කවුරු මොනවා කිවුවත් මහින්දට බැසිල්ගේ සේවාව අත්‍යවශ්‍යයි..

October 7, 2016 at 8:40 am | lanka C news
කවුරු මොනවා කිවුවත් මහින්දට බැසිල්ගේ සේවාව අත්‍යවශ්‍යයි..

පසුගිය රජය නොකඩවා මැතිවරණ පැවත්වීම තුළින් ජනතාවගේ ආකර්ෂණය තමන් වෙත ඇති බව පෙන්වීමට උත්සහ ගත් අතර රාජ්‍ය සේවය මෙන්ම මාධ්‍ය ඒ තුලිහි යම් තාක් දුරට වඩාත් නැඹුරුවක් රජය වෙත ඇතිකරලීමට හැකි වූ අතර ඒ අනුව තම රජයේ ස්ථාවර බව පෙන්නුම් කරන ලදි. එහෙත් වර්තමාන රජය මැතිවරණයකින් ලැබෙන ප්‍රතිඵලය රජයේ අනාගත පැවත්මට අසුබව බලපාන බැවින් එම ප්‍රතිඵලය සම්බන්ධයෙන් සෑහීමට පත්නොවී මැතිවරණ කල් දමන න්‍යායායකට ගමන් කරමින් සිටී.

ලගදි පවත්වනු ලබන පලාත් පාලන මැතිවරණ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනාගත නායකත්වය තීරණය කරනු ලබන ජනමතවිචාරනයක් වන බැවින් වෙනදාට මෙන් පරාජිත මානසිකත්වයකින් කටයුතු නොකොට ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් දැඩි කැපවීමකින් හා උද්‍යයෝගයකින් තම ඡන්දපොල තුල ක්‍රියාත්මක වෙමින් තම ජයග්‍රහණය සනිටුහන් කිරිම වෙනුවෙන් උත්සහ ගන්නවා ඇත. එහෙත් මහින්ද රාජපක්ෂ වාදින්ගේ මේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමටත් හැකිතාක් දුරට ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් ඒ හරහා තේරි පත්වීම වැලැක්වීමට අවශ්‍ය උපක්‍රම අනිවාර්යයෙන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් විසින් එනම් සිරිසේන කණ්ඩායම ඇතුළු පිරිස ගනිමින් ඔහුගේ කැපවීම හා දායකත්වය ඇසිරීමට පියවර ගනු ඇත.
.
ඩේලිමිරර් පුවත්පතට විශේෂ ලියුම් කරුවකු ලෙස ලිපි සපයන ජේෂ්ඨ නිතිවේදියෙකු වූ ගෝමින් දයාසිරි විසින් එම පුවත්පතේ පලකල ලිපියේ කොටසකි,එහිදි ඔහු තවදුරත් ප්‍රකාශ කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ සමඟ සිටින ජේෂ්ඨ මෙන්ම පලපුරුදු දේශපාලන නායකයින් අතුරින් විමල් වීරවංශට විශාල ශක්තියක් තිබෙන බවත් ඔහු ප්‍රගතිශීලි ජනතාවට මෙන්ම සිoහල දේශප්‍රේමීහු අමතා ඔහුන් මහින්ද රාජපක්ෂ වෙත ගොනු කිරීමට අත්‍යවශ්‍ය පුද්ගලයකු බවත්, අනාගත රජයක් බිහිකිරීම තුල නව දේශපාලන මුහුණ කිහිපයකම මෙන්ම නව වැඩපිළිවෙළක් සහිතව ඉදිරියට යෑම කාලීන අවශ්‍යතාවයක් වන බවද ඔහු පෙන්වා දී ඇත.

එම දේශපාලන විශ්ලේෂණයට අනුව එහි විශේෂයෙන්ම සඳහන් කොට ඇත්තේ “කවරු මහින්ද රාජපක්ෂට දෝෂාරෝපණය කලත් ඔහුගේ ජයග්‍රහණයේදි හෝ පරාජයේදි ඔහු වෙනුවෙන් ඔහුගේ මැතිවරණ ව්‍යපාරය ගොඩ නැගිමට මෙන්ම එය නිසියාකාරව පරිපාලනය කොට මෙහෙයවීමට ඒ සම්බන්ධයෙන් මනා හැකියාවක් මෙන්ම මැතිවරණ මෙන්ම ඡන්දදායකයා ගැන අවබෝධයක් සහිත අවශ්‍ය ප්‍රතිඵලය නිශ්චිත කාලයක් තුළින් ලබාදීමට බැසිල් රාජපක්ෂ වැන්නෙකුගේ සේවාව අත්‍යවශ්‍ය බවයි.

