කල්පිටියේ දූපතක් විදෙස් රටකට දෙයි.. ඩොලර් මිලියන 417ක්…
May 14, 2022 at 6:20 am | lanka C news
කල්පිටියේ උච්චමුනි දූපතේ තරුපහේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට විදෙස් සමාගමක් සංචාරක සේවා අධිකාරිය සමග ගිවිසුමකට පෙරේදා (11 වැනිදා) එළැඹ තිබේ.
2000 වසරේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණද විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබූ මෙම ව්‍යාපෘතියේ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 417කි.
හෙක්ටයාර 1500ක භූමි ප්‍රමාණයක් තිබෙන මෙම දූපතෙහි දැනට පවුල් 200ක් පමණ වාසය කරනු ලබයි.
වසර 30ක බදු පදනම මත මෙම භූමි ප්‍රමාණය ලබාදී ඇති අතර දැනට එහි වෙසෙන පවුල්වල යටිතල පහසුකම්ද නගා සිටුවමින් කටයුතු කිරීමට ආයෝජකයන් එකඟතාව පළකර තිබේ. 2020 වසරේදී මෙම ගිවිසුමට එළැඹීමට නියමිතව තිබුණද කොරෝනා ව්‍යාප්තිය හමුවේ එය දෙවසරක් පමණ කල්ගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් සංචාරක සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේතුංගගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ,
රටට විදෙස් විනිමය අවශ්‍ය මොහොතකදී විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම පිළිබඳව තවත් ඉදිරියට අපට හැකි අයුරින් කටයුතු කරනවා. මෙම දූපතෙහි සිදුකරන ආයෝජන කටයුතු තවත් ආයතන රැසක අධීක්ෂණය යටතේ කිරීමට නියමිතයි යනුවෙනි.
– අරුණ
මේ රටේ කාලකණ්න්නි කරන්නෙත් නැති එකේ එවැනි දියුණු රටවලට බදු දෙන්න ඕනෑ.. නැවත මේ රට දියුණු ජාතීන් අතට කොටස් වශයෙන් හරි පත් කරන්න ඕනෑ. ඊනියා සිංහල බෞද්ධ හිවලු , ජාතිකත්වය , ඉතිහාසය , උරුමය වගේ වචන ෂෝ දාගෙන රටේ මිනිස්සුන්ව රවට්ටනවා
Jvpers and Gunaratnam’s socialists: Please don’t start barking at this. This kind of revenue is badly needed, and will continue to bring $$$’s to Sri Lanka for a long time.
මොන රටේ මොන සමාගමටද කියලා නෑනේ.
ඇයි අහන්නෙ. විගනනය කරන්නද? නරකද තමන් රටට අද මොකක්ද නිෂ්පාදනය කල යුත්තේ කියලා හොයන එක?
මේකේ මොකද්ද වැරැද්ද. ඕනෑම රටක හෝටලයක් හෝ ව්‍යාපෘතියක් කරන්න ඉඩම් දීර්ග කාලීනව බදු දෙනවා. එකෙන් මිනිස්සුන්ට රැකියා මෙන්ම රටට විදේශ විනිමයක් ලැබෙනවා. බොරුවට උද්ගෝෂණ කරලා එන ආයෝජන නවත්වලා බංකොලොත් රට තවත් ආපස්සට ගෙනියන්න තමයි ජවිපෙ ප්‍රමුක නඩය කෑගහන්නේ. උන්ට දවසක බලයක් ලැබුනත් කරන්න වෙන්නේ ඔය දේමයි. ඒත් මේ පිටින් කවුරුහරු කොමිස් ගන්නවානම් එය නැවැත්විය යුතුයි. ඔය දුපත ගැන ගොඩක් දෙනා ඇහුවෙත් අදයි. ඕක සංවර්දන නොවුන දුපතක්. ලස්සන පරිසරය. පිට රටින් එවිත් ඔහොම දෙයක් කරන එක ගැන වත් සතුටු විය යුතුයි මේ වගේ කාලකන්නි අරගල කාරයෝ රට විනාශ කරද්දී.
100% Agree with you.
100% Agree…
ඔච්චරයි කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. හොර මහින්ඩ ඇතුලු මේ රට පාලනය කල හොර දේස්පාශ්ලුවෝ නිසා. උන්ට මේ කිසි දෙයක් වගක් නැහැ.
මහින්ද විතරක් නෙමෙයි අර මෝටිවේසන් අප්පච්චිත් හොරෙක්ලු නේ? හැම එකාම හොරෙක් වෙන රටේ එකෙකුට විතරක් ඇඟිල්ල දික් කරන්න එපා.
මේක රනිල්ගෙ කාලෙ originate වෙච්ද, විමල්ලගෙ කාලෙ හැදීවැඩුනු, විමල්ල කටක් හොල්ලපු නැති ගනුදෙනුවක්.
do you for or again this
දැන් මේකට තම තමංගෙ පක්ෂ වලට ලකුනු දාගන්න නං කට්ටිය ඉන්නවා. පක්ෂ වහලුන්ගෙන් තොර හැහ දෙයක්ම රටේ දෙයක් විදිහට දකින්න පුරැදු වෙනකල් අපි ඔතනම තමයි.
We need many more investments like this in the country. All the best.
මේවට බනින JVP/Peratto බූරුවෝ වෙනත් රටවල මෙවැනි ඉදිකිරීම් වල රස්සාවට යන්න පොරකනවා.
මොනව හරි හොඳ ව්‍යාපෘති වලට බදු දීම කරන්න වෙනව රැකියා ඍජු හෝ වක්‍රව උත්පාදනය කිරීමට. අවුරුදු 30 කමක් නෑ 99 නොවී. ඇත්තටම සංචාරක කලාපයක් නම් තව බොහෝ රැකියා ඇතිවෙයි.අපේ දේශපාලුවෝ මුදල් විශුද්ධිය කරන්න පටන්ගත්ත හෝටල්වලට වඩා මේ ව්‍යාපෘති සාධාරණ විය හැකියි.
දැන් බූරැ රැල සුපුරැදු ලෙ ස කෑ ගහයි දූපත විකුනලා කියලා. උන්ට විකිනීමයි බදු දීමයි අතර වෙනස දන්නෙ නෑ. හැබැයි උන් රට ඇතුලෙ ගෙවල් කඩ කාමර බදු දෙන එකට විකුනනවා කියන වචනෙ පාවිච්චි කරන්නෙ නෑ. අවලං මාධ්‍යවේදීන් පවා මේවට ලියන්නෙ දූපත දුන්නා කියලා බදු දුන්නා කියලා නෙමෙයි.