කලුගංතොට චණ්ඩියා නුවර චන්ඩින් සිවුදෙනාට එක තබා නෙලයි.. මහින්දටත් රාජපක්‍ෂ පවුල් පාලනයටත් රිදෙන්නම ගහයි..[Video]

October 17, 2018 at 10:40 pm | lanka C news
කලුගංතොට චණ්ඩියා නුවර චන්ඩින් සිවුදෙනාට එක තබා නෙලයි.. මහින්දටත් රාජපක්‍ෂ පවුල් පාලනයටත් රිදෙන්නම ගහයි..[Video]

මහනුවරදී මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු තමන්ව විවේචනය කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතාද එම වේදිකාවේ සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.

තමන් කිසිවෙකුගේ වහලෙකු නොවන බවත් මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ජ්‍යෙෂ්ඨත්වය අනුව පවුලෙන් පිට පුද්ගලයෙකුට දිය යුතු බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය පවුලටම උරුම වූ දෙයක් නොවන බවත් එව පවුපෙන් පිට වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට දීම වඩාත් සුදුසු බවත් මන්ත‍්‍රීවරයා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මතුගමදී පවත්වන ලද ජනහමුවක් අමතමිනි.

කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිළුම් අමුණුගම යන මන්ත‍්‍රීවරුන් විසින් එල්ල කරන ලද විවේචනයන් සම්බන්දයෙන්ද ඔහු එහිදී දැඩි ලෙස විවේචන ඉදිරිපත් කලේය.

195 views

50 Comments to “කලුගංතොට චණ්ඩියා නුවර චන්ඩින් සිවුදෙනාට එක තබා නෙලයි.. මහින්දටත් රාජපක්‍ෂ පවුල් පාලනයටත් රිදෙන්නම ගහයි..[Video]”

  1. Dinesh says:

    oya UNP podhu apekshakaya wenna..

