කවදා හෝ රට විවෘත කරන තෙක් ගෙදරට වි ඉන්න.. සංචරන සීමා දීර්ඝ කිරීම ගැන විවිධ අදහස් එනවා..

June 6, 2021 at 1:20 pm | lanka C news
කවදා හෝ රට විවෘත කරන තෙක් ගෙදරට වි ඉන්න.. සංචරන සීමා දීර්ඝ කිරීම ගැන විවිධ අදහස් එනවා..

පවතින සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව විවිධ නිර්දේශ පැමිණ ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.

නමුත් ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

දිනකට කොරෝනා ආසාදිතයන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බවත් පවසන ඒ මහතා ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අදාළ තීන්දු නිසි වෙලාවට ගනු ඇති බවද කියා සිටියේය.

කෙසේ වෙතත් නැවත කවදා හෝ රට විවෘත කරන තෙක් ජනතාව නිවෙස්වලට වී සෞඛ්‍ය ආරක්ෂිතව සිටීම වසංගතය පාලනයට ඉතා වැදගත් බවද ඔහු පැවසීය.

එළැඹෙන 21 වෙනිදා දක්වා සංචරන සීමා දීර්ඝ කරන බවට සති අන්ත පුවත්පත් විසින් කර තිබූ වාර්තාව ගැන විමසීමේ දී හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

45,936 views

21 Comments to “කවදා හෝ රට විවෘත කරන තෙක් ගෙදරට වි ඉන්න.. සංචරන සීමා දීර්ඝ කිරීම ගැන විවිධ අදහස් එනවා..”

  1. පොඩි එකා says:

    හික් හික්

    • සයිමා says:

      මිනිසුන්ගේ ආකල්පය සහ හැසිරීම වෙනස් නොවී (හෝ බලහත්කාරයෙන් වෙනස් නොකර​), ලන්කාව වසා දැමීමෙන් පමනක් ගොඩ එන්න බැහැ. හොදට හොයලා බලන්න පාරවල් දිගේ දිව්වොත් විතරද ලෙඩේ බෝවෙන්නේ කියලා.

    • සිමියොන් says:

      පොඩි අපිටනම් සත පහක ගානක් නැහැ, ඩ්‍රයිවර් ඇරලා බඩු ගෙන්න ගන්නවා, ප්‍රාඩෝ එකේ පාටි වලට යනවා, ෆන් ගන්නවා, සල්ලී කිසි අව්ලක් නැහැ. මට දුක ලොක්කෝ ගැන. ඒ අය​ ගේට්ටුව ගාවට වෙලා බලගෙන ඉන්නවා දවස් ගනන් එලවලු කරත්තයක්වත් එනකන්, ඒ ආවත් අතේ සල්ලිත් මදි ඇති, අනේ මන්දා, මටනම් දුකේ බැරුවා ඒ උත්තමයෝ ගැන හිතලා.

  2. Suranjan says:

    ආතල් නං දෙන්න එපා මහත්තයෝ …

    පාරෙ යන්නැත්තේ කෝච්චි විතරයි ( ගං වතුර හින්දා දැන් බෝට්ටුත් යනවා)

    එක්කො හරියට වහන්ඩ නැත්තං අරින්ඩ..

    Zone ඔක්කොම වැඩ full capacity දුවනවා

  3. Deelaka Fer says:

    වැඩ වලට වඩා කටින් පම්පෝරි ගහල ජනතාව අමාරුවේ දාලා ගෙවල් වලට කොටු කරලා වෛරසය පාලනය කරන්න පුළුවන් කියලා හිතන එවුන්ගෙන් මීට වඩා ගොං ආතල් බලාපොරොත්තු වෙන්න බැහැ 😂😂

  4. Ajith says:

    කන්න දෙන්නෙ ඔයාද…

  5. ශ්‍රියානි මල්ලිකා දොඩංගස්ලන්ද says:

    දැන් රට වහලා මේක පාලනය කරන්න බැහැ කියල රජය තේරුම් අරන් නැහැ. තේරුම් ගන්න පුළුවන් එකෙක් ඔය කොරෝනා මධ්‍යස්ථානයේ ඉහල පුටුවක තියන්න ඕන. ටීවී එකේ ඇවිල්ල ස්ටේට්මන්ට් දෙන උන් ඔක්කොම අපේ බදු සල්ලි වලින් ආණ්ඩුවෙන් පඩි ගන්න උන්. උන් වැඩට ගියත් එකයි නැතත් එකයි. මාසේ අන්තිමට පඩිය එනවා. නමුත් එදිනෙදා ව්‍යාපාර කරන කුලී වැඩ කරන මිනිස්සු මොකද කරන්නේ. මුන් ෆේල් නෙමේ ඩිස්කොලිෆයිඩ්.

  6. අසරණ මිනිස්සු says:

    අත්‍යවශ්‍යය සේවා ජංගම ආහාර අලෙවි රථ එන සද්දය ඇහෙන්නෙ නෑ පන්සලේ මහා ලවුඩ්ස්පීකර් ශබ්දය නිසා … මේ නිසා මිනිස්සු පීඩාවට පත්වෙනවා..

  7. Lalith says:

    පාරෙ යන්නැත්තේ කෝච්චි විතරයි

    එක්කො හරියට වහන්ඩ නැත්තං අරින්ඩ

  8. Kesbewa Big House says:

    Hope the medical “experts” understand ground realities now!

  9. ANURUDDA says:

    Mewage harak tamai udda karala tiyenne 30awuruddak ,corona nat 30awuruddak me booruwa adi wage

  10. ජිමි බේබි says:

    අපි ඡන්ද තියෙන්නේ කවද්ද බාප්පී?

Main News