කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

May 16, 2020 at 12:01 am | lanka C news
කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා සාකච්ඡාව කැඳවා තිබිණි.

රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

“රටට ආවේණික නොවන සහ පරිසර සංරක්ෂණයට අදාළ නොවන වන වගා ඉවත් කොට රටට ගැලපෙන වගා හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතුය. ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැත. ඒ ඒ ආයතන අතර අවබෝධයෙන් හා රාජ්‍ය ප්‍රතිපත්ති හඳුනාගෙන කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු විසඳා ගත හැකිය. රජය නිවැරදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලුම රාජ්‍ය ආයතන එම ප්‍රතිපත්ති අනුව වැඩ කළ යුතුය. හරි දේ කිරීමට කිසිවිටෙක බාධාවක් තිබිය නොහැක. නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි. රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව” ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වසර ගණනාවක් තිස්සේ එතනෝල් ආනයනය නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත් බව පෙන්වා දුන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී එම තීරණය වෙනස් නොකරන බව ද කීය.

අනුබද්ධ ආයතන අතර පවතින ගැටළු නිසි පරිදි සාකච්ඡාවට නොගැනීමෙන් නඩු මගට යෑමට රජයේ ආයතනවලට සිදුව ඇති බවද මෙහිදී හෙළි විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නඩු 800ක් පමණ ගොනු කර ඇති අතර ඉන් 300 ක් පමණ වැවිලි සමාගම් සමග බවද හෙළි විය.

අමාත්‍ය රෙමේෂ් පතිරණ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

මේ තමා ලංකාවේ ජනාධිපති… පු.. ඉත්තෑවෝ දුවන උන් පැත්තකට වෙයල්ලා…🖕

Gepostet von Indika Liyanage am Freitag, 15. Mai 2020

96,441 Viewers

58 Comments to “කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    රාජ්‍ය සේවය හරි මඟට, රට දියුණුවට, මහජනතාව සෞභාග්‍යය කරා.

    • ගාමිණී කරුණාරත්න says:

      රාජ්‍ය සේවය හරි මගට. බොරුවට වන්චාවට තිත.කේලම්කාරයින්ට වාරනය. දූෂණයට පගාවට තිත.අවන්කව කාර්‍යක්ශමව ඉක්මනින් රජකාරිය කරන්නන්ට අවස්තාව.

      පලිගැනීම් වලට ලක්වූවන්ට අවස්තාව. කෙලින් නීතිගරුකව රාජකාරි කරන්නන්ට ආයෙත් අවස්තාව.

      අතිගරු ජනාධිපති තුමා බොරුවෙන් කේලම් වලින් මුලා කල නොහැකිය.

      ජයශ්‍රී !

      • Alapaluwa says:

        මා දැක්ක ලස්සණ දසුනකින් මගේ සිත කොතරම් ඈදිගියාද කිවහොත් ඒ හැඟීම මට මෙතන ලියා තබන්න සිතුණා.ඒ දසුනනම් මේ නිහතමානි ගොටභය මැතිතුමා තම මැතිණිය(බිරිදත්) සමග ආහාරයක් ගන්නවා එකම මේසයේ ඔවුගේ රියදුරත් සමග  එම ආහාරම ..බලන්න කොතරම් නිහතමානි සරළ විදියට සිතන,ජිවත්වන  පුද්ගලයෙක්ද කියා.ඔබ දැකාලා තීබේද මේ වැනි ජනාධිපතිවරුන් අපේ ලංකාවේ සිටපු. කටින් බොරු පුචානම් දොඩවනවට වඩා කොතරම් උසස්ද මේ ආදර්ශය මෙතුමාගේ. සෑම තැනකම දකින්න ලැබෙන්නේ අපිට මෙවැනි ආදර්ශමත් දසුන්

        • Heera says:

          ජූනි 20 පවත්වන මැතිවරණය අවලංගු කළොත් පාර්ලිමේන්තුව විසුරුවපු ගැසට්ටුවත් අවලංගු වෙනවද? එහෙම අවලංගු වෙනවානම් වසර 4 1/2ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනෙක් දුන් ඒකමතික තීරණයත් අවලංගු වෙනවද?

          • හැලීගේ ධූම කේතුව says:

            උඹ උදේට කෑවේ බයියොක්කා නේද ? එතකොට ඔළුවට ඊයා වගේ ඒව එනවා. මට පේන්නේ ඉස්කෝලෙ ගිහින් නැද්ද ම කොහෙද.

