කවදාවත් උතුරු නැගෙනහිර එකාබද්ධ කරන්න ඉඩ දෙන්නෙ නෑ..- බදියුදීන්

January 19, 2018 at 12:40 pm | lanka C news
කවදාවත් උතුරු නැගෙනහිර එකාබද්ධ කරන්න ඉඩ දෙන්නෙ නෑ..- බදියුදීන්

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කවදාවත් උතුරු නැගෙනහිර එක්බද්ද කිරීමට නොදෙන බවටත් සියලු කුමන්ත්‍රණයන්ට එරෙහිව සටන් කරන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ මන්නාරම් දිස්ත්‍රීක්කයේ මෙවර පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණු කාර්යාලයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහහභාගී වෙමින් පාක්ෂිකයින් අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ජනතාව ලබා දෙන වරම වෙනුවෙන් අප විසින් ජනතාව ආරක්ෂාව වෙනුවෙන් අප කවදාවත් උතුරු නැගෙනහිර ඒකාබද්ද කරන්න ඉඩ තියන්නේ නැහැ ඒ කුම්නත්‍රණ වලට එරෙහිව අපි සටන් කරනව ත්‍රස්තවාදී නායකයා එදා සිංහල සහ මුස්ලිම් ජනතාව උතුරු නැගෙනහිර පලාත්වලින් එලවලා දැම්මා උතුරු පලාතේ සියුලම දෙනා එලවලා දැම්මා ඒ ජනතාව අවුරුදු ගානක් දුක් වින්දා අවුරුදු 20 කට පමණ පසුව දුක් විඳපු ඒ ජනතාව නැවත පදිංචියට ගියාම දකුණේ ඇතම් කණ්ඩායම් අදටත් විවිධ චෝදනා කරන්න පටන් ගෙන තියනවා ඒ හැම කෙනෙකුටම උත්තරයක් අපි මේ මැතිවරණයෙන් දීල පෙන්නනවා.

අගමැතිතුමා වගේම ජනාධිපතිතුමන් අපිට විශ්වාශයෙන් ලබා දුන්නු රාජකාරි අපි හරියට ඉටු කරල තියනවා එදා පාඩු ලබපු ආයතන අද ලාබ ලබන ආයතන බවට පත් කරල තියනවා අපි ගැන වැරදි ප්‍රචාරය කරපු අයට අපි ගැන ජාතිවාදය අවුස්සපු අයට අපි මේ මැතිවරණයෙන් පෙන්නනවා අපි ගියේ හරි පාරේ අපෙන් කිසිම කෙනෙකුට හානියකුත් නැහැ අපි කිසිම කෙනෙකුට හානියක් කරලත් නැහැ කියලා ඒ ගැන මේ පලාත්වල වල ඉන්න ජනතාව හොඳටම දන්නවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

80 views

4 Comments to “කවදාවත් උතුරු නැගෙනහිර එකාබද්ධ කරන්න ඉඩ දෙන්නෙ නෑ..- බදියුදීන්”

  1. Aceman says:

    Uthura dakuna eka badda kirima gena obathuma karadara wenna one nehe, oba thuma wananthara eli karana hetiyata, thawa tika kalakin mulu lankawama Kaantharayak (desert) wey.

    Ethakota oba thumata thiyenne Arabiyen Otuwo genanna thamay, minissunta ehe mehe yanna.

  2. මම සිංහයා! says:

    ජයවේවා!

  3. samuvel says:

    නාටකය දැන් ප්රේශකයා බලාසිටි මාර්ගයෙන් එලියට අරගෙන ගොස් වෙනත් දර්ශනයක සිර කරයි. කෙසේ වෙතත් අවසානයේ ෆෙබ් 10 ට දවස් දෙකකට කලින් නාටක හමාරයි.

  4. Gxh says:

    Negenahira palath thunakata kediya yuthuy.. negenahira ampaara, negenahira madakalapuwa aadhi vashayen… uthurada esema kediya yuthuy…

Main News