කලමනාකරණය කියා මත්තල විකිණීමක් සූදානම්ද…

December 11, 2019 at 12:40 pm | lanka C news
කලමනාකරණය කියා මත්තල විකිණීමක් සූදානම්ද…

මත්තල ගුවන්තොටුපල විකුණා දැමීමට රජයේ කිසිදු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මත්තල ගුවන්තොටුපලේ කළමණාකාරිත්වය විධිමත් කිරීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් පැතිර යන වාර්ථා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අද (11) උඩුගම්පලදි මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රණතුංග මහතා මේ බව අවධාරණය කලේය.

මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පරාජිත දේශපාල පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු සිතාමතාම සිදුකරන බොරු ප්‍රචාරයක් බව පෙන්වා දෙන ඇමතිවරයා වත්මන් රජය  ජාතික සම්පත් විකුණා දැමීමට කිසිසේත් සුදානම් නැතැයි කිවේය.

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් එකක් කියා එකක් කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් රජයට නොමැති බව පැවසූ රණතුංග මහතා වත්මන් ආණ්ඩුව කියන දේ කරන කරන දේ කියන ආණ්ඩුවක් බවද කීවේය.

මත්තල ගුවන්තොටුපල මගී හා භාණ්ඩ ප්‍රවාහන ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීම සදහා වත්මන් රජය අවධානය යොමු කර ඇතැයි පෙන්වා දුන් රණතුංග මහතා ඉතා කඩිනමින් මත්තල ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අවධාරණය කලේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

163 views

11 Comments to “කලමනාකරණය කියා මත්තල විකිණීමක් සූදානම්ද…”

  1. kamal says:

    මහවංශයේ ආරම්භයේ තේරුම
    නුඹ හිතන්නෙ සිංහයෙක්ගෙන් මිනිහෙක් ඉපදෙන්න බැ කියලද එච්චර මෝඩ වෙන්න එපා උඹ එතකොට හේතුවාදියෙක් ඇහට පේන දේවල් විතරක් විස්වාස කරන්නෙක්. නමුත් මහවංශයලියු හාමුදුරුවො රහතන් වහන්සේ කෙනෙක්. උන් වහන්සේ තේරුම් ගත්තා පිතෘ ඝාතක අජාසත්ත ලංකාව බේරාගන්නවා කියා සිංහයාව මරන සිංහබාහු අජාසත්ත ඒකයි කතාව.ශ්‍රද්ධාව දන්නෙ නැති එක්කෙනා පෘථග්ජනයෙක් ඔහුට මහාවංශය බොරු ප්‍රවාදයක්

    • Amal says:

      Kawda ban umba , mala holmana. Meka bana liyana blog ekak neme me. Gihin FB eke kotahan ko me wikara. News ekata kisima sambandayak nati magul daanne. Admin kenek nadda meke?

      • Deviyo says:

        Meyaage niyama nama ‘Kamal Hussain’. palhaeli, valbahubhutha, liyana vidiyata Budu sasunata, sanskruthiyata pahara gahanne meyaage deiya kiyana aakaarayata.

    • නිමල් says:

      තමුසෙට ඇත්තටම පිස්සු ද?

    • Gonsun says:

      Kamalo, godak kal indan numbe loyapuwa beluwa.
      Loku manasika Rogayak thiyena bawa pehedily una.

      Upadana thiyena hinda, rahath thiya maththiya kenek wennath behe.

      Man danna Dos thora kenek , Mulleriya Isprithu thale innawa.
      Etumagen reta reta Ispreethu tikak illan bivvoth lede suwawenawa Sure.
      It passe Rahath weemath.Sure

    • Disce ammata discede says:

      කමල් ඔයාගෙ ආතල් නවත්තන එපා.
      දැන් සිරා ත් නෑ සචී බබත් නෑ , අපට ආතල් දෙන්න කවුරුහරි ඕන .

  2. Saman says:

    රණතුංග ල දෙපැත්තෙන්ම කන එවුන්

  3. Rata Wenuwen says:

    බොරු මල්ල ලිහා දමන කානු කටා නොහොත් රාජිතයා කූඩු කරනකම් ඔයවගෙ ආරන්චි දිගටම යාවි. ප්‍රසන්න මහත්තයෝ හැකි ඉක්මනින් රාජිතයා කූඩු කලොත් යහපතක්.රටට සෙතක්.

  4. Saman says:

    ජනපති 13 බෑ කීව විතරයි අන්න INR million 300 පලාලි වලට දෙනව
    රණතුංග කියන මෝඩයට කියන්න ඕක ගන්න එපා කියල ආර්ථික අමාරු වුනත්

  5. N.Wimaladasa says:

    Ours policy agreed by People of majority of Lanakn wanted their wealth and assets to protected by any ruling governance of that vested interest of our country.
    The Matala International in airport is our national wealth ,its cannot be sold out other is illegal .

  6. ආනන්ද ලැනරෝල් නැමැති උත්තමයෙක් ගෝඨා ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල බරපතල ලෙස විවේචනය කරමින් You tube එකේ වීඩියෝවක් පළ කර ඇත. මේ වගේ දේවල් 2014 ට පෙර සහ පසුව දිගින් දිගට ම පළ වුනත් සාධාරණ පැහැදිළි කිරීම් ප්‍රතිචාර දැක්වීම් සිදු වූයේ නැහැ මහින්ද පාර්ශ්වයෙන්. ඒක ඒ පරාජයට ලොකු හේතුවක්. එම නිසා මේවා ගැන උන්නදු වී පිළිතුරු හා හේතු යුක්ති සහගත ප්‍රතිචාර දැක්වීම අත්‍යාවශ්‍ය දෙයක්.

Main News