කල පවු පස්සෙන් පන්නයි.. රජයේ මුදල් බිලියන 03ක් හොරා කාලා.. රාජිතට විරුද්දව රහස් පොලිසියේ පැමිණිලි..

December 13, 2019 at 1:20 pm | lanka C news
කල පවු පස්සෙන් පන්නයි.. රජයේ මුදල් බිලියන 03ක් හොරා කාලා.. රාජිතට විරුද්දව රහස් පොලිසියේ පැමිණිලි..

2017 වසරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු කිරීමෙන් එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ රාජිත සේනාරත්න නැමැත්තා බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බවට අද (13) ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) වෙත ඉදිරිපත් කිරීම සඳහා ඒ මහතා එම කොට්ඨාසය වෙත පැමිණි අතර එහි නිලධාරින් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවත් එය සීඅයිඞීයට ඉදිරිපත් කරන ලෙසත් දැන්වීය. ඉන්පසු අපරාධ පරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා තම පැමිණිල්ල එහි අධ්‍යක්‍ෂවරයා වෙත භාර දෙනු ලැබීය.

ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලේ මෙසේද සඳහන්ය.

‘අවුරුදු 10ක කාලසීමාවක් යන තෙක් නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමක් සිදු කළ නොහැකි බව දැනදැනම කැබිනට් මණ්ඩලය නොම`ග යවමින් ද එය රජයට පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක් සිදු කොට ඇති බවට සාක්ෂි සහිතව මා හට කරුණු ඉදිරිපත් කළ හැකිව තිබේ.

ඉහත කී කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඔහු විසින් පෞද්ගලික රෝහලක් වන නෙවිල් ප‍්‍රනාන්දු රෝහල වෙනුවෙන් වැය කොට ඇති රජයේ මුදල් හා සම්පත් ප‍්‍රමාණය අතිමහත් ය. එම පෞද්ගලික රෝහලට රජයේ හෙදියන් හා වෙනත් රෝහල් කාර්ය මණ්ඩල යොදවා ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා ඇති අතර ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 27කට ආසන්න ය. මාසිකව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ පරිපාලන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක් ද ඹෟෂධ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් ද වැය කොට ඇත. ඒ අනුව වසරකට රුපියල් මිලියන 3000ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් මෙම තැනැත්තා විසින් සිදුකොට ඇත.

අප විසින් ලිඛිත හා වාචික සාක්ෂි සහිතව ඉදිරිපත් කරන මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව කඩිනමින් පරික්‍ෂණයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

113 views

14 Comments to “කල පවු පස්සෙන් පන්නයි.. රජයේ මුදල් බිලියන 03ක් හොරා කාලා.. රාජිතට විරුද්දව රහස් පොලිසියේ පැමිණිලි..”

  1. kings says:

    මේ වගේ මහජන මුදල් ගසාකන මේ කාලකන්නියව පනුවො ගහල විඳවල මැරෙන්න ඕනි. පිලිකා රෝහලේ බෙහෙත් වලටයි, ඒ රෝහලට ස්කෑන් යන්ත්‍රයක් ගන්න තමයි මුට සල්ලි යොදවන්න බැරි උනේ.

    • මෛත්‍රීපාල 👀👀 says:

      මුලු ලංකාවෙම මිනිස්සුත්… දේශපාලකයොත්… අගමැති ජනාධිපතිලත්..
      විදේශ කොමසාරිස්වරුත්.. නීතිපතිත්.. රහස් පොලීසියත්… ත්‍රිවිධ හමුදාවත්…
      රාජිත කියන මෙතුමාට පන බයයි!
      රාජිත කවදාකවත් හිරේ යන්නෙත් නැහැ ..!
      ඒ මගේ ශක්තියට හිටිය පිටකොන්ඳ!!

  2. critic says:

    ඇයි රජයට නීතිපති මගින් මේ පුද්ගලයා ගැන පැමිළණිලි කටයුතු කරන්න බැරි? ඇයි මේ එක එක සංවිධාන දාන පැමිණිලි ගැන කිය කිය ඉන්නේ?