  2. Rathgama MC says:

    ගොඩක් අය වල්ගේ පාග ගෙන ඉන්නෙ .වෙල්ගමගේ කිසිම අදහසක් නැහැ ජනාධිපති අපේක්ෂකයා වෙන්න.විපක්ෂ නායක කමටත් වෙල්ගම ඉල්ලලා නොවෙයි යෝජනා කලේ මහින්ද මහත්තයමයි.වෙල්ගම තනතුරු පස්සේ යන්නේ නැහැ.වෙල්ගම නිතරම කියන්නේ මහින්ද ගේන්න ඕන 2 ට නොවෙයි 1 ට කියලයි.මහින්ද 1ට, ඇවිත් මහින්ද තීරණය කලොත් පමණක් 2 වෙල්ගමට දෙන්න ඒක බාර ගන්න වෙල්ගම පස්ස ගහන්නෙත් නැහැ, එය සාර්ථකව කරන්න අවශ්‍ය දැනුම් සම්භාරය ,අත්දැකීම් සහ පළපුරුද්දත් ඒ සඳහා අවශ්‍ය සියලුම සුදුසුකමුත් වෙල්ගම සපුරා තියෙන්නේ.ජනාධිපති සිරිසේනට වඩා ගොඩක් ඉදිරියෙන් වෙල්ගම ඉන්නේ.හැබැයි තනතුරු වරප්‍රසාද වෙනුවෙන් වෙල්ගම එහාට මෙහාට පනින මිනිහෙක් නෙවෙයි,එතුමා ශ්‍රීලනිපයේ ඉන්න වමේ මිනිහෙක්.අනික පක්ෂයත් මහින්ද මහත්තයත් තීරණය කලොත් ගෝටාභය අපේක්ෂකයා කරන්න වෙල්ගම බදුල්ල රැලියේදී පැහැදිලිවම කිවුව ගොටාභයට කැපවෙලා වැඩ කරන බව.වෙන එකක් තියා බාරකාර ආණ්ඩු හදල සිරිසේනගේ රැවටීමට අහුවෙන්න වෙල්ගම අකමැති උනත් මහින්ද මහත්තයට ඕන නම් බාරකාර ආණ්ඩුවක් හදල අගමැති වෙන්න,වෙල්ගම කිවුව නේ ඒකට චන්දය දෙනවා කියල මහින්ද මහත්තය වෙනුවෙන්.2/3 අවශ්‍ය තැන් වලදීත් චන්දය දෙනවා හැබැයි මගේ මතය මෙය නොවන නිසා මේ පාප කර්මයට මට හසු විය නොහැකි නිසා කා හටත් මෙය අත්දැකීමෙන්ම තේරුම් යනතුරු වෙල්ගම හරි කියන එක, එතුමා විපක්ෂයේ වාඩි වෙනවා කියල.ඒ නිසා වෙල්ගම යනු තනතුරු තානාන්තර, ජනපති අපේක්ෂකත්වය පිළිබඳව සිහින මවන්නේ නැති එහෙත් ජනතාවට නොසඟවා ඇත්ත කියන,කා හටවත් බය නැති, ජනතාවාදී සරල නායකයෙකි.කොටින්ම පොහොට්ටුවේ වෙල්ගම චරිතය දෙවෙනි වන්නේ මහින්ද චරිතයටම පමණි.එකම දෙය ඔය ගෝටාභය උමතුවෙන් පෙලෙන අය,හිතාගෙන ඉන්න මහින්දට බැහැ රට හදන්න ගෝටාට විතරයි පුළුවන් කියන මතයත් සමග ගෝටා කරලියට ගෙනත් මහින්ද කුණුබක්කියට දාන්න නම් වෙල්ගම කිසිසේත් සුදානම් නැත.
    ඔය වෙල්ගමට මඩ ගහන ගෝටා උමතුවෙන් පෙළෙමින්, මහින්දට බැහැ රට හදන්න ,මහින්ද ආවොත් ආයෙත් හොරුත් එක්ක එකතු වෙලා පරණ පුරුදු ලෙසම රට විනාශ කරනවා යන මතය දරමින්,මෙවැනි අදහස් තියෙන පොස්ට් මුහුණු පොතට දමමින් ,දේශපාලඥයෙක් නොවන ගෝටා ගෙනත් මහින්ද කුණුබක්කියට දමා දරදඬු පාලනයකින් රට හදන්න පුළුවන් කියල හිතන අය කරන්න හදන මෝඩ තකතීරු වැඩේට නම් වෙල්ගම කිසිදා ඉඩ දෙන්නේ නැත.ඒ වගේම ඒ පිස්සන් තේරුම් ගන්න ඕන සිරිසේනට බයේ මුළු ගැන්වී සිටිමින් ඈත සිට මහින්ද සුළඟ රැලි නැරඹුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන මහින්දානදලාගේ බය නැතිකාලේ වෙල්ගම පෙරමුණ අරගෙන බව .එසේ නොකලා නම් අද ඒකාබද්ධයකුත් නැත එහෙනම් පොහොට්ටුවකුත් නැත,බිහිවන්නේ විමල්ගේ වාසුගේ ගම්මන්පිල්ලේගේ,දිනේෂ් ,තිස්ස විතාරණගේ හයියෙන් වමේ පොඩි සන්ධානයක් පමණි.මේ අයුරින් ගෝටා සමග ඉන්නේ ගුණමකු අවස්ථාවාදීන් පිරිසක් බව ගෝටාභය මහත්තයවත් තේරුම් නොගෙන එතුමාගේ අනුගාමින් වෙල්ගම වැනි පොහොට්ටුවේ වීරයින්ට මඩ ගැසීමට ඉඩහැර නිහඬව සිටීම පොහොට්ටුවේ අවාසනාවකි.බැසිල් රාජපක්ෂ මහතා වහාම මේ ගැන සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුය.

