කසාදෙදාම මගුල දෙදරයි.. අගමැති දිවුරුම් තැනම වාඩි කරවා ජනපතිගෙන් කුණු බැණුම්.. 225ම කැමති වුණත් අගමැති නොකරන බව යලිත් කියයි..

December 16, 2018 at 10:03 pm | lanka C news
කසාදෙදාම මගුල දෙදරයි.. අගමැති දිවුරුම් තැනම වාඩි කරවා ජනපතිගෙන් කුණු බැණුම්.. 225ම කැමති වුණත් අගමැති නොකරන බව යලිත් කියයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවරුම් දීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔවුන් ඉදිරියේදී දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදු කලේය.

පාර්ලිමේන්තුවේ 225ම පක්‍ෂ වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති නොකරන බවට තමන් විසින් කරන ලද මුල් ප‍්‍රකාශයේ තව දුරටත් සිටින බවත් එය තම පුද්ගලික අදහස වුවත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කල බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.

මහ බැංකු බැදුම්කර වංචාව ගැනද දැඩි දොස් පැවරීමක් ජනාධීපතිවරයා විසින් සිදු කලේ නව අගමැතිවරයා ඇතුළු එජාප නියෝජිතයන් ඉදිරියේදීමය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ අදහස් පල කිරීම මෙසේය.

2015 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණය, එම අභියෝගාත්මක මැතිවරණ ව්‍යාපාරය තුළ ලැබු විශිෂ්ට ජනතා ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වූ ඔවුන්ගේ අරමුණු හා ප්‍රාර්ථනාවන් සහ සිතුම් පැතුම් රාශියක් තිබුණා.

වසර හතරකට ආසන්න කාලයක් ඉක්ම යමින් තිබෙන මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන්ම පසුගිය කාලය තුළ අපි රජයක් විදියට ලබාගත් ජයග්‍රහණ හා කරපු ඉතිහාසයට එක්වන හොද වැඩ කොටස් රාශියක් තිබෙනවා වගේම ඉතාමත් අවැඩදායක වූ, අසුභ වූත් අවිචාර වූත් සිදුවීම් රාශියක් සිද්ධ වුණා. මෙතනදී මූලික වශයෙන්ම ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම පිළිබදව අපි සතුටුවෙනවා වගේම රටේ ජනතාව සමග අපිට එකතු වෙන්න වෙනවා අපි බලාපොරොත්තු වූ තැනට රට අපට ගෙනියන්න නොලැබීම පිලිබඳව. ඒ තත්ත්වය ඉදිරියට මම දන්නේ නැහැ කොතෙක් දුරට සාර්ථකව ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි ද කියලා.

2015 ජයග්‍රහණයෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලය තෝරන අවස්ථාවේ ඉදලම මම ඔබට ප්‍රකාශ කර ඇති පරිදි අපේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රතිඥාවන් කඩවුණා. විද්‍යාත්මක පදනමෙන් අමාත්‍යාංශ වෙන්කළයුතුයි කියලා මැතිවරණ ප්‍රකාශයේ තිබුණා. විශේෂඥ කණ්ඩායමක් පත්කරලා ඒ කටයුතු කරගෙන ගිහින් තිබුණා. නමුත් මම දන්න විදියට ඒ ලිපි ගොනුවවත් බැලුව ද කියලා මම දන්නේ නැහැ.

එදා මෙදා කාලය තුළ සිදුවූ සිදුවීම්වදී ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු නොවූ ඉතාමත් අයහපත් තත්ත්වයන් රාශියකුත් ගොඩනැගුණා. යහපත් දේවල් ගත්තහම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ජනතාවගේ නිදහස, 19 වන සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, 19 වන සංශෝධනය මම දකින්නේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තුළ ඇති වූ ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් විදියට විතරයි. අනිත් පැත්ත මම අද දකින්නේ විශාල දේශපාලන ආරවුලක් විදියටයි. ඒ වගේම 19 වන සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේදී වගේම රටේ අනිත් තනතුරුවලට පත් කිරීමේ දී ව්‍යවස්ථාසභාව කෙතෙක් දුරට අපක්ෂපාතී වුණා ද, සාධාරණ වුණා ද කියන කාරණය මටනම් ප්‍රශ්නයක්. අද අගවිනිසුරුගේ ඉදලා, නීතිපති, පොලිස්පති ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. මම දැක්ක ප්‍රධාන දේ තමයි ව්‍යවස්දායකසභාව තුළ අධිකරණයට පත්කිරීම් කිරිමේ දී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් ඉදිරිපත් කළහම ඒවා ප්‍රතික්ෂේප වුණා.

අධිකරණ ක්ෂ්ත්‍රයේ විනිශ්චයකාවරු පිරිසක් අතරේ මට චෝදනාවක් තිබෙනවා මේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ අයට මම පත්වීම් ලබා දේන්නේ නැහැ කියලා. මම පැහැදිළිව කියන්න ඕන ඒ චෝදනාවට ලක්වී තිබෙන සෑම නමක්ම මම ව්‍යවස්ථා සභාවට යවලා තිබෙනවා. ව්‍යවස්ථා සභාව ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ තුළ අධිකරණයේ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ධූර දරන අයට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා විනිශ්චයකාරවරු පත් කිරීමේ ව්‍යවස්ථා සභාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතිද, මධ්‍යස්ථ ද කියන ප්‍රශ්නය පැන නැගිලා තිබෙනවා.

අපි මුහුණ දුන් ඉතාම කටුක අත්දැකීම් ගත්තහම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාජය කරලා රටේ ජනාධිපතිවරයෙක් පළමු වතාවට පරාජය කරලා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ විශේෂයෙන්ම එදා ඒ ආණ්ඩුවේ තිබුණ බරපතළ වැරදි නිසා. ඒ තුළ මූලිකම දේ තමයි දූෂණය සහ වංචාව, එතකොට දූෂණයට සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගත්තහම තමන්ගේ ඡන්දයෙන් මාස තුනක් යන්න කළින් ඇති වූ මහ බැංකු මහා මංකොල්ලය, 2015 වසරේ අවස්ථා දෙකක දී වාර්තා වූ සිද්ධින් අනුව අපි දූෂණයට විරුද්ධව ගෙනගිය සටන සම්පුර්ණයෙන් දූෂිත කළා. එය සම්පූර්ණයෙන් ජනතාවගේ ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සුණු විසුණු කරලා තිබෙනවා. යහපාලන දේශපාලන සංකල්පය විනාශ කරලා තිබෙනවා.

මම අද උදේත් දුරකථනයෙන් මහබැංකු අධිපතිවරයාට කතා කරලා ඇහුවා ජනාධිපති කොමිසම් සභාව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ තුළ ප්‍රධාන නිර්දේශයක් වූ වෝහාරික විගණනය අද වෙනකන් කරලා තියෙනව ද කියලා. අද වෙනකන් එය කෙරිලා නැහැ. ජනාධිපති කොමිෂන් සභාව පැහැදිළිව කියනවා.