    • SL says:

      රාජ්‍ය සේවයේ දුර්වලතාව මනින්න පහසුම එකක් තමයි අපි හැමදාම යන පාරවල් සහ අපිට පෙනෙන ඉස්සර ලස්සනට තිබුණු දැන් කුණු කානු වෙලා තියෙන වතුර පාරවල්.

      1.පරකාර්පට් කරගෙන ගිහින් සතියකින් ජලසම්පාදනෙන් ඇවිත් පාර හාරාගෙන යනවා ලීක් වෙන බට හදන්න හරි අලුතෙන් බට දාන්න හරි .අලුතෙන් ගෙවල් වලට වතුර දෙන්න හරි ………….

      3. මහවැලි අධිකාරියට අයිති හැම ජලප්‍රවාහයකටම කුණු කානු හරවන්න දීල එකෙන් වතුර ගන්න ජලසම්පාදනේ බිලියන ගානක් වියදම් කරනවා වතුර පිරිපහදු කරලා ආයෙත් මිනිස්සුන්ට බොන්න දෙන්න.

      මේවට හිටපු දේශපාලකයොත් වගකියන්න ඕනේ. නමුත් බහුතරය පඩිය අරන් සාකුවේ දාගෙන , පගාවකින් ඕනෙම නීතියක් නමන රජජයේ සේවකයෝ ..

    • Mettha says:

      samanyen hari miaga hariyata danne budu hamuduruwa thamai. Ape janadhipathi thumath ehemanam itha hondai. ehema nowunoth covid medalapu soukya sevayath iwarai

  2. gayantha says:

    පාර්ලිමේන්තුව නැතුව වියදම් කරන්න පුළුවන් කියන්නෙ තුනෙන් දෙක උනත් අදාලම නෑ

  3. B4 UNP now Gota says:

    එකටනම් ආදරේ y

  4. විමර්ශන says:

    ඇති යාන්තං ලංකාවට නිවැරදි දැක්මක් ඇති පාලකයෙක් හම්බුනා .

  5. Opa-dupa says:

    ඔලුව අත ගගා අපේ රටේ මිනිස්සුන් ගෙන් වැඩ ගන්න බැහැ. කෝටුව අතට ගන්නම වෙනව . අපේ රටේ වැඩි දෙනා කැමති හොදට හරි බරි ගැහිල වාඩි වෙලා කාට හරි බැන බැන ඉන්න .

  6. Mark says:

    Great. That message is valid for Ministers & MP’s.

    • ගුරුළු says:

      ඉඩම් ඇමති චන්ද්‍රසේන ඉවත් කර එයට දේශප්‍රේමී රට ජාතියට ආදරයකරන සිංහලක් පත්කරන්න ..පුරා ව්ද්‍යා කොමසාරිස් ඇතුළු සියලුම පුද්ගලයන් ගැන පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කලයුතුයි ..පුරා විද්‍යා දෙපර්තමේන්තුවෙන් අපේ රටේ කිසිදු ඉපැරණි බෞද්ධ ජාතික උරුමයන් නිසිලෙස ආරක්ෂා නොවේ
      ජනපති තුමෙනි ,මේගැන ඔබතුමාගේ අවධානය මේ සදහා යොමුකරන්න

      • ගුරුළු says:

        ඉඩම් ඇමති චන්ද්‍රසේන ඉවත් කර එයට දේශප්‍රේමී රට ජාතියට ආදරයකරන සිංහලයෙක් පත්කරන්න

  7. T says:

    Oba Tumata Trivda Ratnay Pihiten Me Tun Sinhalaya Jaya Ganimata Labewa.

  8. Upul says:

    I think what you say is absolutely correct. If they will or want to listen to you is another issue. They are only used to blame the others and not this type of mentality.

  9. Crazy says:

    This is the long waited system change Sri Lankan wanted. Now protect and support him.!

  10. රටවැසි says:

    අඳුර මැකී දැන් ටික ටික එළි වැටෙන්නා . උපන් බිමට බරක් නොවෙන ජනපති තුමනි , ආශීර්වාද වේවා !

  11. Kotalawala says:

    ලංකාවෙ හරි ප්‍රතිපත්තිය කියන්නෙ අලුත්කඩේ කලු සුද්දන්ගේ බටහිර ගැති ප්‍රතිපත්තිය බව ජනාධිපති දන්නේ නැද්ද?

  12. Kaldemulle athula polusiri says:

    Wela open pohottowo 10k sajith samaga horen katha

  13. Sydney ajith/nalika hora debeya says:

    Ela ela ela ohoma yan mahinda ayya oyawa elawanakam

  14. liyanage says:

    Excellent..Sir, please proceed with and don’t let dirty politicians to sabotage your genuine efforts. May noble triple gems bless you..!

