වෙනවා. මේවා ලෝක ධර්මයන්. වලක්‌වන්න බැහැ. දක්‍ෂයාට තිබෙන්නේ අවබෝධය තුළින් ලෝකයෙන් මිදීමට උත්සහ කිරීමයි.

Main News