    • Susil says:

      Good Question!
      Why the Solicitor General not taking up these cases and at least get an order to detain these people like Rajitha, Karu, Rishard, Patali, Mangala, Nimalka, etc., etc.,

  3. Niru says:

    All this is NATO no action talk only!!

  4. ඩපයා says:

    මෙච්චර සාක්කි තියෙනවනන් මූව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයී?? 2015 වගේ ආයිමත් ජනතාව රවට්ටන්න එපා මේ ආණ්ඩුවත් එපා වෙයී.

  5. සනත් ඉතාලිය says:

    දැන්නම් මටත් මේක ලොකු ගැටලුවක් කොහොමද මේක තවමත් මාද්‍යය සාකච්ඡා තිය තිය අපිට ඇගිල්ල පෙන්වන්නෙ කියල ලොකු ලොකු දේවල් වලට කලුන් අඩුගානේ රැවුල් කිබුල ස්විස් අක්ක ගැන කියපුවටවත් මුගෙන් කිසිම ප්‍රශ්නයක් කලේ නැහැ නෙ

    • යහපාලන වයිරී දේශපාලනය ගෝඨාගෙ ක්‍රමය නෙමෙයි… හත් පොළේ ගා ගෙන දැගලීමත් ඔහුගේ ක්‍රමය නෙවෙයි.. අතන මෙතන කියූ කතා උසාවියේදී වලංගු නොවේ..

      රාජිත වැනි පල් හොරෙකුට සහ ජාති ද්‍රෝහියෙකුට එලිය යුත්තේ ශක්තිමත් දැලක්.. එය නොසෙල්විය හැකි සාක්ෂි මත පදනම් විය යුතුයි.

      එවැනි පදනමක් සකසා නොගෙන ඔහේ අත් අඩංගුවට ගැනීමෙන් සිදු වන්නේ උසාවියේ උදහසටත් ලෝකයාගේ සිනහවටත් ලක් වීම පමණි..

      බතල බහින කම් සිටියා සේම තැම්බෙන කල් සිටීමටද සිදු වේ…

  6. මූ පවු කලේ අද ඊයෙ නොවෙයි. 88-89 කාලෙ ඉදන්ම මූ කොල්ලො මැරෙව්වා. ජෙප්පොන්ට අමතකයි අපිට මතකයි. ස්වාධින ශිෂ්‍ය සංගමේ නායකයා මැරුවේ කවුද?

  7. Asela pumasinghe says:

    Ochchara pahadili saakshi thiyeddi apita thiyena prashnaya muoowa hari anik horunwa hari thaama ath adanguwata gaththe nathi eka…? Ekek dennek damma nam anik ewuntath padamak…!!! Hama aanduwakma kale munwa rakina eka…!!! Passe minissuntath owaa amathaka wenawaa…!!! Ekane Ravi karunanayaka mudal amathi wela maha bankuwath kadala passe uoota labunu vidulibala mandalenuth koti ganan gahala oya yasata eliye inne…???

  8. Rata Wenuwen says:

    අපේ සිහින සැබෑ කරන්නේ කවදාද ?, කුණු දතා සමග පින්ගුත්තර රනිලා ජම්පරය අඳින දිනය තවමත් ඈතද ?

  9. සරා says:

    රාජිත ‌ෙතෝ විතරක් ‌ෙනොවෙයි ‌ෙතොගේ මුළු පවුලම මකබැවිලා යන්න ඔින.ඒ දවස එනකම් අපි ‌ෙනොඉවසිල්ලෙන් බලා ඉන්නවා.‌ෙතොට ‌ෙහෙන හතම ගහන් ඔින.

  10. MD says:

    RATE WAIRAYA PATURALA RATAMA GADA GASSAPU RAJITHA,EYAGE PUTHA,CHAMPICA,RANJAN AJITH PERERA WANI AYA RATATA SAPAYAK.

Main News