සම්පූර්ණ ලිපිය මෙතනින්

45 views

15 Comments to “කවුරු මොනවා කිවුවත් මහින්දට බැසිල්ගේ සේවාව අත්‍යවශ්‍යයි..”

  1. මහේන්ද්‍ර ගුණවර්ධන says:

    අතීතයේදීත්, වර්තමානයේ සහ නුදුරු අනාගතයේදීත්, මේ රටේ යහපත වෙනුවෙන්, වැඩියෙන්ම බලපෑමක් ඇතිකල සහ ඇතිකරන, තනි සාධකයක් නම් කරන්න කිවුවොත්, ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි, “මහින්ද රාජපක්ෂ” කියන සාධකය. ඒක තමයි, අපේ රටේ යහපත වෙනුවෙන්, රටට තිබෙන වටිනාම සම්පත.
    මහින්ද රාජපක්ෂ කියන්නේ, අපිට තිබුණ සහ තිබෙන වටිනාම සම්පත කියන එක ගොඩක් දෙනෙකුට තේරෙනව. ඒ එක්කම, අපි සැම දෙනාම තේරුම් ගන්න ඕනෑ තව කරුණක් තියෙනවා. ඒක තමයි, මහින්ද මහත්තයට මෙතෙක් තිබුණ සහ, අදටත්, ඉදිරියටත් තිබෙන වටිනාම සම්පතක් තමයි බැසිල් රාජපක්ෂ කියන කාරණාව.
    මහින්ද මහත්තයාට තියෙන සම්පතක් තමයි, තමන්ගේ සෙවනැල්ල වගේ ලඟින් ඉඳගෙන වැඩ කරන්න පුළුවන් සහෝදරයෝ කට්ටිය. මහින්ද මහත්තයගෙ දේශපාලනයේදී, මුල ඉඳලම සෙවනැල්ල වගේ නොසෙල්වී ලඟින් ඉඳගෙන, දැවැන්ත ශක්තියක් වුනේ බැසිල් මහත්තය. උපාය මාර්ග තීරණය කිරීමේදී, දේශපාලන කඳවුර සවිමත් කර ගැනීමේදී, ජාත්‍යන්තරය කළමනාකරණය කර ගැනීමේදී, ආර්ථිකය හැසිරවීමේදී, විශ්වාසවන්ත සහයෝගය සහ ශක්තිය වුනේ බැසිල් මහත්තය.
    ඉතින් අපිට විරුද්ධ අය, මේක අපිට වඩා හොඳට දන්නව,. ඒක නිසා, ඒ අය, බැසිල් මහත්තය වට්ටන්න නොයෙකුත් වැඩ කරනවා. අපේ සමහරුත්, ඒ ලණු ගිලල, “මහින්ද මහත්තය නම් හොඳයි, එත් බැසිල් මහත්තය ෂුවර් නෑ” කියා කියා හිටිය. ඒ අයට වුනත්, දැන් තේරෙනවා තමන් ගිලලා හිටියේ තවත් එක ලණුවක් කියලා.
    බැසිල් මහත්තයව තේරුම් ගත්තේ නැති, එතුමාට එච්චර කැමති නැති අය, තවමත් අපේ පිලේ ඉන්නවා නම්, ඒ අය එක දෙයක් තේරුම් ගන්න ඕනෑ. අපිට මහින්ද මහත්තයාව ඕනැ නම්, බැසිල් මහත්තයව පිලිගන්නම වෙනවා. මොකද, මහින්ද මහත්තය, කවදාවත් බැසිල් මහත්තයව ඈත් කරගෙන මේ ගමන යන්නෙ නැති නිසා.
    බැසිල් මහත්තයට, ඇමරිකාවේ ඉන්න දරුවෝ ළඟ, කිසිම කරදරයක් නැතිව හොඳින් ඉන්න පුළුවන් කම තියෙද්දීත්, මුන්ගේ තර්ජනයට ලක්වෙලා උසාවි ගානේ යන්න ලංකාවට ආවේ, නිකම් ඉන්න නොවෙයි කියන එක පැහැදිලියි. ඒ ආව එකෙන් ඔප්පුවෙන තවත් වැදගත් දෙයක් තමයි, අපේ සල්ලිවලින් එක සතයක්වත් සාක්කුවේ දාගෙන නැහැ කියන එක.
    හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි කියන එකත් කියන්නම ඕනෑ.