මහ බැංකු මංකොල්ලයේ ජනතාවගේ මුදල්වල මූල්‍ය වටිනාකම තවම මෙතකැයි කියා සීමාවක් කිව නොහැක. මෙය අවුරුදු ගණනාවක් සිදු වී ඇත. වාර්තාවේ තිබෙනවා.

එතකොට ආර්ථික විශේෂඥයන් මට පහුගිය සතියෙත් මේ පිළිබඳ සාකච්ඡාවක දී කිව්වා වසර ගණනාවක් පුරා සිදුව ඇති මේ මහා මංකොල්ලය බිලියන් දාහකට එහා කියලා කිව්වා. අද වෙනකන් කිසිම විගණනයකින් කොමිෂන් සභා වාර්තාව අනුව සොයාගෙන නැති මුදල් කන්දරාවක්. එතකොට මේ ප්‍රශ්නයේ දී පැහැදිළිව ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දන්නවා,අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් මාව ජනාධිපති විදියට පත්කරලා සතියක් වගේ කාලයක් තුළ මම කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා. ඒක මගේ පත්වීමක්. ඒ නිසා මටත් චෝදනාවක් ආවා එහි වගකීම මමත් භාරගත යුතුයි කියලා. එසේ වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ක්‍රියාකාරිත්වය තුළ මේ සිදුවීම් සිදුවෙලා රට තුළ මහා ගින්නක් වගේ ඇතිවුණා. විශාල උණුසුමක් වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබඳව වැඩපිළිවෙළක් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවට සහයෝගය දුන්න ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහ අනිත් නිලධාරින්ට තර්ජන ආවා, ඒ අයට බලපෑම් ඇති වුණා. ඒ අයට විරුද්ධව පරික්ෂණ පැවැත්වුවා.

මම මහින්ද රාජපක්ෂ මහත්තයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ ඔක්තෝබර් 26 වෙනිදා. ඊට දවස් හතරකට කළින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහබැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඩුවම් පැමිණිම අවශ්‍යයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අල්ලස් හා දුෂණ කොමිෂන් සභා සංශෝධන පනත වචන කිහිපයක් සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යවලා මාස 05 කට වැඩිය මේක කබඞ් ඇතුලේ තිබුණා. මම මේ ගැන අවස්ථා කිහියක් තළතා අතුකෝරළ ඇමතිණියට කිව්වා එතුමිය අධිකරණ ඇමතිණි නිසා. කිරිඅල්ල ඇමිතිතුමාට කිව්වා. කිරිඇල්ල ඇමතිතුමා කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් අවසානයේ දින නියමයක් නැතිව එම සංශෝධනය කල් දැම්මා. දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15 කට 20 කටවත් මේ බිලියන් දාහකට වැඩියි කියන මහ මංකොල්ලයේ පරික්ෂණය කෙරෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. මුදල් අය කර ගැනීමට හැකි වන්නේ නැහැ. මේ ප්‍රශ්නය අදත් බරපතළයි.

ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ආරම්භ කළ සී.සී.එම් එක. ප්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ තුළ ගැටුම් රාශියක් ඇතිවුණා. ඇත්තටම කියනවනම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සැළකුවා ද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතළත් අගමැතිතුමා අරගෙන ක්‍රියාකළා. මම ඒවා ගැන ඇහුවේ නැහැ. රාජ්‍ය නායකයන් සමග ගනුදෙනුවලදී, ජාත්‍යන්තර ගිවිසුම්වල දී ඒ ආකාරයට එතුමා කටයුතු කළා. 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාට හිමි නැති බලතළ රනිල් වික්‍රමසිංහ මහත්තයා ක්‍රියාත්මක කළා. මම ඒත් නිහඩව හිටියා කළගුණ දන්න මිනිහෙක් විදියට. සිංගප්පුරු ගිවිසුම පිළිබඳව මම කොමිෂන් සභාවක් පත් කළා. එහි නිර්දේශ මට පසුගිය සතියේ ලැබුණා. එම නිර්දේශවල සදහන් වෙනවා මෙම ගිවිසුමේදී වැරදි රාශියක් සිදු වෙලා තිබෙන බව. මම ඒක දීර්ඝව පැහැදිළි කරන්නේ නැහැ මේ වෙලාවේ. විශේෂයෙන් එහි එක් ඡේදයක සඳහන් වෙනවා ඊට අදාළ නියෝජිත ආයතන, වෙලෙද, වරාය, කර්මාන්ත, මුදල් ඇතුළු අදාළ අමාත්‍යාංශ ඒ ගිවිසුම අත්සන් කිරීමට ඒ නිර්දේශ ගතයුතු ආයතන රාශියකින් ඒ නිර්දේශය ලබාගෙන නැතිකම කර තිබෙන බරපතළ වැරුද්දක් ලෙස මෙම වාර්තාවේ පෙන්වා දෙනවා. ඒ නිසා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මගේ අදහස එය රජයේ මැදිහත්වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එක. ඊට සංශෝධන කළයුතු වෙනවා. ඒ සංශෝධනවලදී මම දන්නේ නැහැ තවත් විශේෂඥයෝ යොදවලා සම්පූර්ණයෙන් මේ ගිවිසුම ඉවත් කරනව ද, සංශෝධන සහිතව කළහැකි ද කියන එක නීති විශාරදයන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් අනුව කළයුතු කාර්යයන් විදියටයි මම දකින්නේ. ඒ නිසා මේ තත්ත්වයන් වලදී ඉතා පැහැදිළිව සඳහන් කරන්නට ඕන මම මේ කියපු කරනු පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේදී අපි මේ අත්දැකිම් සමග ඉදිරියට වැඩකරන ක්‍රමය කොහොමද නිරවුල් කරගන්නේ කියන කාරණාව. මේ පිළිබද ඇතිවූ මතභේදවල දී ව්‍යවස්ථාදායකය සහ විධායකය මේ ගනුදෙනුව බේරගත්තනම් අපිට සති 07 ක කාලයක් යන්නේ නැහැ මේ ප්‍රශ්නය විසදගන්න.

