කලාව සහ කලාකරුවා අමතක කළ බවට ආණ්ඩුවෙන් ලිඛිත සහතිකයක්..

November 16, 2016 at 8:02 am | lanka C news
කලාව සහ කලාකරුවා අමතක කළ බවට ආණ්ඩුවෙන් ලිඛිත සහතිකයක්..

කලාව සහ කලාකරුවා අමතක කළ බවට ආණ්ඩුවෙන් ලිඛිත සහතිකයක් මෙවර අයවැයෙන් ලබා දී ඇති බව පොදුජන කලා පෙරමුණ පවසයි.

එහි කැදවුම්කරු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා සහ ගායන ශීල්පී ක‍්‍රිෂාන්ත එරන්දක විසින් මෙසේ සදහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

කලාව සහ කලාකරුවා අමතක කළ බවට ආණ්ඩුවෙන් ලිඛිත සහතිකයක්

2017 අයවැයෙන් රටේී සමස්ත ජනතාව දරු්ණු ලෙස පීඩාවට පත්කර තිබියදී කලාවට සහ කලාකරුවන්ට සිදුකර ඇති අසාධාරණයද පහසුවෙන් හඳුනා ගත හැක. වර්තමාන ආණ්ඩුව බලයට පත් කළ සිවිල් සංවිධාන සියල්ලෙහිම පාහේ ප‍්‍රමුඛ චරිත ලෙස කැපීපෙනුනේ කලාකරුවන්ය කලාකරුවන්ගේ පුර්ණ සහයෝගයකින් බලයට පැමිණි ආණ්ඩුවකට කලාව සහ කලාකරුවන් කෙරෙහි සුවිශේෂීී වගකීමක් තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් කලාකරුවන්ගේ උරමතින් බලයට පැමිණි ආණ්ඩුව අද කලාකරුවන්ගේ ගෙලට සහ කලාවෙහි හිසට පය තබා තිෙබී. වර්තමාන රජය බලයට පත් වූ දා සිට මේ දක්වා කලාකරුවන් කෙරෙහි සාධාරණ අවධානයක් යොමුකර නැත. දින සියයේ අයවැය මෙන්ම 2016 අයවැය තුලින්ද කලාවට සහ කලාකරුවන්ට සිදුවුනු කෙණෙහිලිකමි දෙස අපි නිහඬව බලා සිටියේ 2017 අයවැය තුලින් හෝ ප‍්‍රමාණවත් රාජ්‍ය මැදිහත්මක් සිදුෙවි යැයි අපේක්ෂාවෙනි. නමුත් 2017 අයවැයද පුරුදු පරිදි කලාව සහ සංස්කෘතිය නොවැදගත් තැනකට තල්ලූකර දමා තිෙබී.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කලාව සහ කලාකරුවා වෙනුවෙන් සියල්ල ඉටුකර නැත . නමුත් කලාකරුවන්ට පොලීරහිත වාහන ණය ලබාදීමෙන්ද, ජීවන දුෂ්කරතා කලමණාකරණය කර ගැනීම සහ මරණයකදී මුල්‍යාධාර සපයමින්ද, පහසුකමි රැසක් ලබාදී තිබුනි. තවද, කලාපුරයේ ඉඩම් සදහා සින්නක්කර අයිතිය ලබාදෙමින් සිනමා කර්මාන්තය ඇතුළු නිර්මාන කර්මාන්ත වෙනුවෙන් සහන පොලී ණය පහසුකමි ලබාදිමෙන්ද, නොනැවතුනු මහින්ද රාජපක්ෂ පාලන සමය ටවර් හෝල් රඟහල, එල්පිෆින්ස්ටන් රඟහල , ජෝන්ද සිල්වා සමරු රඟහල සහ රුක්මනීදේවි රංග නිකේතනය අති නවීන පහසුකම් සහිතව නවීකරණය කළේය. යුද්ධය අතරතුර මේ සියල්ල ඉටුකළ මහින්ද රාජපක්ෂ ජනාධිතිවරයා අවසානයේදී නෙළුම් පොකුණද ජාතියට තිළිණ කළේය. මේ සියල්ලට සාපේක්ෂකව සලකා බලද්දී වර්තමාන රජය කලාව සහ සංස්කෘතිය පෝෂණය කිරීම සහ කලාකරුවන්ගේ අභිවෘද්ධිය සැලසීම අතින් තවමත් අසමත්ය. එළඹෙන 2017 වසරද කලාව වෙනුවෙන් සැලකිය යුතු යමක් සිදු නොවන දින 365 ක් බව මෙවර අයවැය ලිඛිතව සනාථ කර තිෙබී. කලාකරුවන්ගේ නිර්මාණ නිදහස සහ අභිමානය සහතික කරන බව සපථ කල ආණ්ඩුව බලයට පත් වු මොහොත් සිට කටයුතු කරන ආකාරය ෙඛීදජනකය. කලාව වෙනුවෙන් කිසිවක් නොකිරීමෙන් නතර නොවුනු ෙමී ආණ්ඩුව කලකරුවන්ට හිමිව තිබු බොහෝදේ අහිමිකර ඇත. සුදර්ශී ආයතනය විකුණා දැමීමටද ආණ්ඩුව පිඹුරුපත් සකසා අවසන්ය.

කුරුණෑගල කුඹුක්ගැෙටී ප‍්‍රදේශයේදී කලකරුවන් පිරිසකට පසුගිය ජනාධීපති සමයේ එල්ල වූ මැර ප‍්‍රහාරය උපරිමයෙන් සමාජයට අලෙවි කරමින් කලාකරුවන්ගේ සහ කලා රසකාමීන්ගේ ඡන්දය ඉහළින්ම දිනාගත් ආණ්ඩුව එම මැර ප‍්‍රහාරයට යුක්තිය ඉටුකල ආකාරයද, විහිළුසහගතය.. ප‍්‍රහාරයෙන් වින්දිතයන් වූ කලාකරුවන්ට ආණ්ඩුවෙන් අවම යුක්තියවත් ඉටුවූයේ නැත. අවසානයේදී මැර ප‍්‍රහාරය එල්ලකළ කණ්ඩායෙමී ප‍්‍රධානියා එම ප‍්‍රදේශයේ ආණ්ඩුෙවී නිල ප‍්‍රධානියා ලෙස පත්කිරීමට තරමි ආණ්ඩුව අමානුෂීක විය. කලාව සහ කලාකරුවන් කෙරෙහි එලෙසින් ද්ෙවීශසහගත වු ආණඩුවකින් කලාෙවී අභිවෘද්ධීය හෝ කලාකරුවන්ගේ සභසිද්ධිය අපේක්ෂා කිරිම අමාවක අහසින් සඳ එළිය පතනවා වැනි යැයි අපට හැෙඟ්්.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ
කැඳවුමිකරු
පොදුජන කලා පෙරමුණ

ගායන ශීල්පී ක‍්‍රිෂාන්ත එරන්දක
පොදුජන කලා පෙරමුණ

9 views

2 Comments to “කලාව සහ කලාකරුවා අමතක කළ බවට ආණ්ඩුවෙන් ලිඛිත සහතිකයක්..”

  1. Sathya says:

    Athi danwath aththa theruna.

  2. Olu says:

    Venasa sapada? Thopita wada buddhimath kalakaruwo nam Mahinda samagayi hitiye. Thopi nikam apathayo.

Main News