කලින් කොරෝනා පාලනය කිරීමෙන් පසු ජනතාව, මාධ්‍ය වගකීම අමතක කිරීමෙන් අද තත්වය ඇති වුණා..- ජනපති

November 10, 2020 at 2:17 am | lanka C news
කලින් කොරෝනා පාලනය කිරීමෙන් පසු ජනතාව, මාධ්‍ය වගකීම අමතක කිරීමෙන් අද තත්වය ඇති වුණා..- ජනපති

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටී.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය 09 පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය” ජනාධිපතිතුමා පැවසීය.

“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේදීම සුවපත් කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුය” ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් වෛද්‍යවරුන් මගින් ජනතාව ගෙන යාම මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වගකීමක් සහ යුතුකමක් බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

“කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනී යන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි”

“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළයුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට “පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්” ජනාධිපතිතුමා පැවසීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

22,599 views

21 Comments to “කලින් කොරෝනා පාලනය කිරීමෙන් පසු ජනතාව, මාධ්‍ය වගකීම අමතක කිරීමෙන් අද තත්වය ඇති වුණා..- ජනපති”

  1. ක්‍රිමිනල් says:

    අනේද කියන්නේ ! ගොං බෛයි හැත්ත පත් කරගත්තු නායකයා එදා කිව්වේ කොවිඩ්19 රට බේරා ගත්තේ මම එක හින්දා චන්දේ දෙන්න කියලා ,දැන් කෙලවෙනකොට අපි පලි , කොවිඩ් ඉවරයි කියලා චන්ද තියලා ,කිසිම නිරොධායන නිතීයකට අනුකුල නොවන ආකාරයට රටට කොවිඩ් එන්න ඇරලා දැන් අපි පලී , අන්දරේ මීට හොදයි..මෝඩ බෛයි පාණ්ඩුව උන්ටත් කෙලලා අපිටත් කෙලින්නේ හරහට…😂😂😂😂😂

  2. prasantha says:

    YES OF COURSE, WE ARE FOOLS TO PUT US AND OUR FAMILY IN TO A RISK AND GO TO WORK. I AM EAGLY WAITING TO SEE AL RAJAPAKSAS GET CORONA.GOD IS WITH US.

  3. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    වැරදුනේ අවුරුද්දකට කලින්. ජනපතිවරණයෙදි.

  4. PRIYANKA says:

    ow dannam muta pissu une senaga goda karan gam wate giye maithreeta eha mongalyak

  5. Sweden Doc says:

    60 million Per day just for PCR?. Sri Lanka Cannot afford this. In Sweden we pay 50% income tax, Still they restrict PCR testing.

    • ක්‍රිමිනල් says:

      Idiot ! We pay double the tax than Swden as indirect taxes up in SL and wonder why the capital F GOSL whines about 60mil LKR allocated for PCR testing which most of the kits and machines being donated by both china and WHO.
      F.Y.I , GOSL can afford to buy antigen test kits by paying extra 200 rupees whilst such kits being donated already . Quit been an ignorant baffoon.

Main News