  15. Paranawidanan Ranjan says:

    you should get the country into correct path.

  16. samarasinghe.H says:

    you and your party members and other party members all are very good Actors and Actresses…fooling the poor peoples ,whitepeople countries helping for corona u enjoy with u r party members…

  17. ara says:

    Correct. We agree with you 100%. The old and and archaque Officials in your Office also should be sent home. if you got ahead with them finally you will fall in to the same pit that Maithripala Sirisana fell

    • Ayatollah says:

      t
      THESE OLD OFFICERS ARE BACK AFTER YOU APPOINTED A COMMITTEE TO SELECT THE SUITABLE and they got themselves elected for prime positions in the government. Majority are having corrupt charges and some are owners of prime apartment complexes at Wellawatte.

  18. MD says:

    Yes nam Yes No nam No.Excellent

  19. Elmo Perera says:

    ALL DEVELOPMENT PROJECTS AND SPECIAL PROJECTS INITIATED BY HE SHOULD BE MONITORED AT A MONTHLY/BI MONTHLY CONFERENCE MONITORED ATPRESIDENTIAL SECRETARIAT BY HE HIMSELF. THEN NO ONE WILLABLE TO GIVE EXCUSES

  20. SL says:

    Super!!’
    Most of the gvt sector workers drag the things without solving minor issues.This attitude must be changed

    Most of the cases workers expect bribes from Pion to Executives in many dept.

  21. siran says:

    සද්භාවයෙන් ක්‍රියාකරන නිලධාරින් ආරක්ෂක පනතක් සම්මත කල යුතුය. ආයතන සන්ග්‍රහය වෙනි යල් පිනු සේවක, නිලධාරි,මර්දන නීති වෙනස් කොට සාධාරණ නීති සැකසිය යුතුය.

  22. Dp says:

    ඊයේ ප්‍රවුර්ති වල මේක අැහුවම හරි අාඩමබරයක් අැති වුනා. කෙලින් තීරන ගන්න අවශ්‍ය දේ අවශ්‍ය කෙනාට කෙලින්ම කියන ශක්තිමත් නායකයෙක් රටේ වගකීම භාර ගෙන.වෙනස සිදුවෙමින් පවතී.

  23. Mala says:

    අපේ රටේ ඉන්න ගොඩක් ඉහල නිලදාරීන්ට ප්‍රායෝගික දැනූමක් නෑ. පොතේ දැනුම විතරයි. දන්න ටිකත් ක්‍රියාවට නන්වන්න පන බයයි. වැඩකරන්න කැමති පහල නිලදාරීන් ඒනිසා ඉන්නේ හරිම පීඩනයෙන්. අලුත් යෝජනාවක් කලාම බුදු අම්මේ ඒකෙන් මගාරින්න ලොක්කො දාන සෙල්ල්ම්.

  24. chandana says:

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏

  25. Mala says:

    සමහර ආයතන තියෙන්නෙ මොකටද කියලා අපට හිතාගන්න බෑ. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙක ගත්තම වතුර නැතුව මිනිස්සු දුක්විදිනවා. ඉස්සර සරුවවට තිබුනු මේ පැතිවල ජල උල්පත් සිදිල තියෙන්නෙ කදු උඩ වවලා තියෙන පයිනස් වගාව නිසා කියලා සාමාන්‍ය මිනිස්සු පවා දන්නවා. ඒත් අදාල නිලදාරීන් ට තේරෙන්නෙ නෑ. රිලවුන්ගෙන් ඌරන්ගෙන් වගාවලට හානි වෙන්නෙ උන් ගම් වදින්නෙ ඉස්සර් උන්ට කැලෑවල කන්න තිබුන දේවල් දැන් නැති නිසා. කොස් දෙල් වගේ දේවල් තිබුන කැලෑවල දැන් තියෙන්නෙ පයිනස්. ඒවගෙ උන් මොනවා කන්නද? පවු අහින්සක සත්තු.

