කලපුවක සගවා තිබූ කහ තොගයක් කොමාණ්ඩෝ මෙහෙයුමකින් සොයාගනී….
October 2, 2020 at 2:06 am | lanka C news
මන්නාරම සිලාවතුර මුහුදු ප්රදේශයේ කලපුවක සඟවා තිබූ වියලි කහ කිලෝ 430 ක් යුද හමුදාවේ මන්නාරම කොමාණ්ඩා බලකා සෙබලුන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් සොයාගනු ලැබීය.
මන්නාරම 54 වන සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසකට ලැබුනු තොරතුරකට අනුව සිලාවතුර කොණ්ඩංචි කලුපවක අදාල කහ තොගය සඟවා තිබී ඇති අතර පසුව සිලාවතුර යුද හමුදා කොමාණ්ඩෝ බලකායේ 3 වන රෙජිමේන්තුවේ භට පිරිසක් විසින් අදාල කහ කිලො ් 430 ක තොගය සොයාගනු ලැබීය.
එම කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව රැගෙනවිත් වෙනත් ප්රදේශයකට ප්රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවටද අනාවරනය වී ඇත.
සොයාගත් කහ තොගය බොට්ටුවක ආධාරයෙන් ගොඩබිමක් වෙතට රැගෙන ඒම සිදු කරල අතර කහ තොගය සැඟවූ පුද්ගලයින් සෙවීම සඳහා සහ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කහ තොගය හිලාවතුර පොලීසියට භාර දීමට යුද හමුදාව පියවර ගනු ලැබීය.
යකඩෝ ! තව ටික දවසක් යනකොට පාන් හංගලා තිබුනා පොල්ගෙඩි හංගලා තිබුනා අඹ ගෙඩි තුනක් හංගලා තිබුනා කියලා මිනිසුන්ව හිරේ විලංගුවේ දමයි. මේවාද රටේ තියෙන දැවෙනම ප්රශ්න ?
යකඩෝ, කහ කිලෝ 350යි අඹ ගෙඩි තුනයි එක සමානබව මේ අාචාරියගෙ තර්කෙද?