කලාතුරකින් ලංකාවට පෙනෙන වලයාකාර සූර්යග්‍රහනය උතුරට පෙනුනු අයුරු මෙන්න..

December 26, 2019 at 5:30 pm | lanka C news
කලාතුරකින් ලංකාවට පෙනෙන වලයාකාර සූර්යග්‍රහනය උතුරට පෙනුනු අයුරු මෙන්න..

වසර 10 කට පසුව ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහනයක් අද උදෑසන උතුරේ ජනතාවට ඉතා හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.

උතුරු පලාතේ මුලතිව් ,යාපනය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන් වෙතට ඉතා හොඳින් මෙම වලයාකාර සූර්යාග්‍රහනය නිරීක්ෂණය වූ අතර එම සූර්යග්‍රහනය නිරීක්ෂණය කිරීම සඳහා තාරකා විද්‍යා නිරීක්ෂණ කමිටුද අද උතුරු පලාතට පැමිණියහ.

මේ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සූර්යග්‍රහනය වෙනුවෙන් විශේෂ වූ නිරීක්ෂණ කඳවුරක් ඉදිකොට තිබූ අතර මේ සඳහා යාපනය විශ්වවිද්‍යාලය මෙන්ම කොළඹ හා පේරාදෙනිය විශ්වවිද්‍යාලයන්හි තාරකා වද්‍යා නිරීක්ෂණ නිලධාරීන් සහභාගී වී සිටියහ.

වලයාකාර සූර්යග්‍රහනය නැරඹීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් මේන්ම යාපනයේ පාසල් රැසක සිසු දැරියන්ද යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ සිටි අතර මේ සඳහා තාක්ෂණ හා නවඋත්පාදන අමාත්‍යංශයද පූර්ණ සහය ලබා දී තිබූ අතර යාපනය විශ්ව විද්‍යාලයේ සූර්යග්‍රහනය නැරඹීම සඳහා තාක්ෂණ හා නව උත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාද සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26,990 Viewers

2 Comments to “කලාතුරකින් ලංකාවට පෙනෙන වලයාකාර සූර්යග්‍රහනය උතුරට පෙනුනු අයුරු මෙන්න..”

  1. ☀ ☀ ☀ ☀ ☀ ☀ says:

    ග්‍රහනයට හසුවුන කොටි දමිළ තරුන
    හිරු උදාව දැක හිත දැඩිව සවිය කරන
    අදිටන නව අලුත් අවුරුදු උදාවෙ ලබන
    සමඟිව දිනපු සිහළ රටක් ලොව දකින

  2. සිංහලයාට ආපූ ජය නියත ග්‍රනය හිඳුන්ට අපලයි බිලිබෝයිස්ලා වන කාලය අත ලඞ​???????????

Main News