කලාප 04කට බෙදා රට පුරා විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න..

August 18, 2020 at 5:05 pm | lanka C news
කලාප 04කට බෙදා රට පුරා විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න..

අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධි කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ දිවයිනම කලාප හතරකට වෙන් කර අවස්ථා 04දී එම විදුලිය විසන්ධි කිරීම සිදු කරන බවයි.

A – පස්වරු 06.00-07.00
B – පස්වරු 07.00-08.00
C – පස්වරු 08.00-09.00
D – පස්වරු 09.00-10.00
දක්වාත් විදුලිය විසන්ධි කරයි.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් දින හතරක පමණ කාලයක් මෙම විදුලි විසන්දි කිරීම සිදුවන බවයි.

ඊයේ දිනයේ සිදුවූ විදුලිය බිද වැටීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරය අක‍්‍රිය වීම නිසා එය යලි සක‍්‍රිය වන තෙක් මෙම විදුලිය සිදලීම ක‍්‍රියාත්මකය.

 

104,751 views

32 Comments to “කලාප 04කට බෙදා රට පුරා විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න..”

  1. UD Jaya says:

    විදුලි මණ්ඩලයේ මුදලින් බිස්නස් කරන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ පාලකයෝ
    ලංකා විදුලිබල මණ්ඩලයේ මුදලින් අලුතින් ආයතන පුද්ගලික් නම් වලින් ආරම්හ කරන යු ඩී හොර ගැන්සිය හමුවේ ඩලස් ඇමැතිතුමාත ලේකම් තුමියත් නිහඬව සිටීද ?

Main News