කවුරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති

September 18, 2020 at 8:40 am | lanka C news
කවුරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති

තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි එතුමා සඳහන් කරයි.

කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු යයි සඳහන් කළ ජනාධිපතිතුමා ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් වන මෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව 17 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

“සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාව තිබුණත් එය තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින්., රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

“ඔබට ගෙයක්, රටට හෙටක්” සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය . මේ ව්‍යාපෘතිය යටතේ වසර 05ක් අවසන නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

ඔක්තෝබර් 05 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව “සපිරි මහල් නිවාස වැඩසටහන” යටතේ වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියාකුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

සියලු ඉදිකිරීම්වලට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසේ. මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැළපෙන මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බව ජනාධිපතිතුමා කීය.

උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියේය.

පැරණි මහල් නිවාස සංකීර්ණවල මලාපවාහන පද්ධති නඩත්තු කළයුතුව ඇතැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි පණ ගැන්විය යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කීය.

සංස්ථාවේ ප්‍රාදේශීය ශාඛා ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන නියෝජිතයෙකු ලෙස යොදාගත යුතු යැයි ජනාධිපතිතුමා යෝජනා කළේය.

ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය යන ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවා සංවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ සාකච්ඡාවට ලක් විය.

ඉදිකිරීම්, කෘෂිකර්ම සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල පෙරළියක් ඉදිරි වසරේ සිට අපේක්ෂා කරන බැවින් මේ සියලු ආයතන දැඩි උද්යෝගයකින් සේවා සම්පාදනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

නිවාස, මාර්ග, පාලම් සහ වැව් විශාල සංඛ්‍යාවක් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට රජය සැලසුම් කර තිබේ. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන ඉදිකිරීම්වලට දායක කර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජකයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍යය අංශය

69,441 views

35 Comments to “කවුරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති”

  1. Ayatollah says:

    Very True HE the President. Majority of Department ,Corporation and Institute heads are in the MOTTO No work but enjoy the benefits having posh cars to travel around Sri Lanka with their families and write fradulous short and mid term reports to the Ministries to take them for a ride These reports are fruitless with no tangible benefits to the people

  2. අල්ලා says:

    කොන්ත්‍රාත් වැඩ නොකලාට ඉඩම් අල්ලන වැඩේ නැගල යනවා, ඒ මදිද.? ඔහොම යන්, ඔහොම යන්..

  3. අල්ලා says:

    ඇයි අටලුගම අපේ ⁣සූටි කෙල්ලොත් වැඩ පෙන්නල තියනවා ස’….! තව ඕන්නං කියන්ඩ ස’ වැඩ නං වැඩ තමා….

  4. Ayatollah says:

    A classic example how the higher ups in the public sector works were disclosed by a friend This accused person a Secretary of a prominent Ministry has gone to a circuit bungalow in upcountry and chased out the person who booked it earlier and demanded 4 rooms for himself,wife daughter and the dog. The poor guest house keeper were kept in suspense?? Their dog is in a air conditioned room??

  5. ගමේ වෙදා says:

    මිනිස්සු හැමෝම වැඩ කරන්නෙ නැත්නම් මෙ වැඩ කෙරෙන්නෙ කොහොමද ඒවා ඉබේ වෙනවද ? ඉතා අඩු වැටුපකට ශ්‍රමය සූරාකනු ලබන දුප්පත් රාජ්‍ය සෙවකයා තව දුරටත් මිරිකා තලා පෙලා කුමක් ලබාගත හැකිද? රටේ සාරය උරා බොන දේශපාළුවන්ගෙන් පිරී ඉතිරීගිය ව්‍යුහයේ බර රටකට දැරිය හැකිද? සුදු අලියෙකු වී ඇති පලාත්සභා නැතිකලහොත් අපතේ යන මහජන මුදල් කන්දරාවක් බේරා ගත් හැකිබව නොපෙනේද ?

  6. Aurora says:

    රජයේ නිලධාරීන් වැඩ නොකරන්නේ කියන ප්‍රශ්නයට පිළිතුර සොයාගනිමු. මේ රටේ රාජ්‍ය සහ සංස්ථා, මණ්ඩලවල නිලධාරීන් වැඩ නොකරන්නේ වැඩකරලා පලක් නැති නිසා. වැඩ කළාට කිසිම ඇගයීමක් දැනට තියන ක්‍රමය තුල නැහැ. එහෙම ඇගයීමකට ක්‍රමවේදයක් නැහැ.

  7. Buuwa says:

    Bana Deshanawa… Sadu sadu..

  8. දනංජය says:

    ඔබතුමා දන්නේ අදද රටේ දුප්පත්ම මිනිහගෙ ඉදන් රාජ්‍යසේවකය දක්වා රට වැඩකරන්නේ නෑ යන්තන් කැපවිමකින් වැඩරන්්්නේනෙ සෙ!ඛ්‍ය අංශ හා ආරක්ශක අංශ හා පුද්ගලික ව්‍යාපාරිකයො විතරයි

  9. 77 UNP says:

    ජනාධිපතිතුමනි, ඇයි තියන ඇගයීම් වලදී ඉහල නිලධාරීන් බැගෑපත්ව ඉල්ලනවා ලකුණු අඩු කරන්න එකඟ වෙන්න කියල. ලකුණු වැඩිවුනොත් ඉහළ නිලධාරියාට ප්‍රශ්නයක් කියල. මේ රටේ නිලධාරීන්ගෙන් 80% ප්‍රමාණයක් බඳවාගැනීමේ පරිපාටිය තමන් ළඟ තියාගෙන ඒ සඳහා වන විභාගවලට රාජකාරි වෙලාව තුල පාඩම් කරනවා. ආයතනය සතු කොම්පුටර්, ඉන්ටෙර්නෙට්, පොටෝකොපි යන්ත්‍ර, කඩදාසි, දත්ත, ප්‍රවාහන පහසුකම් ආදී සියල්ලම ඒ විභාග වල අවශ්‍යතාවයන් සඳහා පාවිච්චි කරනවා. කිසි කෙනෙකුට ඉලක්කයක් නැහැ. ජනතාවට සේවා සපයන ආයතන බොහොමයක ප්‍රමිතියක් නැහැ. ක්‍රමවේද අනුගමනය කරන්නේ නැහැ, යම් සේවා සඳහා පිරිවැයට වඩා ඉතා අඩු මිල ගණන් අනුමත කරලා තමන්ගේ හිතවතුන්ට ලාබෙට සපයනවා. වැඩ කරන නිලධාරීන්ට බාධා ඇතිකරනවා පමණක් නොවේ ප්‍රශ්න හදනවා. මේ තත්වයන් යටතේ මෙහෙමවත් මේ රට තියන එක පුදුමයක්.

  10. රට වෙනුවෙන් says:

    එහෙම කියන්න එපා ස’
    අපේ වැඩේ අපි හරියට කළානේ. එකනේ 69 ලක්ෂයක් ආවේ. පාර්ලිමේන්තුව දිනුවේ.
    දැන් අනිත් උන් වැඩ කරන්නේ නැත්තන් ඒක හදන එක ස’ ගේ වැඩේනේ.
    මීටින් වල ඔව්ව කියන වෙලාවේ වැඩේ නිවැරදි කරන එක නොකරනවනං ඉතින් ඔබත් තවත් වැඩ නොකරන එකෙක් පමණයි.
    මේ අපිට කියල වැඩක් නෑ

Main News