ඒ මොකද මම සතුටු වෙනවා, මම ඔබතුමන්ලාට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට, ගරු කථානායකතුමාට, මම ස්තූතිවන්ත වෙනවා මෙම ගැටලුව නිරවුල් කර ගැනීමට කැදවූ සෑම සාකච්ඡාවකදීම තමුන්නාන්සේලා සහභාගී වුණා. මේ කාර්යාලයට ආවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒ කණ්ඩායම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ ඒ හැම කෙනෙක්ම ආවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්සත් ජාතික පෙරමුණේ සහෝදර පක්ෂ නායකයෝ ඒ සියලුදෙනා ඉතා විශිෂ්ට සහයෝගයක් දැක්වුවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබෙන සුහදකාමී වාතාවරණයක ඉතාමත් වැදගත් ලක්ෂණයක් විදියට මම සළකන්නේ. වේදිකාවල මහපාරේ මොනව කියාගත්තත් මනුෂ්‍යකමක් ඇතිවුණා එකට වාඩිවෙලා ඒ ප්‍රශ්න විසදා ගැනීමේ. නමුත් අපි අසමත් වුණා විධායකය සහ ව්‍යවස්ථාදයකය අතර ඒ ප්‍රශ්නය බේරගන්න. ඒ නිසා අධිකරණයට ගියා. අධිකරණයේදී දුන්න තීන්දුවේ දී මහජනතාව මොනවද කියන්නේ, නීති විශාරදයින් මේ ගැන මොනවද කියන්නේ, මම කියන්න ඕන මේ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඇතැම් අය කරන විග්‍රහ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වාර අවසන් කිරීම, අගමැති පත් කිරීම, ඉවත් කිරීම මේවා පිළිබඳව මම පිළිබඳව කරන විවේචනවල දී ඉතාම ළදරු ස්වභාවයේ විවේචන තමයි කරන්නේ. ඒ මොකද මම නීතඥයෙක් නොවන බව රටම දන්නවා. මම ඒ ගැසට් නිවේදනය නිකුත් කළේ මගේ තනි කැමැත්තට නෙවේ. මීට සම්බන්ධවූණා ජනාධිපති නිතිඥවරු, මීට සම්බන්ධ වුණා රටේ ඉහළම නිති විශාරදයින්. ඒ අය සාකච්ඡා කරලා තමයි ඔය ගැසට් නිවේදන සියල්ල සකස් කළේ.

එහෙම නැතිව ළදරුවෝ කරපු වැඩක් නොවේ, මෙහිදී හොදම උදාහරණය තමයි අධිකරණයේ මේ නඩු විභාගවන අවස්ථාවේ මාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, මම ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඒ අය මේ රටේ ඉහළම පෙළේ නීති විශාරදයින්. මම ගැසට් නිවේදන නිකුත් කිරීමේ දී ඔය කියන විදියට ළදරු වැඩක් කරලා තිබුණනම්, බාල වැඩක් කරලා තිබුණානම් මගේ පැත්තෙන් පෙනී සිටි එම නීති විශාරදයින් ඊට ඉදිරිපත් වන්නේ නැහැ.

විශේෂයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා සටන් ව්‍යාපාරය ගෙන ගියේ ඡන්දයක් එපා කියලා, උසාවි ගියේ ඡන්දයක් එපා කියලා. නමුත් මේ අර්බුදයේදී මේ දූෂිත වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්න ජනතාවට අවශ්‍යයි කියලා ජනමතයක් ඇතිවුණා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයෝ තුළත් ඇතිවුණා මම දන්නවා. ඒ අයත් කිව්වා අපෙත් ඉන්නවා වැරදි කරන අය ඒ අය ගෙදර යවන්න මැතිවරණයක් තමයි ඕන කියලා.

අධිකරණ තීන්දුව තුළ ජනතාව කියන්නේ ප්‍රශ්නය විසදන්න හොදම මග මේ දූෂිත පාර්ලිමේන්තුව විසුරලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්න අපට අවස්ථාව තිබුණා. ඒක නැතුවි ගියා අධිකරණ තීන්දුවෙන්. ජනතාවගේ ඡන්ද බලය නැතිවුණා අධිකරණ තින්දුවෙන් කියලා ජනතාව කියන්නේ, මම නෙවේ කියන්නේ, මම මේ සියලුදෙනාගෙන් අදහස් විමසනවා, ආගමික පූජකවරු, විද්වතුන් අහනවා. එතකොට බහුතර මතය අදත් අධිකරණ තීන්දුව කිසේ වෙතත් ඡන්දයක් දුන්නනම් හොදයි කියන එක තමයි ජනතාවගේ මතය. මන්ත්‍රීවරු 122 ක් අත්සන් කරලා අධිකරණයට දුන්නේ ඡන්දයක් එපා කියන ඉල්ලීමයි. ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තහම මම මේ කරුණු පිළිබඳව කතා කළේ අපි මේ පසුබිම් සමග අතීතයේ අත්දැකීම් සමග අනාගතය කොහොමද හදාගන්නේ කියන ප්‍රශ්නය තුළයි.

ඒ සමගම මම තමුන්නාන්සේලාට තව දෙයක් කියන්න ඕන. පහුගිය අවුරුදු හතරකට ආසන්න කාලය තුළ මේ දූෂණය වංචාව නැති කිරීමේ දී කාරණාවලදී මම කිව්වා මම හැමදාම කියන දෙයක් තියෙනවා විවිධ සමාජ බලවේගයන් රටේ තිබෙනවා, ආගමික බලවේග භාෂාව පිලිබඳ බලවේග, ඒ සිරිත් විරිත්, සම්ප්‍රදායන්, සංස්කෘතින් මේ පිළිබඳව අපේ රටේ තිබෙන බලවේග ඉතා ශක්තිමත් සහ පුළුල්. බොහෝ වෙලාවට රටේ ආණ්ඩු හදන්නේ ආණ්ඩු පෙරළන්නේ දේශපාලන මතයට වඩා මේ සංස්කෘතික බලවේග. මම බොහොම පැහැදිලිව පහුගිය කාලවලදී කිව්වා භික්ෂුන් වහන්සේලාට නඩු පැවරීමේදී මේ අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්නයේ දී පෙරහැරවල්වලට අලි නැහැ කියලා අලි ඉන්න දේවාල විහාර විතරක් නෙවේ, ඒක පුළුල් සමාජබෞද්ධාගමික, සංස්කෘතික විරෝධයක් දැඩි ලෙස ආවා. එතකොට මම බොහොම පැහැදිළිව කිව්වා මේ අලි ඇතුන් නිදහස් කරමු. මේකේ නිත්‍යානුකූල තත්ත්වය බලමු. එක දිගට භික්ෂුන් වහන්සේලා සිරභාරයට ගන්න මේ වැඬේ කරන්න එපා. මේ අලි ප්‍රශ්නයට කියලා. ඒ තුළ මුළු භික්ෂු සමාජය අපට නැතිව ගියා.

ඒ වගේම තමයි මම පැහැදිළිව කියන්න ඕන. ත්‍රිවිධ හමුදාව අත්අඩංගුවට ගැනීම, යුද්ධයක් කරපු රටක යුද ජයග්‍රහණය ලබාදීලා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණිවිරුවෝ හිරේ දාන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. ඒත් ඇහුවේ නැහැ.

