කල් ඉකුත්වූ ඖෂධ හා එලවලු දුන් ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නඩු…
September 1, 2019 at 2:27 am | lanka C news
උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යාසාධක නිලධාරීන් හා සංගානෙයි ආහාර පාලන නිලධාරීන් විසින් යාපනය සංගානෙයි ප්‍රදේශයේ එලවළු හා ඖෂධ ස්ථාන හදීසි සෝදිසි පරික්ෂාවකට ලක්කිරීමේදී අපිරිසිදු ආහාර මෙන්ම කල් ඉකුත්වූ ඖෂධ හා එලවළු විකිණු ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නීතිය මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයට ලැබුනු පැමිණිළි වලට අනුව ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කොට ඇති අතර එහිදී සංගානෙයි ප්‍රදේශයේ පිහිටි හෝටල්, ෆාමිසි හා එලවළු ,පළතුරු වෙළඳසැල් පරික්ෂා කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී භාවිතයට නුසුදුසු ඖෂධ හා ආහාර, එලවළු විකුණු ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නීතිමය පියවර ගත් අතරම තවත් අවධානම් සහිතව වාපාර සිදු කළ ව්‍යාපාරිකයින් රැසකටද පළමුව අනතුරු අඟවා අදාල ව්‍යාපාරික ස්ථාන පිරිසිදුව මෙන්ම මහජන හිතයිසි අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාදීමද නිලධාරීන් විසින් පයවර ගන්නා ලදි.
– වන්නි රොමේෂ් මධුෂංඛ