කවුරු විරුද්ද වුණත් අත්තනගල්ල විමුක්තිටයි.. ඊළග ඡන්දෙටත් එනවා.. චන්ද්‍රිකා ‘ප්ලෑන් B’ අරඹයි..
November 10, 2016 at 11:20 am | lanka C news
කවුරුන් විරුද්ද වුවද තම පුත් විමුක්ති කුමාරතුංග අත්තනගල්ල ආසනයේ ශ්‍රීලනිප සංවිධායකයා ලෙස පත් කර ඊළග මැතිවරණයට සූදානම් කරවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ සමීපතයින් සමග පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙයි.
පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රීලනිප ප්‍රධානීන් ඉදිරියේ මෙම යෝජනාව ගෙන ආ අවස්ථාවේ ඊට දැඩි විරෝධයක් පැන නැගීම හේතුවෙන් හිටපු ජනපතිනිය මේ සදිනවල දැඩි කණගාටුවෙන් පසුවන බවද සදහන්ය.
ජනතාව අතර නොසිටි නිසා විමුක්තිට කිසිසේත්ම මැතිවරණයක් ජයගත නොහැකි ගම්පහ ප්‍රබලයින් එදින ඇගේ මුහුණටම පවසා ඇත.
මේ තත්වය මත ඊළග මැතිවණයේදී අත්තනගල්ල ආසනයෙන් විමුක්ති තරග කරවීමට ඇය තීරණය කර ඇති අතර ඒ සදහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීම සදහා විමුක්ති කුමාරතුංග ඉතා ඉක්මනින් මෙරටට කැදවනු ඇති බවත් පැවසෙයි.
මොකද මෙයා බී එකෙන් කොරන්නෙ, ඒ එකෙන්නෙ නිතර කොලේ
vimukthi nowaie thoge maha eikawa aragina wara….! thopita salakapu kalyi iewarai patta…ho…. nilapayrumal
pandaranayagam….apith thopita vote kalanay….