  2. sayumi says:

    ”මහින්ද මහත්තයාට තියෙන සම්පතක් තමයි, තමන්ගේ සෙවනැල්ල වගේ ලඟින් ඉඳගෙන වැඩ කරන්න පුළුවන් සහෝදරයෝ කට්ටිය. මහින්ද මහත්තයගෙ දේශපාලනයේදී, මුල ඉඳලම සෙවනැල්ල වගේ නොසෙල්වී ලඟින් ඉඳගෙන, දැවැන්ත ශක්තියක් වුනේ බැසිල් මහත්තය. උපාය මාර්ග තීරණය කිරීමේදී, දේශපාලන කඳවුර සවිමත් කර ගැනීමේදී, ජාත්‍යන්තරය කළමනාකරණය කර ගැනීමේදී, ආර්ථිකය හැසිරවීමේදී, විශ්වාසවන්ත සහයෝගය සහ ශක්තිය වුනේ බැසිල් මහත්තය.
    ඉතින් අපිට විරුද්ධ අය, මේක අපිට වඩා හොඳට දන්නව,. ඒක නිසා, ඒ අය, බැසිල් මහත්තය වට්ටන්න නොයෙකුත් වැඩ කරනවා. අපේ සමහරුත්, ඒ ලණු ගිලල, “මහින්ද මහත්තය නම් හොඳයි, එත් බැසිල් මහත්තය ෂුවර් නෑ” කියා කියා හිටිය. ඒ අයට වුනත්, දැන් තේරෙනවා තමන් ගිලලා හිටියේ තවත් එක ලණුවක් කියලා.
    බැසිල් මහත්තයව තේරුම් ගත්තේ නැති, එතුමාට එච්චර කැමති නැති අය, තවමත් අපේ පිලේ ඉන්නවා නම්, ඒ අය එක දෙයක් තේරුම් ගන්න ඕනෑ. අපිට මහින්ද මහත්තයාව ඕනැ නම්, බැසිල් මහත්තයව පිලිගන්නම වෙනවා. මොකද, මහින්ද මහත්තය, කවදාවත් බැසිල් මහත්තයව ඈත් කරගෙන මේ ගමන යන්නෙ නැති නිසා.”

    ඔබ හරියටම හරි මහේන්ද්‍ර.

    • මහේන්ද්‍ර ගුණවර්ධන says:

      බොහොම ස්තුතියි sayumi, ඔබේ ප්‍රතිචාරයට!!

    • jayamal says:

      සයුමි සමඟ මමත් එකතු වෙනවා. මහේන්ද්‍ර ඔබ 100%ක්ම හරි. ජයෙන් ජයම වේවා!

  3. Champa says:

    Quote: “ජේෂ්ඨ මෙන්ම පලපුරුදු දේශපාලන නායකයින් අතුරින් විමල් වීරවංශට විශාල ශක්තියක් තිබෙන බවත් ඔහු ප්‍රගතිශීලි ජනතාවට මෙන්ම සිoහල දේශප්‍රේමීහු අමතා ඔහුන් මහින්ද රාජපක්ෂ වෙත ගොනු කිරීමට අත්‍යවශ්‍ය පුද්ගලයකු බවත්…” Unquote:

    Congratulations, Honourable Wimal Weerawansa. But something is missing isn’t it? Are you only instrumental in attracting the patriotic crowd and progressive forces to Mahinda? Of course not.

    You are the phenomenon that changed the equation of our country on February 18, 2015. You beautifully balanced a country which was unstable, confused and baffled by the election results of January 8, by arousing the patriotism in people. How did you do that, you were not a President, you were not a Prime Minister, you were “just” a Leader of a “Three Wheel Party”? Forgive me, but I want to laugh. You know why I am laughing.

    Your greatest achievement is “people will forget what others said, people will forget what others did, but people will never forget how you made them feel about their motherland”. Your vibe attract the tribe. What matters is not the beauty of the house, but the strength of the foundation.

    Your value doesn’t lie on your politics, but on your nonpareil patriotism and your unwavering principles. One thing very admirable in you is you never change your principles whether you represent the Government or the Opposition. I wish you Godspeed to fight against the catastrophic end the country is heading for at the moment. Best wishes for a great future! “Te quiero mucho!” (Did this make you remember something? If ‘Yes’, progress, please. If ‘No’, I have to deal with Editor/LCN).

