කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති
May 14, 2021 at 10:29 pm | lanka C news
කොරෝනා පාලනය සඳහා හමුදාව මැදිහත් නොවූයේ නම් කොරෝනා ආසාදිතයන්ට මේ වන විටද ඇඳන් නැතිව බිම නිදා ගැනීමට සිදුවුන තත්ත්වයක් උදාවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අද රට තුළ කොරෝනා ආසාදිතයන් 25,000කට අධික ප්‍රමාණයක් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇත්තේ ඇඳන් 8000 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනාම සඳහා පහසුකම් සලසා දී ඇත්තේ හමුදා විසින් බවත් ඔහු පැවසීය.
කොරෝනා එන්නත් කිරීමේදීද දිනකට එන්නත්කරණය කලේ 2000-3000ක් අතර ප්‍රමාණයක් බවත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඒ සඳහා හමුදාව යෙද වූ පසු දිනකට 50,000 ඉක්මවා එන්නත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
දෙරණ රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
WELL DONE SIR. I HOPE ARMY WILL BE PERMITTED TO OPEN LCs TO GET COUPLE OF MILLIONS OF CHINES/RUSSIAN VACCINE. LEAD TIME WILL BE A FEW WEEKS.STATE BANKS SHOULD PERMIT THE LC`S TO BE OPENED ON NIL MARGIN. FUNDS CAN BE RELEASED WHEN SHIPMENTS ARE READY. THOSE IN THE PUBLIC WHO CAN AFFORD MAY BE REQUESTED TO PAY MONEY TO THE ARMY ACCOUNT IN ADVANCE .AS FOR ME I WILL PAY FOR MY WIFE AND FEW MORE THAT CAN BE GIVEN TO THE NEEDY
A great work from security forces. It shows their talents not only in war but also in health services. 50k in a day means a big achievement. Tour triumph is highly appreciated Commander.
ඔයා හරි නරකයි …. සමනලකරණයට වඩා මිලිටරිකරණය හොඳයි කියලා ඔයාලා දවසින් දවස තහවුරු කරනවා … අපිට යන්න එන්න තැනක් නැති කරන්න හදන්නේ ….
ඔබලා නැති නම් අපට රටක් නොමැත.
කොරෝනා එන්න කලිනුත් ගම්පහ රෝහලේ පැරණි වාට්ටු සංකීර්ණවල රෝගීන් ඉඩ නැතිව බිම තමා උන්නේ යුධ හමුදාපතිතුමනි
ඒ කාලේ හමුදාවට කිව්වෙ නෑනෙ හදලා දෙන්න කියලා….
ඇමරිකානු රජය හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පවුලේ අයට එරටට පැමිණීම තහනම් කර තිබියදී මෙරට ඇතැම් රාජ්‍ය ආයතන ඇමෙරිකානු නිලධාරීන්ට හොර රහසේම ශ්‍රී ලංකාවට ඒමට වීසා නිර්දේශ ලබාදීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
මියන්මාරයේ සේවය කරන හිටපු ඇමරිකානු හමුදා නිලධාරියකුටත් සේවාස්ථ වීසා බලපතක් ලබාදී තිබෙනව බව ඉහළපෙළේ ආරංචි මාර්ග හෙළිකළේය.
මෙම ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරියාට වීසා නිර්දේශ කළ යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය වුවත් එම කාර්යාලයට හොරෙන් වෙනත් රජයේ ආයතනයකින් වීසා නිර්දේශ ලබා දී ඇත.
රාජ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් රාජය ආයතන විදේශිකයන්ට වීසා නිර්දේශ ලබා දිම පිළිබඳව වහාම පරීකශණය කළ යුතුයි..!
අමෙරිකානුවන්ගේ සහ බ්‍රිතාන්‍යයන්ගේ ඔ්ස්ට්ර්ලියානුවන්ගේ ඇතුඵ බටහිරයන්ගේ වීසාබලපත්ර ශ්රීලංකියන්ට සලකන ආකාරයටම දැඩිපාළණයකට ලක්කළයුතුයි..!