කල දේ පල දේ.. ‘අනේ මාව බේරාගන්න’ සම්පායෝ මර හඬින් කෑ ගසයි..

August 2, 2020 at 10:10 pm | lanka C news
කල දේ පල දේ.. ‘අනේ මාව බේරාගන්න’ සම්පායෝ මර හඬින් කෑ ගසයි..

පොලිසිය විසින් සිදු කරන ලද බුද්ධි මෙහෙයුහකින් කුරුණෑගලදී අත්අඩංගුවට ගන්නා ලද මීගමුව බන්ධනාගාරය හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ද සම්පායෝ පොලිස් මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

එසේ රැගෙන යාමට පෙර තමන් බේරා ගන්නා ලෙස ඔහු කෑ ගැසීය.

තමන් බාර වෙන්නේ ජනාධිපතිතුමා සහ පොලිස්පති තුමා නිසා බවස ඔහු පොලිස් ජිප් රථයේ සිට කෑ ගසා කීය.

රාජිත සේනාරත්න, රවි කරුණානායක සැඟවී සිටියදී නීතිපති දෙපාර්තමේන්තුව සද්ද නැතුව සිටි බවද කී ඔහු තමනට මේ සිදු කරන්නේ සම්පූර්ණ වැරදි වැඩක් බවද කීවේය.

තමන් මෙතෙක් භාර නොවී සිටියේ අභියාචනාධිකරණයේ තීන්දුව නිසා යැයි ඔහු සඳහන් කළේය.

මේ වන විට ඔහු රහස් පොලිස් මූලස්ථානයෙන් ප්‍රශ්න කරමින් සිටින අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

683 views
Main News