    • Champa says:

      I just remembered. It is interesting to know as to what makes Gomin Dayasiri to forget about Gotabhaya Rajapaksa. Gotabhaya is a living legend. People respect him not because he is Mahinda’s brother but he himself is a phenomenon. If it was not for him, the country will still be terrorized by Prabhakaran and everything we gained after the war would have been a distant dream.

  4. kamani says:

    mahendra gunawardana you are correct

  5. Themiya says:

    I can say one thing – Basil is there for his greed only – the moment Mahinda looses again he will run to the airport! What shadow!!!

  6. Micro Man says:

    යුධ බිමේදී නම් තමා ඉදිරියට පැමිණෙන සතුරා නැසීමට ඉවසීම සහ තීක්ෂණ බුද්ධියක් සමඟ හොඳ ආයුධයක්ද තිබිය යුතුය.දේශපාලන භූමියේදී නම් ආයුධ නොමැතිව තිබිය යුත්තේ නිවැරදි දැක්ම,ඉවසීම සමඟ මුසුව එන තීක්ෂණ බුද්ධියක් පමණි.තමා පරාජය කිරීමට පැමිණෙන ප්‍රතිවාදී දේශපාඥයා පරාජය කර දමා තව ජය තහවුරු කර ගැනීමට එය නිවැරදි අයුරින්ම භාවිතා කළ යුතුය.බැසිල් රාජපක්ෂ මැතිතුමා යනු එවැනි චරිතයකි.ප්‍රතිවාදී දේශපාලන චරිත නට්ටං කර දමා තම රජය ශක්තිමත් කිරීමට එතුමා අති දක්ෂයෙක්ම විය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ශක්තිමත් කරමින්,රට ජාතිය වනසව උන් දේශපාලන වශයෙන් නට්ටං කර දැමීමට බැසිල් රාජපක්ෂ මැතිතුමා එදා ගත් පියවරයන් සුළුපටු නැත.එය හොඳින්ම දන්නා ප්‍රතිවාදී දේශපාඥයන් එතුමාට බරඅවි ප්‍රහාර එල්ල කලේ එනිසාය.එතුමා පල් හොරෙකු බව සමාජය පුරා කතිකාවතක් ගොඩනඟා එය මුළු මහත් සමාජය පුරා වැපුරුවේ එනිසාමය.බොරුව උවත් හැමදාම මුමුණන විට එය සත්‍යයක්ම වන බව සමාජයේ මතයක් ඇත.බැසිල් රජපක්ෂ මැතිතුමාටත් වූයේ එයමය.බැසිල් නාමය හොර බැසිල් වූයේ බැසිල් රාජපක්ෂගේ දේශපාලන බරඅවි ප්‍රහාර ඉවසා ගැනීමට නොහැකි වූ දේශපාළුවන්ගේ අමු බේගල් හරහාමය.එහෙත් බොරුවට ආයුශ නැත.රාජපක්ෂ දම්වැලේ ශක්තිමත්ම පුරුකක් වන බැසිල් රාජපක්ෂ නැමැති චරිතය ශ්‍රී ලාංකේය ඉදිරි සුභවාදී දේශපාලන ක්ෂ්‍රේයට අවශ්‍යම සාධකයක් බව අවිවාදාත්මකය.මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එක කුස උපන් සහෝදරයා වූ බැසිල් රාජපක්ෂ මැතිතුමා සේම සිටින විමල් වීරවංශ මැතිතුමාත් එසේමය.එතුමාත් එදා වගේම අදත් කැපුවත් මහින්ද සමඟ පෙරමුණේමය.කැපුවත් පාවා නොදෙන,වචන වෙනස් නොකරන සැබෑ මිනිසාට කිසිඳා නොවරදින බව පරම සත්‍යයක්ම වේ.

    දේශමාමක ජනතාවාදී සැබෑ නායකයන්ට ජයෙන් ජය ම වේවා ෴

  7. gerry says:

    all in all must be correct but every one knows basil is a big theif. gota is ok for srilanaka. we should have new people in politics from head to toe all in diyawanna are big theifs. in the country. people should decide for some other way and have some new faces in parliment

  8. gamage says:

