කසල තේ කලවම් කර ප‍්‍රතිඅපනයනය ජයටම යයි.. ලංකාවේ තේ මිල බහී…

November 20, 2021 at 3:24 am | lanka C news
කසල තේ කලවම් කර ප‍්‍රතිඅපනයනය ජයටම යයි.. ලංකාවේ තේ මිල බහී…

අද වන විට මෙරට අමු තේ දලු මිල වේගයෙන් පහල බසිමින් ඇතැයි කුඩා තේ වතු හිමියෝ කියා සිටිති.

ඉන්දියාවෙන් හා කෙන්යාවෙන් බාල තේ අානයනය කර මෙරට තේ වලට මිශ්‍ර කර ප්‍රති අපනයනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව බලයට එද්දී රුපියල් 120ක තිබූ අමු තේ දලු කිලෝව අද වන විට රුපියල් 88 සීමාවට පහත වැටී ඇතැයි කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් බරපතළ ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවද ඔහු පැවසීය.

විදේශයන්ගෙන් තේ ආනයනය කර මෙරට තේ සදහා 30%ක් මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දීමට රජය ගෙන ඇති තීන්දුව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

13,606 views

5 Comments to “කසල තේ කලවම් කර ප‍්‍රතිඅපනයනය ජයටම යයි.. ලංකාවේ තේ මිල බහී…”

  1. ඩොලර් හොයන විදිහ says:

    ගම්පොළ අපෙන් රුපියල් 78.00ට ගන්නෙ .
    නියමයි එතකොට කොළඹ මිනිස්සු කඩෙන් සල්ලි වලට packet කරපුව ගන්නෙ කෙන්‍ යාවේ ඉන්දීයවෙ ජරාව

  2. පොඩි එකා says:

    පිටරටින් ගෙන්නුවෙ නැත්තං කොහෙන්ද කොමිස් ?
    කටවහගෙන හිටපිය .
    නැට්තං 50% ක් ගෙන්නනවා

  3. රට වැසියන් says:

    2/3 ක බලයකුත් තියාගෙන, අති ප්‍රබල ජනාධිපති බලතලත් ඇතුව මේවා නවත්වන්න තරම් කොන්දක් නැත්නම්, උවමනාවක් නැත්නම් ඉතිරි අවුරුදු 3 වත් ආණ්ඩුවේ පැවත්ම අවදානම්ය… ජනාධිපති වරයා ඇතුළු සියලු දෙනා මතක තබා ගත යුතු දෙයක් ඇත….එනම් ඔබට ඡන්දය දෙන්නේ ජාවාරම් කාර හොර Business කාරයින් නොව අහිංසක ජනතාව බව… එමනිසා ජාවාරම් කාරයින් විනාශ කර දැමීමට දෙවරක් සිතිය යුතු නැති බව අපි ජනාධිපති වරයා ට දැනුම් දිය යුතුය…ඔබ පෙනී සිටිය යුතුතේ මේවායෙන් යැපෙන ජනතාව වෙනුවෙන් මිස හොර ජාවාරම් කාරයින් වෙනුවෙන් නොවන බව ජනාධිපති වරයා තේරුම් ගත යුතුය….

    • JOHN says:

      පොහොට්ටුව රට විනාශ නොකර පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න

  4. Gamarala says:

    රනිල්ගේ රජය කරුන්කා ගම්මිරිස් ගෙනාවා. මුන් දැන් තේකොල ගෙනාවා දෙගොල්ලොම එකම හොරු රැල.

Leave a Comment

Main News