කවදා හෝ රට විවෘත කරන තෙක් ගෙදරට වි ඉන්න.. සංචරන සීමා දීර්ඝ කිරීම ගැන විවිධ අදහස් එනවා..

June 6, 2021 at 1:20 pm | lanka C news
කවදා හෝ රට විවෘත කරන තෙක් ගෙදරට වි ඉන්න.. සංචරන සීමා දීර්ඝ කිරීම ගැන විවිධ අදහස් එනවා..

පවතින සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව විවිධ නිර්දේශ පැමිණ ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.

නමුත් ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

දිනකට කොරෝනා ආසාදිතයන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බවත් පවසන ඒ මහතා ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අදාළ තීන්දු නිසි වෙලාවට ගනු ඇති බවද කියා සිටියේය.

කෙසේ වෙතත් නැවත කවදා හෝ රට විවෘත කරන තෙක් ජනතාව නිවෙස්වලට වී සෞඛ්‍ය ආරක්ෂිතව සිටීම වසංගතය පාලනයට ඉතා වැදගත් බවද ඔහු පැවසීය.

එළැඹෙන 21 වෙනිදා දක්වා සංචරන සීමා දීර්ඝ කරන බවට සති අන්ත පුවත්පත් විසින් කර තිබූ වාර්තාව ගැන විමසීමේ දී හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

45,936 views

21 Comments to “කවදා හෝ රට විවෘත කරන තෙක් ගෙදරට වි ඉන්න.. සංචරන සීමා දීර්ඝ කිරීම ගැන විවිධ අදහස් එනවා..”

  1. හෙලයා says:

    දවස් දෙකක් වත් අරින්න .වැඩ කර ගන්න ඕනි .කන්නත් නෑ .

  2. Truth says:

    Lock down should be in full in this manner never could see a progress.

  3. Asanka says:

    මේකෙ comment දාන එවුන් තරම් මේ රට පලනය කිරීමට සුදුසු වෙන්ත් පිරිසක් නොමෑත

  4. DENZIL says:

    Ganaral ape vetarada gadara enna onaa.loku aya para .

  5. Rathna says:

    බෙරුවල ඉන්න එවුන්ට වෙනම නීර්හියක්ද මුලු දවසෙම කඩ ඇරගෙන උන්ට ඔනෙ විදියට ඉන්න?

  6. ගොනාට අo says:

    රට ඇරියොත් මිනිස්සු පෙට්‍රල් ගහනවා කර් වලට. ආන්ඩුවට සල්ලිත් නැහැ, ටැoකි හිස්. ඒක යට ගහන්න රට වහගෙන ඉන්නවා. ජනාධිපති ඉදලා පහලට ඉන්න හමුදා කාරයෝ ෆේල්, තීරන ගන්න බැහැ. අප්‍රේල් කාල්ටන් නුවරඑලිය සන්දර්ශනේ තමයි රට කෑවෙ. රාජපකයලා අරහං.

  7. වියතා says:

    හා හොදා….එහෙම ඉන්නං…

  8. Ayotallah says:

    By imposing a lock down it is clear that Covid spread has not died down. Whoever advise the government is extending the lock down period causing numerous problems to ordinary people and if you listen to what people say most of the government people will run away. The option is to open the country close the garment factories where people congregate reduce the no of passengers in public transport and no rallies permitted like in India ensure face marks and meter distance thoroughly make sure distribution of essential goods and food and enforce a night curfew

  9. Bambuwaaa says:

    හා ඉන්නම් ! shrangila hotel එකත් වහන්න කියන්නහොඳයි ද?

Main News