කලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..

May 2, 2020 at 2:10 pm | lanka C news
කලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.

ඉකුත් මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩ IDHරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වන දින නැවත නිවසට යවා ඇත.

ඉන් අනතුරුව නිවසේ දී නිරෝධායනය වෙමින් සිට ඇති මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලේ ට රැගෙන ගොස් තිබේ. එහිදී එම රෝගියාට නැවතPCR පරීක්ෂණ ය සිදු කර ඇත. එහිදී අද (02)දා අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.

ජා-ඇල ප්‍රසංග පෙරේරා
– ada

365 views

32 Comments to “කලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..”

  1. Tony says:

    So many mentally retarded people in Sl.here they are talking about second wave, but these mentally ill pisso talking politics.

  2. m ahinda says:

    desapaluvanta meka hadenne nadda?

  3. Aurora says:

    කොරෝනා හැදුන වහාම දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකාර දින තුනක් ලබාදිය යුතුයි. එවිට ප්‍රතිශක්තිය වැඩිවෙන බවයි දේශීය හා ආයුර්වේද වෙදදුරන් කියන්නේ. ඔවුන්ගේ වෙදකම ප්‍රතිශක්තිය වර්ධනයට උපකාර කර ස්වභාවික දේහ ප්‍රතිශක්තිය වැඩිකිරීමයි. මුල් දින තුන තුලදී ලබාදෙන මෙම ප්‍රතිකාර නිසා රෝගියා ශක්තිමත්ව වෛරසයට යට නොවී ප්‍රතිශක්තිය වැඩි වෙනවා. නමුත් බටහිර වෙදකමේ ප්‍රතිශක්තිය වර්ධනයට උපකාර කරන ක්‍රමයක් නැහැ, රෝගියා විහින්ම ප්‍රතිශක්තිය වැඩිකරගන්නකම් බලන් ඉන්නවා. ආසාදනය වැඩිවුනොත් නියුමෝනියාවට ආවොත් වෙන්ටිලේටර් පහසුකම් දෙනවා. ඉතින් මුල් දින 3-4 ප්‍රතිශක්තිය වර්ධනයට උපකාර කරණ දේශීය හා ආයුර්වේද වෙදදුරන්ගේ සේවය ලබාදුන්නොත් රෝගියා සුවවෙනවා.

    • Sajith says:

      රෝග විනිෂ්චය කිරීමට දේෂීය වෙදකමෙන් පුලුවන් ද?? PCR වැනි ක්‍රමයක් තිබේද?? එසේ තිබේ නම් මෙහි පලකරන්න. රෝග විනිෂ්චය නොකර රෝගයට ප්‍රතිකාර ගැන කතා කිරීම විහිළුවකි

      • amda says:

        ඉතින් යකො PCR තියෙන්නෙ ඒකටනෙ.තව මොකටද වෙනත් රෝග නිගමන කරන්නෙ.PCR තියාගෙන දේශීය වෙදකමෙනුත් රෝගය හොයාගන්න කියලද තමුන් කියන්නේ? ඒක දේශීය වෙදකමෙන්ම කරන්න කියල නීතියක් නෑහැනෙ. කරල ලෙඩේ අදුනගත්තහම දේශිය වෙදකම කරල බලනව.මෙතන රෝග නිගමනය කරන ක්‍රමයක් ගැනම අහ අහ වැලලෙන්න හදන්නෙ ඇයි.දන්න පොඩි දෙය කියාපාලපොරක් වෙන්න යන්න එපා.පේන්නෙ උබේ මෝඩකමයි.මෙතනදී බේදයක් නෙවෙයි ඕන.ලෙඩේ හොද කරගන්න එපයි.පණ්ඩිතය වෙන්නෙ නෑතුව කමෙන්ට් එක කියවලා ඒකට ගෑලපෙන රිප්ලයි එක කියනවා හලෝ

        • Sajith says:

          එතකොට ලෙඩේ හොද වෙලාද කියලා වත් බලාගන්ඩ විදියක් ඔබට තියනවාද..ඒකටත් නැවත බටහිර වෙදෙක් ලගට රැගෙන යායුතු ද???මෙතන බොරු දාල කාලය නාස්ති කරන්නැතුව ඔය ප්‍රතිශක්තිය වැඩි කරන ඔසු වට්ටෝරුව මෙතන දාන්ඩ. එතකොට අපි හැමෝම ඒක බීලා කෝරෝනා වලින් බේරෙමු.