  26. banda says:

    සහතික ඇත්ත ජනාධිපතිතුමනි, ණයක් ගන්න ඔවුන් ලඟට ගියාම හරියට අපිට උගෙ අම්මගේ අප්පාගෙ බූදලෙ ගන්න ගියා වගේ සලකන්නේ. අපි රජයට පොලියකුත් එක්ක වැටුපෙන් අඩුකරගෙන ණයක් ගන්න යන්නේ. ඒ වුණාට කුට්ටිය එනවුන්ට අඬගහලා ණය දෙන්නේ. සක්කිලියෝ උන් ඔක්කොම මිනිස්සු ගැන හිතන්නෙ නෑ. විශේෂයෙන්ම මුල්‍ය ෆිනෑන්ස් සමාගම් උන් මිනිස්සු හුරාගෙන කාලා ඔළුව උස්සන්න බැරි වෙන්න. ඒවා නතර කරන්න. ඔබතුමාට ගොඩාක් පිං

  27. sena says:

    ඉදිරියටත් නිවැරදි තින්දු තිරණ ගැනිමටත්
    ගරු ජනාධිපතුමා ඇතුලු මේ නිලධාරින් සමගම ඉදිරියටත් මේ රට සොව්බාග්ය නිතිගරුක දැහැමි රටක් කිරිමටත් මේරට පාලනයකිරිමටත් ඔබ සියලුදෙනාටම යොධබල යොධවිර්ය ලැබෙවා මේ ලක්දෙරණේ වැඩසිටින දළදාවහන්සෙගෙත් ලෝකය පාලනයකරන තිස්තුන්කොටියක් දෙවිවරුන්ගෙත් අශිර්වාදයත් ලැබේවායි නිදුක් නිරොගි සුවය ලැබේවායි අප එකහිතින් ප්‍රර්ථනාකරනවා

  28. Ronnie says:

    Mahinda aiyatada kiwwe ???

    • ahinsaka niladaruwa says:

      ne ne awankawa weda karana niladhareentai kiwwe, un maha wadyak. kiyana de karannema ne. neethiyatamai weda.

  29. kings says:

    Day by Day we realizing our value of correct vote. Now we can keep hope to live in a developed country for our children. You are great Hon. President. Salute.

    • Mettha says:

      ane Ameriawa wage “developed country” ekak hadagena corona hedila merenna one nehe. oya me masa deke kala beela hitya widiha hondai.

  30. Niroshana says:

    රට ගොඩ නැගීමටනම් නව නීති ක්‍රමයක් හා අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමෙන් පමණක් මේ රට නැවත අභිමාණවත් දියුණු රටක් කරා යා හැකියි ..ජය වේවා!!!

  31. Liyanage says:

    Correction, not all politicians are dirty, there are very good genuine politicians in your government. Hope, a lot good people may also join after next election. If they work for achieving your vision, you can develop this country.

  32. harsha says:

    ammo athi yanthan me vidihata tirana ganna nayakayek innawa kiyala danenakota hitata puduma nidahasak

  33. දේශප්‍රේමියා says:

    ඉල්ලා අස් වෙන්න කියලා නෙමෙයි ජනාධිපති තුමණි කිවයුතුව තිබුනේ….

    ඔබේ ක්‍රමයට වැඩ නොකරන අයව සේවයෙන් නෙරපනවා කියලයි…

    පෞද්ගලික අංශයේ තියෙන Annual Evaluation,target achievement රාජ්‍ය සේවයටත් යොදාගන්න. Warning letters,termination of service ක්‍රියාත්මකකරන්න.

    රාජ්‍ය සේවයේ දැනට ඉන්න හොර හැතිකරේට වඩා හොද කාර්‍යක්ශම තරුණ පිරිසක් සේවා වියුක්තියෙන් ඉන්නවා කියලා මතකයේ තියාගන්න ජනාධිපතිතුමණි.

    • wedkarua says:

      oya mukuthma wedak karanne nehe neda. kathawen hithaganna puluwan. mokada weda karana minissu tikak baya wela iddi oya weeraya wela.

      • දේශප්‍රේමියා says:

        මගේ රස්සාව මෙතනට අදාලම නෑ නේද?
        මං කරලා තියෙන ප්‍රකාශය නිවැරදි නම්.

    • sumith says:

      You are correct

  34. herath says:

    ඉක්මනින්ම අැමති හොරැ අයින් කරන්න වෙයි.

  35. dinuka jayarathna says:

    Excellent Jayawewa

  36. N.Wimaladasa says:

    Unfinished Economy task and development of Economy is not that so easy ,while there is NOT short cut of path for development in Island . That is simple facts to understood by GR. We need team and pool work of all round sustainability of progress of national development of Island.
    1 First that past failure of development lessons has to in depth study by ours own think tank/
    2 Take ground realist of existence of fundamental economy by your team?
    3 Look at Neo-liberalism is what

  37. N.Wimaladasa says:

    Unfinished Economy task and development of Economy is not that so easy ,while there is NOT short cut of path for development in Island . That is simple facts to understood by GR. We need team and pool work of all round sustainability of progress of national development of Island.
    1 First that could taken past failure of development lessons has to be in depth study by ours own think tank.
    2 Take ground realist of existence of fundamental economy by your team?
    3 Look at what is real that order of Economy and politics of Neo-liberalism in last 40 odd years since 1977 rule by UNP -JRJ.
    4 Since 1956 to 1976 Economy phenomenon has different mode of development in Island.this has to taken into account by GR and MR.
    5 Govt services and manpower of mental and manual labor -power are to discharge duties by set policies which that laid down by GR+ MR set of Democracy and Development guide-lines and its policies.

