කලුතර ජීවිත විනාශය වූයේ නොදන්වා කුකුලේ ගග දොරටුව ඇරීමයි.. බලධාරීන් ඒ වගකීම නොකිරීමෙන් ජීවිත රැසක් අහිමි වුනා.. ජනාධිපති කාර්යාලය උසස් නිලධාරියෙක් කියයි..

June 2, 2017 at 4:40 pm | lanka C news
කලුතර ජීවිත විනාශය වූයේ නොදන්වා කුකුලේ ගග දොරටුව ඇරීමයි.. බලධාරීන් ඒ වගකීම නොකිරීමෙන් ජීවිත රැසක් අහිමි වුනා.. ජනාධිපති කාර්යාලය උසස් නිලධාරියෙක් කියයි..

කුකුලේ ගග ජලාශයේ බැම්ම කැඩියාමට පෙර එහි දොරටු විවර කිරීමට එහි ඉංජිනේරුවන් තීරණය කල අතර එය පහළ සිටි ජනතාවට වහා සංනිවේදන කිරීමට හැකියාව තිබියදිත් ඊට අදාළ බලධාරීන් එම වගකීම ඉටු නොකිරීම නිසා ජීවිත රැසක් අහිමි වු බව ජනාධිපති කාර්යාලයට යටතේ ඇති උපාය මාර්ගික සංවර්ධන ආයතනයයේ (SEMA) අධ්‍යක්ෂක ක්‍රිස් ධර්මකීරිති මහතා ඊයේ 01 වෙනිදා මාධ්‍ය හමුවකදි අදහස් ප්‍රකාශ කල බව අද ලංකාදීප පුවත් පත වාර්තා කරයි.

ඉතාම පහසුවෙන් ජංගම දුරකතන ඔස්සේ කෙටි පනිවිඩයක් එවිය හැකි වුවත් එය සිදුවී නැතයි ද කලුතර සිදුවූ විනාශයට හේතුව කුකුලේ ගග දොරටු විවර කරන බවට පූර්ව ආපදා අනතුරු ඇගවීමක් සිදු නොවීම යයි ද ඒ මහතා පවසන අතර අපි මධ්‍යම ආදායම්ලාභි රටක් ලෙස හදුන්වා ගන්නා නමුත් මේ අතින් බලන කල අපි තවමත් තුන්වන ලෝකයේ රටක් යැයි පෙනි යන බව ද ජනාධිපති කාර්යාලය උසස් නිලධාරියා පැවසු බව තව දුරටත් එම පුවත් පත වාර්තා කරයි.

51 views

4 Comments to “කලුතර ජීවිත විනාශය වූයේ නොදන්වා කුකුලේ ගග දොරටුව ඇරීමයි.. බලධාරීන් ඒ වගකීම නොකිරීමෙන් ජීවිත රැසක් අහිමි වුනා.. ජනාධිපති කාර්යාලය උසස් නිලධාරියෙක් කියයි..”

  1. Gona says:

    මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරනු!!!!
    මෙය පැහැදිලිවම ඔප්පුවන සමූලඝාතනයක්

    කාලකන්ණි රජ වුනු රටක් මේක!!!!

  2. බන්ඩා says:

    ගමන් බිමන් යන්න සැප කාර් එකකුත් සමග ‘කුකුලෙ ගඟ බැම්ම’ බලාගන්න අැමතියෙක් පත් කොරපන් හිටං

  3. lalith says:

    තොපේ පව් මහින්ද පිටින් දාන්න හේතුව මේකයි කාර් ගෙන්නුවා ඇරෙන්න උබලා රටට ජාතියට කරපු දෙයක් නැහැ තව අවුුරැදු විස්සකටවත් මහින්දගේ වැඩ වලින් අඟලක් වත් තොපිට කරන්න බැහැ මව් බිමේ බිහිඋන උතුම් නායකයාට අගවුරව නොකර හිටපල්ලා ගංවතුරෙන් මියගිය සෑම මරනයකටම පොනිසිරි රජය උත්තර දියයුතුයි

  4. Vimarshana says:

    කාලගුණ අනාවැකි ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 200 ක්‌ වැය කරමින් මෙරටට ගෙන්වූ ඩෙප්ලර් රේඩාර් යන්ත්‍රය අලුත්වැඩියා කර සවි කිරීමට බලධාරීන් 2014 වසරේ සිට කටයුතු කර නැති බවත්, මේ යන්ත්‍රය සවිකිරීමට යැමේදී එය බිම වැටී හානි සිදුවී ඇති බවත්, අද දින දිවයින (02/06/2017) පත්‍රය හෙළි කරයි. වසර ගණනාවක් මෙය කරගත නොහැකිවූ ඇමති වරයා ජනාධිපතිගේ ප්‍රසංසාවට ලක්වීම හාස්‍ය ජනකය. පිළිකා රෝහල සඳහා අත්‍යවශ්‍ය ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ජනතාව විසින් කොටි ගණනක මුදල් සම්භාරයක් ලබාදී වසරකට වැඩි කලක් ගතවී ඇතත් එය මිලදී ගැනීමට සෞක්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇත. හැම දෙයටම හිටපු නායකයන් හට දොස් කීයමින්න් තමන් වෙත පැවරුණු වගකීම් පැහැර හැරීම යහපාලනය නොවේ

Main News