කසළ ප්‍රශ්ණයට තිත තැබීම අැරඹෙයි…
December 26, 2017 at 8:02 am | lanka C news
මුන්දලම මංගඑළිය ප්‍රදේශයේ ස්ථාපිත පොලිතින් ප්රතිචක්රීයකරණය කර නව නිෂ්පාදන ඒ තුළින් බිහිකිරීම සදහා කර්මාන්ත ශාලාවක් මංගලඑළියේදී වාරි මාර්ග ජල කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
මේ සදහා වයඹ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් සමග ගරුතර සංඝරත්නයද ඇතුළු අන්‍යාගමික නායකයින් රැසක් විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගිවී තිබෙනු දැකගත හැකි විය.
මෙහිදී උත්සව සභාව ඇමතූ ජල කළමණාකරණ හා වාරිමාර්ග රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ අපද්‍රව්‍ය හා කසළ අද අපේ රටට බලවත් ප්රශ්නයක්ව තිබියදී කර්මාන්තශාලාවේ අධිපති විජිත සාමෙල් මහතා කෝටි ගණනක ආයෝජනයක් කොට ඉදිකෙරුණු මෙම කර්මාන්තශාලව තුළින් දිස්ත්‍රික්කය පුරා කසල වු පොලිතින් ටොන් 200 ක් මසකට ප්රතිචක්රීයකරණය කොට නව පොලිතින් බෑග්, පොලිතින් ෂීට්, මල් බාස්කට්, ඇතුළු ප්ලාස්ටික් උපකරණ නිපදවීමට ගෙන තිබිම රටේ කුණු වලට බලවත් අභියෝගයක් එල්ල කර සිටින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා පවසා සිටියේ රටේ තැන තැන කුණු සදහා නැගෙන උද්ඝෝෂණ මෙන්ම කොළඹ කුණු අපට එපා යනුවෙන් කරන ප්‍රචාරයන්වලට ද අභියෝගයක් එල්ල වීමට මෙය හේතු වන බවත්,පරිසර අධිකාරිය නියෝජනය කරමින් පරිසර හිතකාමි කටයුත්තක යෙදෙන මොවුන් රටට දායාදයක් බවයි හෙතෙම පවසා සිටියේ.
ප්‍රදේශයේ පරිසර හිතකාමී බොහෝ දෙනෙක් මෙම උත්සව අවස්ථාවට එක් වු අතර මෙහිදී කර්මාන්තශාලාව තුළින් සිදුකෙරෙන කාර්ය භාර්ය නැරඹීමද එහි සුවිශේෂි අවස්ථාවක් බවට පත්ව තිබුණි.
– කේ.ප්‍රියංකර
good work