  38. N.Wimaladasa says:

    Unfinished Economy task and development of Economy is not that so easy ,while there is NOT short cut of path for development in Island . That is simple facts to understood by GR. We need team and pool work of all round sustainability of progress of national development of Island.
    1 First that could taken past failure of development lessons has to be in depth study by ours own think tank.
    2 Take ground realist of existence of fundamental economy by your team?
    3 Look at what is real that order of Economy and politics of Neo-liberalism in last 40 odd years since 1977 rule by UNP -JRJ.
    4 Since 1956 to 1976 Economy phenomenon has different mode of development in Island.this has to taken into account by GR and MR.
    5 Govt services and manpower of mental and manual labor -power are to discharge duties by set policies which that laid down by GR+ MR set of Democracy and Development guide-lines and its policies.
    6 Ongoing Conorvrius is Not roots of Economy crisis,it is hit by lopsided development of Globalization of
    so-called new GVC and GSC in international division of labor headed by USA ,UK ,EU and Japan dominated economy by hegemonic of monopoly capitalism .
    We could be aware in and out an illusion of Old Economy Order is not that going work in 21st century in Locally and Globally .

  39. N.Wimaladasa says:

    Unfinished Economy task and development of Economy is not that so easy ,while there is NOT short cut of path for development in Island . That is simple facts to understood by GR. We need team and pool work of all round sustainability of progress of national development of Island.
    1 First that could taken past of that failure of development lessons has to be in depth study by ours own think tank.
    2 Take ground realist of existence of fundamental economy by your team?
    3 Look at what is real that order of Economy and politics of Neo-liberalism in last 40 odd years since 1977 rule by UNP -JRJ….until UNP by Ranil W,, put nation in mad-house since 2015 Jan 8th to 2019 November 16th .
    4 Since 1956 to 1976 Economy phenomenon has different mode of development in Island.Which has to taken into account by GR and MR set of policies by SLPP.
    5 Govt services and manpower of mental and manual labor -power are to discharge duties by set policies which that laid down by GR+ MR set of Democracy and Development guide-lines and its policies.
    6 Ongoing Conorvrius is Not roots of Economy crisis,it is hit by lopsided development of Globalization of
    so-called new Global Value Chain and Global Supply Chain in that old form of International division of labor headed by USA ,UK ,EU and Japan dominated economy by hegemonic of monopoly capitalism .

    We could be aware of in and out an illusion of Old Economy Order is not that going work in 21st century in Locally and Globally .

  40. Parakum says:

    Yes Sir, Yes Sir, Three bags full Sir,

  41. Saman says:

    මේ මාසේ පඩියෙන් බාගයක් ඉල්ලනවා ලබන මාසේ ගැනිවත් ඉල්ලයිද දන්නේ නැහැ. මෙහෙමත් ජරා දේශපාලකයෝ

    • siril says:

      මන් දන්නවා උඹ බලාගෙන ඉන්නේ උඹේ ගෑනිව කාගේ හරි ඇඟේ ගහන්න තමයි. ඒත් .. , හැබැයි කවුරුත් ඉල්ලන එකක් නම් නෑ ..හේතුව තමයි උඹ පාවිච්චි කරපු දෙයක් ගන්න කවුද බං කැමති වෙන්නේ?

  42. siril says:

    හරිම හොඳ දෙයක් එතනෝල් ආනයනය තහනම් කරපු එක. සිංහලජාතිකයෙක් වගේ පෙන්න නම කොට කරගත්තු ,ද්‍රවිඩ ජාතික රවී කරුණානායක යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති වෙලා ඉන්න කාලේ එතනෝල් ආනයන බද්දෙන් නිදහස් කරා , මොකද දන්නවද මිනිහගේ කොම්පැනියේ තමයි එතනෝල් වැඩියෙන්ම ආනයනය කරන්නේ . මිනිහ මුදල ඇමති වෙලා ඉන්න කොට බජට් එක හැදුවේ මිනිහටයි මිනිහගේ ඇ ම්බැ ට්ටයන්ටයි වාසි වෙන්න, රටේ ආර්ථිකය ගැන හිතලා නෙවෙයි.
    එතනෝල් කියන්නේ රටට අවශ්‍ය නැතිම දෙයක්.

Leave a Comment