කල්පිටියේ 07 දෙනෙකුට කොරෝනා..

October 27, 2020 at 2:28 am | lanka C news
කල්පිටියේ 07 දෙනෙකුට කොරෝනා..

කල්පිටිය රෝහලේදී ජෛව පටල සාම්පල ලබා ගත් පිරිසෙන් හත් දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට සනාථ වීමෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට කටයුතු කල බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යලය පවසයි.

මෙසේ කොරෝනා ආසාධිතයින් බවට සනාථ වී ඇත්තේ පෑලියගොඩ පොදු මත්ස්‍ය වෙළද සංකීර්ණයට මසුන් ප්‍රවාහනය කල ධීවර පිරිසක් බව සනාථ වී තිබේ.

මොවුන්ගෙන් හතලිස් දෙදෙනෙකු (42) පසු ගිය (24) වන දින කල්පිටිය මූලික රෝහලේදී ජෛව පටල සාම්පල ලබා ගැනීමට කටයුතු කර තිබූ අතර, එම පිරිස අතරින් කල්පිටිය ප්‍රදේශයේ සිව් දෙනෙකු කුරුඤ්ඤන් පිටිය ප්‍රදේශයේ දෙනෙකු බවත් මාම්පුරිය ප්‍රදේශයේ එක් අයෙකු බවත් කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යලය පවසයි.

අදාල ආසාධිතයින් දැඩි ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගිලන් රථ මගින් කන්දකාඩු නිරෝධායන මධස්ථානය වෙත රැගෙන යන ලදි.

– ප්‍රියංකර කළුපහන

9,321 views
Main News