කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැටළුව 10 වැනිදාට පෙර විසදනු..- හකීම් දින දෙයි..
August 2, 2019 at 6:48 pm | lanka C news
අගෝස්තු 10 වැනිදාට පෙර කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙනුත් ගැටලුව විසඳිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ.
මේ සඳහා දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් මැති ඇමතිවරුන් අතර එකඟතාවක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බවත් ඔහු සඳහන් කර තිබේ.
මෙම ඉල්ලීම ඉටු කර ගැනීමට මෙවර අවස්ථාව නොලැබුණ හොත් තවත් අවස්ථාවක් නොලැබෙන බවත් මුස්ලිම් කොංග්‍රස නායකයා සඳහන් කර ඇත.
ඔහු මේ බව පවසා තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මැති ඇමැතිවරුන් හා කල්මුනේ ප්‍රදේශයේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පවත්වමිනි.