රාජ්‍ය ඇමති සුජීව මහ නාහිමියන්ට අමූලික ඇත්ත කියයි.. මහ නාහිමියන් අහුවුනාද මන්දා..
January 7, 2017 at 12:04 am | lanka C news
මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාගෙන් මහ නාහිමියන් දැඩි ස්වරයෙන් ප්‍රශ්න ගණනාවක් විමසනු ලැබූ අතර ඇමතිවරයා එවැන්නක් බලාපොරොත්තු නොවූ බවක් දිස්විය.
වොක්ස්වැගන් කර්මාන් ශාලාව ගැන මහ නාහිමියන් විමසද්දී ඇමතිවරයා කියා සිටියේ සමාගමට ඇති වූ මුල්‍ය ප්‍රශ්නයක් හේතුවෙන් දැන් එය ආරම්භ කල නොහැකි බව ජර්මානු තානාපති කාර්යාලය හරහා දැන්වූ බවයි.
කෙසේ වෙතත් වොක්ස්වැගන් සමාගම මේ වන විට නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයෝජනයක් සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් සිදු කර නැති බවයි.