අද ජාත්‍යන්තරය කියන විදියට අපේ හමුදාවන්ට දඩුවම් කරන්න ඕන, හැබැයි අපේ හමුදාව විනාශ කරපු ප්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඩුවම් නැහැ, ඒ මිනිස්සු ලෝකයේ රටවල්වල ඉන්නවා. එල්.ටී.ටී.ඊ එකේ ප්‍රබලයෝ, විදේශ රටවල ඉන්නවා. එතකොට ඔය කියන ජාත්‍යන්තරය අපිට තමවි ඇගිල්ල දික් කරන්නේ ඔක්කේම කරන්නේ, හමුදාවට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. මානව හිමිකම් කැඩුවා, ජාත්‍යන්තර යුද නීති කැඩුවා කියලා අපිට තමයි චෝදනා කරන්නේ. එතකොට අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක රටේ ජනාධිපතිවරයාගේ සිට සිවිල් ජනතාව ලක්ෂයක් විතර මැරුවා. එතකොට අද ජීවතුන් අතර ලෝකයේ රටවල්වල සැගවිලා ඉන්න මිනිස්සු ලංකාණ්ඩුවට සැගවිලා ඉන්න අය මේ රටට ගෙනල්ලා දඩුවම් දීමේ වැඩපිළිවෙළක් කොහෙද තියෙන්නේ, ජාත්‍යන්තරයෙන් එහෙම දෙයක් කතා කරන්නෙත් නැහැ, අපේ රටෙ ඇතුළෙන් කතා කරන්නෙත් නැහැ. හමුදාවට දඩුවම් දෙනවනම් ඒ අයටත් දඩුවම් දෙන්න ඕන. එහෙම නැත්නම් දෙගොල්ලන්ටම දඩුවම් අයින් කරගෙන එකඟතාවකට එන්න ඕන. මෙහිදී ඉතා පැහැදිලිව මම දරණ මතය තමයි එහෙම නැත්නම් ඔක්කොටම නඩු දාන්න ඕන, එහෙමත් නැත්නම් ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා හමුදාවල් නිදහස් කරගන්න ඕන. දැන් ද්‍රවිඩ සිරකාරයෝ නිදහස් කරන්න කියන ඉල්ලීම තිබෙනවා. අපි සාකච්චා කිහිපයක් පැවැත්වුවා. ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කරනවනම් අපේ හමුදාවන්වලට විරුද්ධව දැන් පහුගිය අවුරුදු ගානේ නොයෙකුත් නඩුවලින් සියලුදෙනා නිදහස් කරන්න ඕන. ඒක තමයි සාධාරණත්වය.

මේ ප්‍රශ්නයත් එක්ක අතිවූ කරුණු කාරණාවලදී තමුන්නාන්සේලාගේ කතිකයෝ කිව්වා මාව ගඩාෆි වගේ ඇදගෙන ගිහින් මරන්නේ කියලා, ඒ වගේම ඇතැම් මන්ත්‍රිවරු කිව්වා, මහගහ සේකර මාවතේ මගේ ගේ ගිනි තියලා, කුඩු කරලා මාවයි, දරුවොයි මරලා දානවා කිව්වා. තමුන්නාන්සේලා එක්ක ප්‍රවෘත්ති සාකච්ඡා තියපු එන්ජීඕ කාරයෝ එහෙම කිව්වා. ඇයි එහෙම කියන්නේ, මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට එහෙම කියලා නැහැ. දැඩි පාලකයෙක් විදියට සමාජය කතාකරන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ මේ රටේ ප්‍රශ්න ගණනාවක් වුණා. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට විරුද්ධව කතා කරලා මම හිරේ ගිය කෙනෙක්.

ජේ.ආර්. ජයවර්ධනට එහෙම කිව්වේ නැහැ. ප්‍රේමදාස මහත්තයට කිව්වේ නැහැ. චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව රටේ කොච්චර දේවල් සිද්ධ වුණාද, කවුරුත් එහෙම කිව්වේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට කවුරුත් කිව්වේ නැහැ ගඩාෆි වගේ ඇදගෙන යනවා කියලා. මට එහෙම කිව්වේ එහෙම කළානම් මම නිශ්ශබ්දව බලාගෙන ඉන්න මිනිහෙක් නිසා. ජේ.ආර්. ජයවර්ධනගේ ඉදලා හිටපු නායකයන්ට එහෙම කිව්වනම් ඒ කිසිවෙක් ඉතිරිවෙන්නේ නැහැ. හැබැයි දන්නවා මම වගේ මිනිහෙක් ගේ ගිනි තියන්නත් පුළුවන්. ගඩාෆි වගේ මාව ඇදගෙන යන්නත් පුළුවන් කියලා දන්නවා.

ඒක මගේ ප්‍රතිපත්තිය සහ දර්ශනය තුළ රටේ යහපත් සමාජයක මිනිස්සු හොද පැත්තට යනවා වගේම අපරාධකාරයෝ, පාතලයෝ, මිලේච්ඡ පිරිස ඒ ප්‍රකාශ කළේ ඒ නිසා. මාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන මම දැක්කේ නැහැ තමුන්නාන්සේලා කිසි තැනක මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඒක ඔප්පුවෙලා නෙවේ, නමුත් ඒකට කරුණු කාරණා රාශියක් තියෙනවා. දැන් මේ දිනවල මගේ භාරයේ පොලිසිය තිබුණු නිසා ඒ ප්‍රශ්නවල ලොකු ප්‍රගතියක් තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ රටේ ජනාධිපතිවරණයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණය අධිකරණයේ විභාගවන වෙලාවේ පහුගිය නඩු දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක්වත් නැහැ.

මේ ගැසට් නිවේදන ගැහුවේ නීති විශාරදයන්ගේ උපදෙස් අනුව ඉතාමත් සද් භාවයෙන් මම මේක කළේ. ඉතාමත් යහපත් චේතනාවෙන් කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළයුතුයි කියන අපවිත්‍ර චේතනාවකින් කරලා නැහැ. රට තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවුණා. ඒක විසදාගැනීමට හොදම ක්‍රමය ඡන්දයකට යාමයි. පාර්ලිමේන්තුවේ මේ ලියුම අත්සන් කළේ මන්ත්‍රිවරු 122 යි. මේ රටේ ලක්ෂ 155 ක ඡන්ද දායකයින් ඉන්නවා. මේ ලක්ෂ 155 ක් ඡන්ද දායකයින්ට බලය දෙන්න මම ගැසට් නිවේදනය ගැහුවේ පාර්ලිමේන්තුවේ ඉන්න 122 කට වැඩිය මේ ලක්ෂ 155 ඡන්දය තමයි ජනතා පරමාධිපත්‍ය තීරණාත්මක සාධකය සාක්ෂිය සහ රට වගේම ලෝකය පිළිගත යුතු වෙන්නේ කියලා. ඒ නිසයි මම එතනට ගියේ. බොහොම පැහැදිළි පිරිසිදු චේතනාව තුළ මම කරපු දේවල්වලට මට දඩුවම් දෙනවානම්, මඩ දඩුවම් දෙනවනම් දෝෂාභියෝග ගෙනවනම් ඒක වෙනම කාරණයක්.

නමුත් සත්‍යය ගලේ කෙටුව අකුරක් ලෙස ඉතිහාසයේ ලියවෙයි. උසාවිය මෙහෙම තීන්දු දුන්නට මගේ චේතනාව කුමක්ද, ලක්ෂ 155 කට ජනවරම දීම, පාර්ලිමේන්තුවේ ඡන්දය එපා කියපු 122 ට වඩා ශක්තිමත් කියා මම දන්නා නිසා.

