කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඔ්නෑ..

October 12, 2020 at 8:02 am | lanka C news
කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඔ්නෑ..

මහාමාර්ග ඉදිකිරිම් හා සංවර්ධනයට අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සදහා අදාල රාජ්‍ය ආයතන සමග සකච්ඡාවක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුනි.

මෙහිදී ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන ලදී. එමෙන්ම භූවිද්‍යා හා පතල් කාර්යාංශය, වන ජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනට හදුනාගෙන ඇති අමුද්‍රව්‍ය ලබා ගත හැකි ස්ථාන වල ලැයිස්තුව ලබා දී ඒ සදහා විධිමත් අනුමැතියක් ලබා ගන්නා ලෙසද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.

කිලෝමීටර් ලක්ෂයේ වැඩ සටහන යටතේ මාර්ග සංවර්ධනය වේගවත් වී ඇති බවත් ඉදිරියේදී අමුද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වලක්වා ගැනීමට මෙම තීරණය ගත් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

19,081 views

10 Comments to “කලුගල් හා බොරළු ඉක්මනින් කැපීම සදහා ක්‍රමයක් ඔ්නෑ..”

  1. හංස says:

    තොපිනම් මේ රට කාන්තාරයක් කරල තමයි නවතිනනෙ.අපිත් මුන්ගෙ බොරැ වලට රැවටුනානෙ.

  2. සිරිසේන says:

    පරිසර අධිකාරිය WMA පිරිලා ඉන්නෙ දූෂිතයො. ජරාව නැතිව කිසිවක් කර ගන්න බැහැ. . අපද්‍රව්‍ය බිස්නස් එකේ ඉන්න අයගෙන් අහල බලන්න.

  3. උක්කුං මල්ලී says:

    ජොනී ජෝනී………
    යර්ස් සර්…….
    කාපන් රට…..
    ඕකේ සර්……

  4. ක්‍රිමිනල් says:

    රටට කෙල උනත් කමක් නෑ , උබලගේ කොමිස් කුට්ටිය හරියට එනවනං , ගල් කප කප හිටහල්ලා, රට වලපල්ලට යනකං .

  5. SL says:

    මහනුවර නගරය සහ අවට පාරවල් ටික කපල දාල දැන් අවුරුදු 5ක් වෙනවා.off road වාහන වලටවත් එකේ යන්න බැහැ . වාහන වල සුස්පෙන්ෂන් ,හබ් වලට දෙයියන්ගේ පිහිටයි. ස්පෙයාර් පාර්ට් වලට යන සල්ලි ඩොලර් වලින් නෙවි ද යන්නේ. දවසට වාහන 100ක සුස්පෙන්ෂන් /බෙයාරින්ග් කැඩුනොත් වසරකට රුපියල් බිලියන 1.5 ට වැඩිය පිට රටටවලට යනවා . .

  6. saman says:

    ගොඩක් කල් බලා ඉන්න බෑ. ඉකමනට සල්ලි ඔනේ.

  7. මෝලංගිරියා says:

    රනිල්ට හරි මංගලට හරි කිව්වනම් ඔය ප්‍රශ්නෙ ලේසියෙන්ම විසඳහන්න පුලුවන්නේ..!

  8. dot says:

    what happens to the land once the sand and the rock is mined ..the whole area is disturbed and left behind with craters ?. land slides should be prevented ..for structures are weakened ..Has the the environment protection crowd researched and forwarded their findings on this matter? ….please make it known to the public to educate and evaluate the priorities ..

  9. sira says:

    කළු ගල් නවෙයි, ගෙදර උන්දැට ලගදීම ගල් කපයි

  10. chandu says:

    සේරම අස්සේ මූ වෙනම සුද්දයක් දානො

Main News