කල්මුණේ ගැටුම්වලින් සෙබළුන් 11ක් මිය ගිහින්..- මන්ත‍්‍රී පියල් නිශාන්ත.. නමුත් පොලීසිය ප‍්‍රතික්‍ෂෙප කරයි..

April 27, 2019 at 2:10 pm | lanka C news
කල්මුණේ ගැටුම්වලින් සෙබළුන් 11ක් මිය ගිහින්..- මන්ත‍්‍රී පියල් නිශාන්ත.. නමුත් පොලීසිය ප‍්‍රතික්‍ෂෙප කරයි..

ඊයේ දිනයේ කල්මුණේ ප‍්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් 11ක් මිය ගියේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශ්න්ත මහතා පවසයි.

ඊයේ රාත‍්‍රියේ පැවති රූපවාහිනී සංවාදයකදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ මෙම ප‍්‍රකාශයේ වගකීම තමන් විසින් මෙම ප‍්‍රකාශයේ වගතීම තමන් විිසින් දරනා බවයි.

කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයාගේ මෙම ප‍්‍රකාශය ගැන සමාජ ජාලාවල දැඩි විරෝධය පල වෙයි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටින්නේ එම ගැටුම්වලදී කිසිදු හමුදා පොලිස් නිලධාරියෙක් මිය නොගිය බවයි.

103 views

15 Comments to “කල්මුණේ ගැටුම්වලින් සෙබළුන් 11ක් මිය ගිහින්..- මන්ත‍්‍රී පියල් නිශාන්ත.. නමුත් පොලීසිය ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. සකල බුජං says:

    මූට මේ වගකීම බාර අරගෙන මුනින් අතට බුදිය ගන්න කියමු.

  2. S.B. says:

    මේ වගේ බැරෑරුම් අවස්ථාවක, මේ ව්ගේ තුට්ටු දෙකේ අමනයන් ගෙන්නලා සංවාද තියන මේ සක්කිලි නාලිකා වහාම තහනම් කල යුතුයි..

  3. Sinhalaya says:

    hemoma Nishanthata benala thiyenne, miniha kage kauda kiyana eka mata adala ne, polis prakasaka boru kiyanawa wenna berida? sanhidiyawa araksha karanna kiyala! incident eka sidda wechcha vidiyata matanam sekai! me kathawa eththada kiyala!

  4. alexfonseka says:

    බහුතරයක් දූෂිතයන් වංචනිකයන් කුඩු කසිප්පු කාරයන් මිනීමරුවන් කලහකාරීන් මිරිස් කුඩු ගසන්නන් කලහකාරීන් ගැහැණු ළමයින් දූෂණය කරන පිරිමි ළමයින් අපයෝජනය කරන වනචරයන් ආදී නොයෙකුත් අකටයුතුකම් වල නිරතවෙලා සිටින පොහොට්ටුවේ දේශපාලඥයන් සමග සිටින මෙවැනි වාචාලයෙක් ව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකියි නේද ?