ඒ නිසා මට ඕනම දඩුවක් දුන්නට ගැටලුවක් නැහැ මම මගේ දේශපාලන ජීවිතය තුළ මම පස් හය සැරයක් මැරණ මිනිහෙක්. මාව ඉස්සෙල්ලා මැරුවේ 71. මාව ජේවිපියට කිසිම සම්බන්ධයක් නැතුව මගේ පාසලේ විදුහල්පතිවරයා මගේ නම දීලා මාව චේගුවේරාකාරයා කියලා මට ගහලා මාව ගෙනිහිල්ලා මඩකලපුවේ හිර ගෙදර හිටියා. ඒ පළවෙනි දෙවියන් වහන්සේ මාව බේරා ගත්ත තැන.

“ධම්මෝ හවො රක්ඛති ධම්ම චාරි” මම ධාර්මික ජීවිතයක් පෙර මම ආත්මීය වශයෙන් ධාර්මික ජීවිතයක් පෙර ආත්ම වලත් ගත කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමා මගේ ජීවිතය බේරිලා තියෙන්නේ කියලා. එල්ටීටී එකෙන් මට පස් සැරයක් ගැහුවා.

“ධම්මෝ හවො රක්ඛති ධම්ම චාරි” කිවේ එකයි. මගේ මේ රෝම කූපයකට වත් දැනුනේ නැහැ. ඒ එක ප්‍රහාරයක්වත් මට ගහන්න එල්ටීටි කාරයෝ වරින් වර අවස්ථා පහේ දීම පොළොන්නරුවේ ඔවුන්ම සයනයිට් කාලා මරුණා. . ඔබට මතක ඇති ඒ මරන්න ආපු එක මිනිසෙක් හිර භාරයේ ඉන්නකොට මම සිරභාරයෙන් ඔහුව නිදහස් කෙරුවා. අවසාන ප්‍රහාරය මට බොරගැස්ගමුවේ දී. බොරලැස්ගමුවේ ප්‍රහාරයේ දී අහිංසක මිනිස්සු හතර පස් දෙනෙක් මැරුණා. මගේ ඇගේ රෝම කූපයකටවත් දැනුනේ නැහැ.

අගමැතිතුමාටත්, ඔබතුමාලාටත් මතක ඇති රාජගිරියේ ඇන්.එම් පෙරේරා ප්‍රතිමාව හන්දියේ දී අපිට ගහපු හැටි අපි හදිසි නීතියට ඡන්දේ දීලා එනකොට එල්ටීටී ඇවිත් පැනලා. මාව එතැනට කොටු වුණා. මගේ නෝනායි, දරුවෝයි ආපු වාහනය එතැන ගෙදරක තිබිලා එල්ටීටීකාරයෝ ඒ ආණ්ඩුවේ වාහනයක් අරගෙන පැනලා ගියේ. ඊට පහුවදා මල්වාන පැත්තේ දාලා ගිහින් තිබිලා අහුවුණා. එවැනි අවස්ථා ගණනාවක් තියෙනවා.

එක නිසා මම මේ සියල්ල ගත්තහම 1971 ඉඳලාම එතකොට මගේ වයස අවුරුදු 19 යි. දැන් මගේ වයස 67 ඉවරයි. අවුරුදු 19 ඉඳලාම මම බෝනස් ඉන්නේ. දෙවියන් වහන්සේ මාව අවස්ථා පහක දී බේරලා තියෙන්නේ.
ඒ නිසා මාව ගඩාෆි වගේ ඇදගෙන යන අයට ඇදලා ගෙනිහිල්ලා මරන්න පුළුවන්. ඒක ගැන මගේ කිසිම විරැද්ධත්වයක් නැහැ. ඒ අයට හමුදාව දාලා, එස්ටිඑෆ් දාලා වෙඩි තියන්නේ නැහැ. එහෙම ඕනැ වෙලාවක ඇවිත් වට කරපුවාහම මම නිශ්ශබ්දව ඉන්නවා. එනවයි කියලා දැන ගත්තහම ගෙට්ටුව අරිනවා. ඔය ඉන්න ආරක්ෂක හමුදා, එස්ටීඑෆ් එකටයි සියලු දෙනාට යන්න කියලා කියනවා. ඒ අයට ඇවිල්ලා ගෙදරයි මාවයි ගිනි තියලා මරලා දාලා යන්න කියලා සියලු දෙනාට කියනවා ඔය එන්ජීයෝ කාරයින්ටයි, තමුන්නාන්සේලාගේ ඔය කියපු මන්ත්‍රීවරුන්ටයි මම බොහොම පැහැදිලිව කියනවා.
ඒක නිසා මේ සියලු දේවල් එක්ක අපි කල්පනා කරන්න ඕනැ මේ අත්දැකිම් එක්ක අපි මොන විදියට දැන් ඉදිරිය පිළිබඳ කරුණු කාරණා සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේවා එක්ක මේ විදියටම ද මේ ආණ්ඩුව යන්නේ. ඔබතුමලාගේ මේ මන්ත්‍රීවරුන් මට දුරකතනයෙන් කතා කරලා කියනවා, සමහර අය මට ඊයේ පෙරේදා හමුවෙලා කිව්වා අපි දැන් එකතු වෙලා අපි මෙහෙම ගමනක් යමු කියලා. මේ දේවල් එක්ක මේ ගමන යාම පිළිබඳව මම දකින්නේ නැහැ මොකක්ද සහතිකය කියලා. ඒ නිසාගැටුම් හදාගන්න මට උවමනාවක් නැහැ. මේ ගැටුම හැදෙන්න හැදෙන්න රට වැටෙනවා. මේ දූෂිත තත්ත්වයන් ඉතාමත්ම ප්‍රබලයි. පාර්ලිමේන්තුවේ ඉතාමත් දූෂිත දේශපාලනඥයින් පිරිසක් ඉන්නවා. අපේ කැබ්නට් මණ්ඩලය ගත් විට දූෂිත පිරිසක් ඉන්නවා.අපි බලාපොරොත්තු වෙච්ච රටේ ජනතාවට දුන්න යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දුෂණය කරලා තියෙනවා. මේකට වැරදිකාරයා මම නොවෙයි කියන එක මම පැහැදිලිව කියනවා. මම ඒ පරිත්‍යාගය කරලා, මගේ සියලු කැපවීම් කරලා තියෙනවා. ඒ සියලු දේවල් විනාශ කළා. ඒ සියලු දේ විනාශ වුණා.

මේ රටේ මට ඡන්දය පාවිච්චි කරපු අති බහුතරයක් නියෝජනය වන ඒ ගෞරවනීය එක්සත් ජාතික පක්ෂිකයෝ ඒ අය දන්නේ නැහැ මේ විදියට මේ විදියට කුණු වෙලා තියෙන, මේ දේශපාලන ඔද්දල් වෙච්ච, ඡාරා ජීර්ණ වෙච්ච මේ දේශපාලන ක්‍රමයේ අභ්‍යන්තර තත්ත්වය ඒ අය දන්නේ නැහැ. ඒ අය දන්නවානම් මම හිතන්නේ නැහැ ඔය විදියට කෑගහන්න, පෙළපාලි යන්න, වට කරන්න ඕවාට එකතු වෙයි කියලා.

