අහඹු පරීක්ෂණවලින් කොරෝනා 21ක් හමුවේ.. කල්මුනේ සියළුම පාසැල් වසා දැමේ..
November 26, 2020 at 3:00 pm | lanka C news
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකු සඳහා කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර තීරණය කළාය.
ඒ අනුව, එම පාසල් යළි ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.
මෙම තත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ලතාහරන් මහතාට නියෝග කළාය.
ඊට අමතරව අක්කරෙයිපත්තු, සයින්දමරුදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජීවත් වන වැසියන් මෙම අවධානම් තත්වය සලකා සෞඛ්‍ය උපදෙස් මත සංචාරණ කටයුතු නතර කර සිය නිවෙස් වලටම වී සිටින ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
ජනතාව සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැඳ මෙම වෛරසය පාලනය කිරීම සදහා හැකි උපරිම සහයක් ලබා දෙන ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
– රුචිර දිලාන් මධුසංඛ
jana ganathwya wadi oya patte giyoth lesi wenne naa
Munta pissu… Eyi sathiyen corona nethi wenawada? Ahinsaka duppath minissunwa maranawa…