    එදා 1977 සිරිමා බණ්ඩාරනායක මැතිනිය පරාජය වූ අවස්ථාවේ යූ එන් පී එක මැතිනිය විනාශ කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දියකර අරින්න හැමදෙයක්ම කරලා බැරිම තැන එතුමියගේ ප්‍රජා අයිතිය නැතිකලා, ඒත් එතුමිය දුක් ගැහට විදිමින් අපහාස උපහාස විදිමින් පක්ෂය රැක්කා, ඒත් අද වෙනස යූ එන් පී එක ඒක කරන්නේ ඉතා සූක්ෂම විදියට අපේම කට්ටිය හරහා අපේම හිටපු ලේකම් ඒ ගොල්ලන්ගේ ඡන්දයෙන් ජනාධිපති කරගෙන කෑගන කිහිපදෙනකුට යූ එන් පී ආන්ඩුවේ ඇමතිකම් දීල,
    මහින්ද ජනාධිපතිතුමනි ඔබතුමාට තුනුරුවන්ගේ සරණත් සියලු දෙවි පිහිට ලැබිලා අයෝමය ශක්තිය ලැබේවා මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් අපේ පක්ෂයත් රටත් බේරාගෙන නැවත ප්‍රගතිශීලි රජයක් බිහිකිරීමට,

  9. john kothalawala says:

    1956 දි මේ රටේ ප්‍රගතිශීලි ජනතාවගේ අවශ්‍යතාවය ඉටුකිරීමට බණ්ඩාරනායක ශ්‍රිමතාන්, ඩී ඒ රාජපක්ෂ ඇතුළු කිහිපදෙනකු එදා යූ එන් පී එකෙන් එලියට ඇවිත් සඝ වෙද ගුරු ගොවි කම්කරු ජනතාව සමඟ ආරම්භ කරපු ශ්‍රීලංකා නිදහස් පක්ෂය අද වෙනකොට සියලු මූලිකආoග අමතක කොට නැවත යූ එන් පී එක සමඟ එකතු වීම මේ රටේ ප්‍රගතිශීලි ජනතාවට කරපු ලොකුම අසාධාරණයයි.
    මෛත්‍රීපාල ජනාධිපති ඇතුළු කිහිපදෙනකුගේ අවශ්‍යතාවය මත ගෙන යන මේ වැඩපිළිවෙළ රටේ බහුතරය ප්‍රතිකේෂ්ප කරන අතර මේ වැඩපිළිවෙළට මහින්ද රාජපක්ෂ මැතිතුමා අසුනොවි ප්‍රගතිශීලි ජනතාවගේ කාලීන අවශ්‍යතාවය තේරුම්ගෙන අලුත් වැඩපිළිවෙළක් අනුව ඉදිරි මැතිවරණයකට ඉදිරිපත්වුනොත් අනිවාර්යයෙන් මේ රටේ ප්‍රගතිශීලි ජනතාව එදා බණ්ඩාරනායක මැතිතුමාට දුන් රටේ බලයටත් වඩා වැඩි බලයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ නායකයන්ට ලබා දෙනවා සිකුරුයි,

  10. බෙලිඅත්තේ රාලහාමි says:

    බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමනි. ඔබ සැමවිටම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ සෙවනැල්ලමෙන් ඉදගෙන එතුමා 1970 බෙලිඅත්ත මන්ත්‍රී වරයා ලෙස පත්වු දවසේ සිට ආරම්භ කරපු වැඩපිළිවෙළ 2005 වනවිට සාර්ථකව කල බව දන්නේ ඉතා කිහිපදෙනකු පමනයි,
    ඕනම් දෙයක සාර්ථකත්වයට හිමිකම් කියන්න පියවරු ඕන තරම් ඉදිවී, එත් පරාජය ඉදිරිපිට හෝ අසාර්ථකත්වය වෙනුවෙන් වගකීම ගන්නේ ඉතා සුලු කොටසකි, ඔබ පරාජය තනිව වගකීම භාරගත් නිසා සහ එයට කොන්දක් තිබූ නිසා සමහරු කරන චෝදනා ගැන මොහොතකටවත් කලකිරෙන්න එපා ඒ වෙනුවෙනුයි ඔබ අද හිරගෙවල්වල හිරකර තබන්නේ,
    මහින්ද ජනාධිපතිතුමාට සැමදා අයෝමය ශක්තියක් වූ ඔබ ඉදිරියේ ගනු ලබන උපායමාර්ග අනිවාර්යයෙන් සාර්ථකවී නැවතත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව අපේ පොදු ජනතාවගේ දෙශප්‍රෙමි රජයක් බිහිකිරීමට ඔබට තුනුරුවන්ගේ සරණ මෙන්ම සියලු දෙවියාගේ ආශිර්වාදය ලැබේනවා සිකුරුයි ,

Main News