ඒ නිසා මේ රට ගත් විට අපි කියනවා වාසනාවන්ත රටක් කියලා ඇත්තටම වාසනාවන්ත රටක් තමයි හැබැයි මේ රට ගොඩ ගන්න, හෙට දවස වෙනුවෙන් මේ රටේ දුෂණයෙන් තොර දේශපාලනඥයෝ කී දෙනෙක් ඉන්නවා ද ? දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය පිරිසක් කවුද? අන්න ඒ අයගේ එකාරාශී විමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ තුළ හොඳ රටක් හදන්න, හොඳ සංවර්ධනයක් ගෙනයන්න. දුෂණයෙන් තොර පාලනයක් ගෙනයන්න අපි කතා කරන සම්පුර්ණයෙන් අසාර්ථක වූ යහපාලන දේශපාලන සංකල්පය ඉෂ්ට වෙන්න. මේ විදියට රටට ආදරය කරන, රට ගැන හිතන, රටේ සංස්කෘතික වටිනාකම් දන්න ආගමික ධර්මතාවයන් එක්ක සමාජ හර පද්ධතීන්වලට ගරු කරන ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා මම ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා එහෙම රට ගොඩ ගන්න පිරිසක් කෝ කියලා. මේක එක් කෙනෙකුට දෙන්නෙකුට කරන්න බැහැ. මේක හොඳ පිරිසක් ඕනැ. ජනතාවට ඒ නායකත්වය දෙන්න හොඳ පිරිසක් අවශ්‍යයයි.

ඒක නිසා රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේකයි. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225 තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා දැන් අදින් පස්සේ අහයි. මට සමාජ ජාලා වල ගහයි නොයෙක් දේවල් කියයි නොයෙක් නොයෙක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. මම ඒ මතයේ තිබෙන ප්‍රබලකම නිසා තමයි මම එහෙම කිව්වේ, 225 ම අත්සන් කලත් මම රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඔබතුමාලා එතැන දී පාර්ලිමේන්තුවට ගිහිල්ලා 117 ක් අත්සන් කරලා, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා. පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ ජනාධිපතිට යෝජනා කරන්න, නියෝග කරන්න කිසි තැනක මේන්න මෙයා අගමැති විදියට පත් කරන්න කියලා. අධිකරණයටත් බැහැ මම දන්න විදියට අහවල් පුද්ගලයා අගමැති විදියට පත් කරන්න කියලා අධිකරණයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් නීතියේ නැහැ. ඒක බොහෙම පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට.

නමුත් මම සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන කෙනෙක් විදියට පාර්ලිමේන්තුවේ 117 ක් කතානායකතුමාගේ ඡන්දය පෙන්වූ විට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙන්න කියලා ඒ අනුව මම තීන්දු කළා. මම මගේ පෞද්ගලික මතය දේශපාලන මතය 225 ම අත්සන් කලාත් දෙන්නේ නැහැ කියලා, ඒක එහෙමම තමා අදත්. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මම ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා, මම තීන්දු කළා අගමැතිකම දිය යුතුයි කියලා. මම මේක දකින්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක, සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණයක් විදියට මම දකින්නේ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

109,259 Viewers

92 Comments to “කසාදෙදාම මගුල දෙදරයි.. අගමැති දිවුරුම් තැනම වාඩි කරවා ජනපතිගෙන් කුණු බැණුම්.. 225ම කැමති වුණත් අගමැති නොකරන බව යලිත් කියයි..”

  1. Kevin says:

    Ela kollekne. Ranilage muna dakkama duka hithenawa.

    • ටැවිස් ගේබ්‍රියල් පියතුමා says:

      මේවා මුන් දෙන්නම කතා වෙලා කරන දේවල්. මහින්ද මහත්තය තමා අමාරුවෙ වැටුනෙ.

      • බයිලා මෝ says:

        මෙෙත්‍රි මහින්දව අගමැති කරලා කිව්වා කිසිම දේකට බය නැති ඕන දෙයක් පෙරලගෙන යන්න පුලුවන් කෙනෙක් මම අගමැති කලා කියලා…
        ඒත් මහින්ද ජනාධිපති ඝාතන චෝදනා තිබුන රනිල්ව අත්අඩංගුවට ගත්තෙත් නෑ,අරලිය ගහ මන්දිරයෙන් එලෙව්වෙත් නෑ…ඒ වෙනුවට කලේ තම පාක්ෂිකයාට හා මෙෙත්‍රිට හොරෙන් අහුමුලුවල ඩීල් දාපු එකයි…පල්ලිය හරහා එන විදේශ බලවේග ශිරන්ති රාජපක්ෂගේ උදව්වෙන් රටේ දේශපලනය බවට පත් වෙනවා..මහින්ද පාරට ගියාම පන්සලේ ගෙදර ආපුවාම පල්ලියේ.
        රනිල් එක්ක ඩීල් දානවා කියන්නේ විදේශ බලවේග එක්ක හුරතල් වෙනවා කියන එකයි.
        මහින්ද රටම පාවා දුන්නා.

        • Darshana says:

          මහත්තයෝ නිකන් බය්යො ෆොම් කරන්න ගැලරියට ටොක්ස් දෙන්නැතුව දාන්නකො බැන්දුම්කර කොමිසම් වාර්තාව එලියට. වගකිව යුත්තො හිරේම යවන්න පුලුවන්නෙ ඔබ තුමාට. සරම ඇදන් ඔලුවෙන් හිටගෙන දැන් ටොක්ස් දීල හෙලුව වහගන්න හදනව.

        • Hoo !!! says:

          අයියෝ පව් අකමැති තුමා කෑවයින් කෑවෙ නෑ මෙහෙම කෑමක්!
          අගමැතිකම ගන්න ගිහිං ඉල්ලං පීචං උනා !
          මදැයි මහින්දව පීචං කොරන්න හැදුවා 😀😀😂😂

          ට්‍රැවිස් ගබයියා ,බයිල මෝ – ඩයා ඇතුලු සමනල පිරිස ගලේ පැහැරූ බලල්ලු ගානට වැටුනා! 😀😀😀

        • Ratawasiya says:

          Boru kiyanne nathiwa hitahan ban.

        • Disce ammata discede says:

          Fool . ඔය බබාටෝක් වලට මිනිස්සු අන් දන්න බැ. මහින් ද රට පාවා දුන්නලු !

        • analyst says:

          Baila More, eka thamayi yuddhaya dinawalaa deela, ehema thamayi rata paavalaa dunne ? neda ?
          Mahinda won the war after 30 years— that is how Mahinda did paawaa deema ?
          Baila More ,you are saying Baila now, your name suits you

    • Alapaluwa says:

      ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. මෛත්‍රීපාලගේ “දෙවියන්වහන්සේ” තමයි සේරම කරල තියෙන්නෙ. දැන් පැහැදිලියිනෙ රනිල්වත් වෙන කවුරුත්වත් නෙවෙයි මෛත්‍රිපාල මෙහෙයවන්නෙ? ශිරන්තිගෙ පල්ලිය…!