          • AMDA says:

            උඹල වගේ බක පණ්ඩිතයෝ ඉන්නකල් මේ රට හදන්න බැහැ , උඹ දන්නේ නැතිඋනාට බටහිර වෙදකමෙන් හොඳ කරන්න බැරි දේවල් දේශීය වෙදකමෙන් කරනවා ,නැතිනම් හෝමියෝපති ක්‍රමෙන් කරනවා. ලෙඩේ හොයාගන්නේ වෙස්ටෙර්න් Science වලින් වෙන්න පුළුවන් හැබැයි හොඳ කරන්නේ වෙස්ටර්න් medicine වලින් නෙවෙයි. වෙන එකකින්.
            හොරිවිල වේදමහත්තයත් X-Ray බලනවා හැබැයි සිංහල බෙහෙත් කරලා අමාරු වැඩ ගොඩ දානව,කිරීබ්බංආරෙ වීරසිංහ වේද මහත්තයත් SGPT ,SGOT ,බලනවා හැබැයි සිංහල වෙදකමෙන් Fatty liver ලෙඩේ හොන්දකරනවා, වල්නාශක ගහපුවහම මොනවත් නැහැ වේදකමෙන්ම හොඳකරනවා ,
            හරියටම නාඩි වෙදකම් දන්නා වේද මහත්තයෙක් ගාවට ගියොත් උඹට Scan නැතිව ලෙඩේ තියෙන තැන කියනවා ,එහෙම ඒවා තියෙනවා බොල .නොදන්නා ළමයෙක්වගේ කතා කරන්න එපා.
            සුදුකබර වලට ඉංගිරිසි බෙහෙත් නැහැ , හපයි තලවතුගොඩ ඉන්නවා හොඳ “උඹල ගොඩේ කියල සලකන ” වේද නෝනා කෙනෙක් මාසෙන් ගොඩ .පිටරට ඉඳලත් කට්ටිය එනවා ..

            තව තියෙන ,ලිය ලියා ඉන්න වෙලාවක් නැහැ .

            එහෙම ඒවා තියෙනවා බොල .නොදන්නා ළමයෙක්වගේ කතා කරන්න එපා.

      • Aurora says:

        PCR ටෙස්ට් සහ virology කියන්නේ විද්‍යාවේ නව සොයාගැනීම්. ඒවා කිසිවෙකුට සින්නක්කරේ අයිති නැහැ. PCR ටෙස්ට් නැතිව වෛරස් හඳුනාගැනීමේ තාක්‍ෂණයක් අපේ රටේ අතීතයේ තිබුණා වුනත් බ්‍රිතාන්‍ය කොල්ලකාරයෝ ඒ දැනීම පැහැරගෙන ගිහින් රඳවාගෙන ඉන්නවා කියන එකත් අමතක කරන්න බැහැ. ventilators කියන්නේ බටහිර වෛද්‍යවරු පවිච්චිකරණ උපකරණයක් වුනාට ඉංජිනේරුමය දැනීම යොදාගෙන හදපු උපකරණයක්. අද ඉංජිනේරුමය දැනීම යොදාගෙන හදපු උපකරණයක් වන electric grinder පාවිච්චි කරලා දේශීය බෙහෙත්, කොළ, පොතු කුඩුකර ගත්තට ඒක වැරදිද කියන එක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ තීරනය කලයුතුයි.

  4. Mann says:

    Viraemia can persist with intermittent shedding as in the case of Pablo Dyabala, the Juventus football player shows

  5. සමනා says:

    අප්පේ ! මේ කොමෙන්ට්කරුවන් දන්නදේවල් ! කාර්යසාධක බලකායේ ඉන්න තිබ්බේ මෙ අයයි !

Main News