කලබල අස්සේ බඩු මිල නග්ගයි..

May 4, 2019 at 5:30 pm | lanka C news
කලබල අස්සේ බඩු මිල නග්ගයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2019 අප්‍රේල් 04 වන දින ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකල අතර මේ වන විට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කර ඇත. සතොස ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ජනතාවට සහනදායි ලෙස  භාණ්ඩ අලෙවි කිරීමයි. එහෙත් එම අරමුණ ඉවත දමමින් මේ වන විට ලංකා සතොස කටයුතු කිරීම නිසා රට පුරා පාරිභෝගිකයින් පීඩාවට පත්ව ඇත.

රටේ උද්ගත වී ඇති හදිසි තත්වය සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිල  සීඝයෙන් වැඩි වී තිබියදී ලංකා සතොසද භාණ්ඩ මිල වැඩි කිරීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටී ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සදහා රජය මේ වන විට කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ කර නැති අතර පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සදහා ලංකා සතොස ආයතනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන  ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ 
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

20,517 Viewers

2 Comments to “කලබල අස්සේ බඩු මිල නග්ගයි..”

  1. siripala says:

    paw kala gono edapan haputal yanawaaaaaaaaaaa
    pin kala emathiwaru nomile hema de kanawaaaaaaaa

  2. නගිනවා නම් හොදයි දෙය්යනේ...බහින්න වෙලාවක් නැති තරමට නියමයි. says:

    නගිනවා නම් හොදයි දෙය්යනේ…බහින්න වෙලාවක් නැති තරමට නියමයි. බඩු…තමා හේතුව.

Main News