      • ජෙප්පෝද UNPකාරයෝය says:

        බලපුවම ලෝක ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රතිකයන්ගේ සංගමයේ සභාපතියටත් දෙවියන් වහන්සේ පස්ස හරවලනෙ…. මෙච්චර රනිලට දීගෙන ඉඳලත් මූ අපිට මේක කිව්වෙ නෑනෙ…. ..අම්මප ඇත්තට….. ඊයා…

  2. දප්පුල says:

    ඔන්න දැන් මෙතන කුලියට කහින සිරිකොතේ බත් බැලයින්ටයි, ජෙප්පන්ටයි
    මල පැනල ජනපතිට අපහාසවන කොමෙන්ට් දායි.

    • ටැවිස් ගේබ්‍රියල් පියතුමා says:

      මහින්ද මහත්තය හොඳ වෙලාවට මේ පිස්සො දෙන්නගෙන් ගැලවුනෙ

    • Alapaluwa says:

      ගරු ජනාධිපතිතුමනි මගේ ජිවිතයට මමනම් සිතුවේ නැ ඔබ මෙතරම් නිර්භීත පුද්ගලයෙක් බව නමුත් අද එය ඔබ අපිට සක්සුදක් සේ කිසිම පැකලිමකින් තොරව එවුන් ඉදිරිපිටදීම ඔප්පුකර පෙන්වූවා.අන්න එයට මගෙන් ප්‍රථමයෙන් ඔබ තුමාට උත්තමාචාරය!!! ඔබ ඔය විදියට් සිටින විට අපිට ඇතිවන්නේ පුදුම ශක්තියක් ඒ ශක්තිය තුළින් නැවත ඔබව පෝෂිත කිරීමට අපිට නව ශක්තියක් සහා නව පන්නරයක් ලැබුණු බවයි මට සිතෙන්නේ.බොහොම හොඳයි කියන ටික දුන්නා එවුන්ගේ කණේ ඇඟිලි ගසාගන්නා,ඒ වගේම ඔබ මොනම හේතුවක් නිසාවත් පොලිස් බලතල නම් මේ කිසිම සක්කිලියෙකුටවත් දෙන්න එපා අපි ඔහොම යමු කෙටි දුරක්.දැන් බොහෝ දුරට මොවුන්ගේ අප්‍රසාදය හේතුකොට ගෙන ඔබට විස්වාශබංගයක් ඔබට ගෙන එන්නට බොහෝ ඉඩකඩ තිබේ මක්නිසාද මොවුන් දන්නවා ඔබ තුමා ඉන්නතාක්කල් මේ ඉන්න නරුමයන්ට අවශ්‍ය විදියට රට පාළනය කිරීමට නොහැකි බැවින් එහෙත් අපිට 3/2 බහුතරයක් සිටින විපක්ෂයත් ලැබෙන මොහොතක අපි ඔබ තුමා වෙනුවෙන් ඇප කැප වි සිටින්නම් ඔබව ආරක්ෂා කරමින් .ඔබ ඔය ගත් එඩිතරභාවය එසේම ඉදිරියට ගෙනයන්න බැංකු මංකොල්ලය සම්බන්දව අනිවාර්යෙන්ම පරික්ෂණත් ඉදිරියට ගෙනයන්න. ඒවගේම ඔබව ගාතනය කරන්න මානබැලු අයටද ඒ සම්බන්දයෙක් නිසියාකාරව පරික්ෂණ කර එයට නිසි දඩුවම් පමුණුවන්න.මෙතන සිටින බහුතරයක් ඔළුගෙඩි පට්ටම පට්ට කම්බ නිලකාස හොරුය.මුන්ගෙන් කවදාවත් රටට කිසිම හොඳක් වන්නේ නැ ඒ වෙණුවට රට තවත් අගාදයට ගෙන යන එක මිස. ඉතින් ජනාධිපතිතුමෝ අවසාන වශයෙනුත් කියන්න කැමතියි ඒ වගේම මට හරි සතුටුයි ඔබ ගත් මේ එඩිතර ක්‍රියාවට ඔබට දිර්ගායුෂ ලැබෙන්න කියා.අනෙක මේ හොරුන්ව ගෙනත් ඔවුන්ගේ ඉදිරිපිටදීම මෙය කීම එක ගැනත් .භියනොවන්න අපි ඔබ සමගයි ඔබට දළදාසමිදු පිහිටයි.ජයශ්‍රී!!
      මෙයට කවදත් රටට ආදරය කරණ අලාපලුවා!!!

    • Asaranaya says:

      මොනව කීවත් මහින්දයි, මෛත්‍රීයි, ගෝලයො රොත්තයි කිචවෙලා කූජිත වෙලා ගියබව ලෝකෙම දන්නවා. අධිකරණයයයි ජනතාවයි මේ තක්කඩිටික බිත්තියට හේත්තුකලාම කරකියාගන්න දෙයක් නැතිව මහින්ද පල්ලම්බැස්සා. 225ම කීවත් දෙන්නෑ කියපු මිනිහා එජාපෙ කඩන්න හරියට දැඟලුවා.වැඩේ හරිගියෙ නැතුවම බල්ල වගේ රනිල්ටම දෙන්න වුනා.ඒක තමයි ඇත්ත.

      • ඌ ඇම් පී දෙන පාල says:

        අනේ අපේ රන්න පොනිල් මහත්තයටනම් මොකුත් උනේ නෑ. එතුමා වටේ ඉන්න සමනල්ලු ටික හැමදාම එතුමා වටේ ඉන්නව.

  3. Dev says:

    Redi naa
    yako

    • ජනපතිතුමාට ජය වේවා! says:

      ලැජ්ජා බය නැති අගමැති ඇද්ද අහගත්තා ? සත 5කවත් ලැජ්ජාවක් තියෙනවනං දැන් චන්දෙකට පලයං.තවත් කිච නොවී.

  4. ජිනීවා කොණ්ඩවලු says:

    ටයි කෝට් ඇදන් ගිහින් රෙද්ද බැනියම අන්දින සිංහලයාගෙන් කලිසම ගැලවෙන්න අහගත්තා. ජනාධිපති තුමනි, ඔබ ගැන අපිට ආඩම්බරයි.

    • Siagra vashi says:

      Hik hik hik hik hik hik paw aney oya.

    • ඒ වුනාට සිරා මරා කිච වුනානේ? කරගන්න දෙයක් නැතිකමට දීල ආඩපාලි කියනවා අර ගමේ ගොඩේ ගෑණු වගේ.

