කවුරු මොනවා කියුවත් රනිල්ගේ වත්මන් පාලනය රාජපක්ෂ පාලනයට වඩා ගොඩක් හොදයි..- ජවිපෙ
April 1, 2017 at 1:20 pm | lanka C news
කවුරුන් කුමක් කියුවත් රාජපක්ෂ පාලනයට වඩා වත්මන් පාලනය හොද බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා මේ බව පැවසුවේ අත්තනගල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.
ආණ්ඩුව කරන සියලූ දේට එක්බද්ද විපක්ෂ කල්ලිය විරුද්ද වුවත් තම පක්ෂය විරුද්ද වන්නේ වැරදි දේට පමණක් බවත් කී ඔහු හරි දේට හරි කියන බවද පැවසීය.
19 වන සංශෝධනය සම්මත කිරීම, විධායක ජනාධිපති ක්රමයේ අහිතකර කොටස් ඉවත් කිරීම, එදාට වඩා අද නිදහසක් පැවතීම ආදී කරුණු නිසා වත්මන් පාලනය පෙර පැවති රාජපක්ෂ පාලනය වඩා හොද බවද ඔහු කීය.