කලකට පසු මැණිකෙලා මුණ ගැසේ..

August 10, 2022 at 8:02 am | lanka C news
කලකට පසු මැණිකෙලා මුණ ගැසේ..

උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය දින අටකට පසු බදුල්ල සිට කොළඹට , කොළඹ සිට බදුල්ලට ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය (09) දින පියවර ගෙන තිබුණි.

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ස්ථාන 15 කින් පමණ දුම්රිය මාර්ගයට පස් කදු , ගල් සහ ගස් කඩා වැටිම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි තිබුණි.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ඉකුත් (02) දින සිට (09) දින දක්වා දින අටක් තිස්සේ කිසිදු දුම්රියක් ධාවනය නොකල අතර, (09) දින ධාවනය කල උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයට දහවල් 12 පමණ වන විට ළගා විය.

තවදුරටත් උඩරට දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතු වල දුම්රිය සේවකයින් සේවයේ යෙදි සිටින නිසා  (09) දින සිට ධාවනය කරන සියළුම දුම්රියන් නාවලපිටිය සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා වේගය පැයට කිලෝමිටර් 20  දක්වා සිමා කිරිමට දුම්රිය පාලක මැදිරිය උපදෙස් ලබා දි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවසිය.

දුම්රිය ධාවනය කල (09) දින උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් වලින් ගමන් කිරිමට විශාල මගින් පිරිසක් සිටි අතර, රාත්‍රි තැපැල් දුම්රිය තවත් දින කිහිපයක් යනතුරු ධාවනයට එක් නොකරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,280 views
Main News