කල්පිටියේ දූපතක් විදෙස් රටකට දෙයි.. ඩොලර් මිලියන 417ක්…
May 14, 2022 at 6:20 am | lanka C news
කල්පිටියේ උච්චමුනි දූපතේ තරුපහේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට විදෙස් සමාගමක් සංචාරක සේවා අධිකාරිය සමග ගිවිසුමකට පෙරේදා (11 වැනිදා) එළැඹ තිබේ.
2000 වසරේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණද විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබූ මෙම ව්‍යාපෘතියේ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 417කි.
හෙක්ටයාර 1500ක භූමි ප්‍රමාණයක් තිබෙන මෙම දූපතෙහි දැනට පවුල් 200ක් පමණ වාසය කරනු ලබයි.
වසර 30ක බදු පදනම මත මෙම භූමි ප්‍රමාණය ලබාදී ඇති අතර දැනට එහි වෙසෙන පවුල්වල යටිතල පහසුකම්ද නගා සිටුවමින් කටයුතු කිරීමට ආයෝජකයන් එකඟතාව පළකර තිබේ. 2020 වසරේදී මෙම ගිවිසුමට එළැඹීමට නියමිතව තිබුණද කොරෝනා ව්‍යාප්තිය හමුවේ එය දෙවසරක් පමණ කල්ගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් සංචාරක සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේතුංගගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ,
රටට විදෙස් විනිමය අවශ්‍ය මොහොතකදී විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම පිළිබඳව තවත් ඉදිරියට අපට හැකි අයුරින් කටයුතු කරනවා. මෙම දූපතෙහි සිදුකරන ආයෝජන කටයුතු තවත් ආයතන රැසක අධීක්ෂණය යටතේ කිරීමට නියමිතයි යනුවෙනි.
– අරුණ
This is a great news after so many bad things.
ලොකු මල්ලි මේක ගන්නේ මගේ BOC එකේ වැඩකරන ලොකු dote බදින්න ඉන්න මාර සල්ලිකාර බෑනා
කපුටා ගේ යාලුවන්ට, කොමිස් කියදෝ? රට විකුණලා ඇමරිකා පනිමු. තව විකුනනවා තව සල්ලි අච්චු ගහනවා, තොපි උද්ගෝෂණ කරපල්ලා. කාක් කාක් කාක්
හිගන්නා උනත් දේශාභිමානේ කියන්නේ මේක. ඩුබායි වගේ රටවත් දියුනුවේ හිනිපෙත්තටම ගිහිනුත් තාම අයෝජකයෙක් ආවම දෙකට නැමිලා වැඩේ කරලා දෙනවා. අපි හිතනවා මේ විදේශීය අයෝජකයෝ කොමිස් වලට එනවා කියලා. එහෙනම් ඉතින් බන්ගලිදේශෙම කීයක් හරි ඉල්ලගෙන සමාජවාදී ස්වර්ගරාජය් බිහිවෙනකම් ගෝල් ෆේස් එකේ ඉමු.
ජෙප්පො කියන්නේ යමක් හම්බකරන් සතුටින් ඉන්න හැම එකා එක්කම සදාකාලික වයිරයකින් පෙලෙන මොඩ රැලක් !
උන් යටතේ අති හැකි එකාත් අනාතයි
ලෝකයේ සංචාරක පාරා දීසයක් උනු ස්වි්ටර්ලන්තයේ ආයෝජකයෙක් මෙරටට ගෙන්වා ගන්න පුලුවන් උනුඑක රටේ වාසනාව.
රට වනසන්න අටවපු NGO අලගලය මුවාවෙන් ජේවීපී පෙරටුගාම්න්, අන්තරේ, රාජ්‍ය සේවකයන්ගෙන් මෙරට බේරාගත යුතුයි.
ජෙප්පො කියන්නේ යමක් හම්බකරන් සතුටින් ඉන්න හැම එකා එක්කම සදාකාලික වයිරයකින් පෙලෙන මොඩ රැලක් !
උන් යටතේ අති හැකි එකාත් අනාතයි
ඒකතාව නම් හරි මේ පාර කොන්ත්‍රාත් එකේ සල්ලි තානාපති ම පැලවත්ත ටම ගෙනත් දුන්නා කියලයි මටනං හිතන්නේ.🤔
එම දුපතේ දැනට පදිංචි ධීවර පවුල් සහභාගී කර ගන්න බවක් කීවා.ඒ මිනිසුන්ගේ කුමන හෝ හැකියාවන් ඒ සදහා යොදාගෙන ඔවුනගේ ඡීවන මට්ටම උසස් කල හැකි නේද
දැන් හරි සතුටු ඇති නේද බඩජාරි හෙළයන්ට. තොපිට ඕක නේ ඕන වෙලා තිබුණේ. අර මගේ කොමෙන්ට් එකකට පිළිතුරු දීලා තිබුණ මහත්තයෙකුත් කියලා තිබුණේ විකුණලා හරි කන්න බොන්න දෙන්න ඕන කියලා. හරි.. දැන් ඔන්න වික්කමසිංහයා වැඩ පටන් ගත්තා. ඉස්සරහට තොපිට ඇති වෙන්න ලැබෙයි බඩජාරි කමට ගිලින්න්න. දැන් ගිහින් සතුට සමරපල්ලා කිරිබත්.. නෑ.. සමාවෙන්න.. කේක්, පුඩින්, හැම්, බේකන් කාලා, ෂැම්පේන් බීලා..
උඹ නම් හෙලයෙක් වෙන්න බෑ. ගහලයෙක් වගේ පේන්නෙ. යකෝ පිටරට ඔය වගේ ප්‍රොජෙක්ට් වල ගිහින්සේවය කරන මිනිස්සු එවන සල්ලි වලින් තමයි උඹල වගේ ගොන් හෙලයො කන්නෙ බොන්නෙ.
ජෙප්පො කියන්නේ යමක් හම්බකරන් සතුටින් ඉන්න හැම එකා එක්කම සදාකාලික වයිරයකින් පෙලෙන මොඩ රැලක් !
උන් යටතේ අති හැකි එකාත් අනාතයි
ව්‍යාපෘතියට අත්සන් කරන්නේ 2000. 2022 වෙද්දිත් වැඩ පටන්ගෙන නෑ. ඉතින් පුදුමයක්ද බොල රටේ ඩොලර් නැති එක.
තියාගෙන ඇති වැඩකුත් නෑ. බදු දීල ආදායමක් ලබනකොට කෑගහනව මෙන්න ජාතික සම්පත් විකුණනෝ කියල. හම්බන්තොට වරාය දැන් තියං හිටියනං මේ අර්බුධ අස්සෙ ඒකෙ පාඩුවත් දරන්න වෙන්නෙ රජයට. දේශපාලකයන්ට වඩා මේ රටට කෙලින්නෙ රටේ ආර්ථිකයට හිතකර තීරණ ගන්න දේශපාලඥයන්ව ජාතික සම්පත් විකුණන් කන්නන් විදිහට හංවඩු ගහන මෝඩ ජනතාව
Swiss do not have an island of their own. Now they will have one of their own fir at least 30 years.
What better way to get high spending Swiss tourists to this country than this.
Very good move even if it is late in implementation.