  3. CTB කොන්දොස්තර says:

    මී ලඟ ජනාධිපතිවර්නයට අපේක්ශකයා ඉදිරිපත් කරන්නෙ පොදුජන පෙරමුනෙන්, ඔය වල්ගම හා සීනියර් යයි කියන කවුරුවත් තාම පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගෙන නැත. එසේනම් ඉදිරිපත්විය හැක්කේ ජී.එල් හෝ බැසිල්ට පමනි. ඔය උඩුබුරලන උන් තාම ශ්‍රි.ල.නි.ප සාමාජිකයන්ය.
    තවද අපේක්ශකත්වය දිය යුත්තේ හැකියාවට හා ජනතා කැමැත්තටය. එසේ නොවීනම් 2005දී මහින්ද වෙනුවට දියයුතුව තිබුනේ දී.මූ ට හෝ රත්නසිරි වික්‍රමනායකටය. 1994දි දිවයුතුව තිබුනේ සිරිමාවෝ නොමැතිනම් ධර්මසිරි සේනානායක හෝ කේ.බී. රත්නායකටය.
    1994 දී චන්ද්‍රිකාත්, 2005දී මහින්දත් අවේ ජනතා කැමැත්තටය.
    මෙවරද ජනතාවට ඔනෙ ගෝටා නම් ඔහුට දියයුතුය, හැබැයි වල්ගම නොවන බව පැහැදිලියි. නයනාට වල්ගම ඔනෙඋනාට ජනතාවට එපානම්, කරන්නදෙයක් නොමැත දෙවියනි. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • Rathgama MC says:

      එතනදිත් මහින්දට අපේක්ෂකත්වය ලැබුනේ ඔබලා ඔය ගරහන වෙල්ගම කල අරගලය නිසාය එහෙම නැතිව ජනතාව ඉල්ලුව නිසා නම් නොවේ.මුලින්ම මහින්ද අපේක්ෂකයා කරන්න කියල චන්ද්‍රිකාට කිවුවේ කවදත් බය නැතිව නිවැරදි පැත්තේ හිටගන්න එඩිතර නිර්භීත වෙල්ගමය.මේ හේතුව නිසා චන්ද්‍රිකා අදටත් වෙල්ගම එක්ක අමනාපයි,අනුර බණ්ඩාරනායක මරෙනතුරුම වෙල්ගම එක්ක කතා නොකළේය.වෙල්ගමට මද ගැහීම උග්‍ර වුවොත් එය පොහොට්ටුවෙන් පාළුවක් ගැලවීමට හේතු වනු ඇත.එත් ඔය මුහුණු පොතෙත් මෙතනත් ඉන්න වෙල්ගමට බනින ගෝරා කල්ලියේ අය චන්දය දෙන නිසා ප්‍රශ්නයක් නැත.ගෝටාට 65% ක් විතර හෙවත් චන්ද ලක්ෂ 80 ක් පමණ ගෙන ජයගෙන මහින්ද මහත්තය කුනුබක්කියටම තල්ලුකල හැක.ඕක තමයි වෙන්න යන්නේ,හැබැයි වෙල්ගමලා ඕක වෙන්න දෙන්නේ නැත.එතුමන්ලා මහින්ද මහත්තයට රාජ්‍ය නායකත්වයත් ගෝටාට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමත් ලබාදෙන සටන අතහරින්නේ නැත.මහින්ද මහත්තයත් මෙය තේරුම් නොගෙන ගෝටා අපේක්ෂකයා කලොත් එදිනම පොහොට්ටුවේ පාළුවක් ගැලවෙනු ඇත.

  4. jagath says:

    වෙල්ගමට බනිද්දි මහින්ද මහත්තයා කට වහගෙන හිටපු එක වැරදියි. මහින්ද මහත්තයා පරාද වෙච්ච වෙලාවේ එතුමා ලගින් හිටිය කීපදෙනාගෙන් එක්කෙනෙක් තමයි වෙල්ගම. සිරිසේන ළගට ගියානම් එතුමාට ලොකුම ඇමතිකමක් ගන්න තිබුනා.

  5. welgamadotcom says:

    ජෙෂ්ටත්වය බලන්නේ වැඩ වලින් නම් ගෝටා එකෙන්ම

  6. Yatipiyangala says:

    Mama Samanya JAnathawa niyojanaya karana kenek. Mage dakkme hatiyata Hitapu JAnapathi MR gawata danata janathawage wadipura manapaya dinaganna puluwan ekama kena Gotabaya R thama. oya kawruth randuwenne oyalage wate indala. ea mithyawak. Dan pata pakshawalata chandaya dun kalaya iwarai . Hondata hithla wada karanna welgama amathithumo. Danata kawruth inne MR wate.

Main News