කලාබලලු රක්ෂිතය ඩෝසර් කරලා.. විශාල ගස් කුට්ටි කරලා..

January 19, 2021 at 5:30 pm | lanka C news
කලාබලලු රක්ෂිතය ඩෝසර් කරලා.. විශාල ගස් කුට්ටි කරලා..

ධාතුසේන රජතුමා විසින් කරවූ බව සඳහන් කලා බලලු වැව ආසන්න රජයේ රක්ෂිතයේ ඇති විශාල ගස් කොළන් ප්‍රමාණයක් කපාදමා ඩෝසර් කරමින් ඇතැයි ප්‍රදේශයේ වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

එම ප්‍රදේශයේ පිහිටි විශාල භූමියක් මෙය වන විට ඩෝසර් කර සුද්ධ පවිත්‍ර කොට ගිනි තබා ඇති බවත් එහි තිබූ වටිනා ගස් යන්ත‍්‍ර දමා කුට්ටි කර ඇති බවත් ඔවුහු කියති.

ඒ ආසන්නයේම යම්කිසි ඉදිකිරීමක් සිදු කරමින් ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාවේ අවසර දුන් බව සඳහන් කරමිනි.

13,999 views

13 Comments to “කලාබලලු රක්ෂිතය ඩෝසර් කරලා.. විශාල ගස් කුට්ටි කරලා..”

  1. ක්‍රිමිනල් says:

    සිස්ටම් චේන්ජ් එකෙන් රට සුද්ද කරලා ගන්නවා කියලා කිව්වහම , අපි හිතුවෙ රටේ ආකල්ප සුද්ද බුද්ද කරලා ගනී කියලා ,දැන් කරන්නේ කැලෑ ටික සුද්ද කරලා දාන එකනේ..😂😂😂