      • වෙරිසොරි says:

        කිච්ච අතේ අරන් දුවන්න සිරිසේන තුමා තොපිට දුන්නෙ මෙදා පාර. 😀😂😂
        ලැජ්ජාවක් තියේ නං තොපි ආයි කිසිදාක පොදු අපේක්ෂකයො
        හොයන්නෙ නෑ.😀

  5. Love nature says:

    2018 වසරයේ හොදම කථාව

    • Gajaba says:

      This is the excellent speech I ever heard in my life time. Kohomada haparowo tika K…. kapu rilaw wage balan inna heti Rata wikinapu, Horakam karapu Hethikareta hena gahanna ona

  6. Marusira says:

    ඔබතුමා මෙතරමි නිර්භිත සාදාරන නායකයෙක් බව කිසිවෙකු දැනංහිටියේ නැහැ ඔබතුමා ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා ඇති ඔබයි සැබැ ලාංකික යුග පුරැෂයා ජයෙන් ජයම වෙිවා තිරිවිද රත්නයේ ආශිර්වාදය ලැබෙිවා!

  7. අංකූරා says:

    අවුරුදු සීයක් නෑවත් අගමැති ගාගත්තු කුණු හෝද ගන්න හම්බ වෙන්නේ නෑ . අගමැතිකමයි ආණ්ඩු බලය යි දුන්නේ ගූ ගොඩක් උඩ තියලා , කට්ටියම සරුවාංගෙම ගා ගත්තා . ලැජ්ජාවක් තියෙනවා නම් හෙටම මැතිවරණයකට යනවා .

  8. aagamikaya says:

    Aththatama Ranilta lajjavak kiyala deyak thiyenavanam adama agamathi kamen illa as vela maha mathivaranayata muhuna denna ona. Lajja nathi kama maha mudalikamatath vada loku nisa vavula vage agamathi kame Ellila innava.

    • ජකතාව says:

      මුන්ට ඕන ජරාවැඩක් කරන්න අබමල් රේණුවක තරම්වත් ලැජ්ජාවක් බයක් නෑ.රටේ අවාසනාවට ඉපදිච්ච එවුන් .නැවත මැතිවරණ නෑ

  9. Sri Lankan says:

    Appata SIRI…!!! Amarabandu Roopasinghe wagene kathawa… ela kollekne…

    Konda kelin thiyagena mehema kelinma moonatama kiyanawa dakkamai. Ranilge moona puka wela…

    • සමනලී says:

      ඉකේයියා මෙහෙමත් පච වෙන්න ලැජ්ජ නැද්ද මෙයා? මූන ඉස්සරහා තියලනෙ බැඳුම්කර හොරකම දිග ඇරියෙ. මම නං තටු කපා ගෙන මැරෙනවා අම්මපා.

  10. Tommy says:

    බල්ලාට බුරන්නට ඉඩ දි කන්ද නිසලව බලා සිටි

    • ජනක says:

      පලයන් බල්ලෝ යන්න මෙච්චර හොර වැඩ කරපු මෙච්චර තක්කඩි වැඩ කරපු රනිල් වික්‍රමසිංහ ප්‍රමුක unp කාරයන්ට පන්දම් අල්ලන එවුන් එක්කෝ මන්දබුද්දීකයෝ එහෙමත් නැතිනම් අසිංහලයෝ .සිහි බුද්දිය තියෙන උගත්කමක් වැදගත්කමක් තියෙන කිසිම සිංහලයෙක් unp එකට කහින්නේ නෑ.
      අපි එදා මයිත්රිපාල මැතිතුමාට විරුද්දව කතා කල අය නමුත් රට විනාශ කරන්න 20 වන වියවස්තා ශාන්ශෝදනය ගෙනාව වෙලාවේ අවසාන අවස්ථාවේ හරි එතුමා සත්‍ය තෝරාගත්තා අන්න එක ගැන අපිට එතුමා ගැන සතුටුයි . මින් ඉදිරියට තොපේ විජාතික හැත්තට ලංකාව විනාශ කරන්න ලෙහෙසි වෙන්නේ නෑ. ජනපතිතුමාට තර්ජනය කරපු කාලකන්නි අහිකුන්ටික මුහුණක් තියෙන බල්ලා සහ එන්ජිඕ කාරයන් ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කලයුතුයි ඔය අහිකුන්ටික බල්ලා හිරේ දමියුයුතුයි ජනපතිතුමනි උට සමාව දෙන්න එපා .ඒවගෙම කිසිම හේතුවක් නිසාවත් පොලිසිය නැවත unp එකට දෙන්න එපා

      • SUNIL says:

        අවසාන අවස්ථාවේ හරි එතුමා සත්‍ය තෝරාගත්තා නෙවෙයි සිරා මරාගෙ එල්ලිලා මරාගෙ පිහිටෙන් 2020 දීත් ජනාධිපති පුටුවෙ ඉදගන්නයි හැදුවෙ

      • Alapaluwa says:

        දැන් සිරා මොනව කීවත් ඒව ලැජ්ජාව වහගන්න කියනකතා ඇර වෙනත් ගතයුත්තක් නෑ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථා විරෝධී ලොකු ලොකු දේවල් කරන්න කොන්ද පන ආවට කලින් ආණ්ඩුව කරා කියන වැරදි නවත්වන්න කොන්දක් තිබුනෙ නෑ. ඔය කියන සියලු වැරදි නැවතීමට හා ඊට එරෙහිව කටයුතු කරන්න අවශ්‍ය බලතල අදටත් ජනාධිපතිට තියෙනවා. එහෙම තිබියදී දැන් මේ නඟන අවලාද කරකියාගන්න දෙයක් නැතිව හිරවුනාට පස්සෙ රනිල් පත්කරල ලැජජාව වහගන්න කියන කතාවක් බව රටටම පැහැදිලියි.

        • සමන් says:

          අනුන්ගේ ලැජ්ජ්ජාව ගැන හොයන්න කලින් තමන්ට නමක් හොයා ගනින් මිනිහෝ.

          • Alapaluwa says:

            Thank you Saman this is something terrible.This person always uses my name and try to spoil my image! Anyway it doesn’t help him very stupid!

            අලාපාලු වන මම වෙනුවෙන් සහා අසරණයා,සයුමි, යන අය වෙනුවෙන්ද මෙතන නපුංසකයෙක් ඔවුගේ නපුන්සකබව මෑතකදී සිට ප්‍රදර්ශණය කරමින් මෙතන තපුල්ලනවා.ඉතින් මට කියන්න කැමතියි කොතරම් තැපුල්ලුවත් ඒ තපුල්ලන හඬ මෙතතන ලියන නියම දේශමාමක රටට ලැදි ආදරය කරණ කවුද නියම ඉහත සඳහන් දේශමාමක අය කියා. එමනිසා මෙවැනි අසමත්ජාති ජාතකයක් නොමැති නීච නින්දිත කුළහින පහත් වැඩනොකර තමන්ගේ අදහස් ඒ අයුරින් ලිවීමට සිතටගන්න මනුෂයෙක් වි ඉපදී අමුනුශ්යෙක් විදියට නොහැසිරී.මේවා මේ කාගේත් වැරදිනොව මුන්ව වදාපු ජාතකයේ වැරැද්ද මිස වෙනනම් දෙයක් නොමැත.මා කිහිප දිනක් උත්සහා කළා බොහෝ හොඳින් මෙය කියා දෙන්න නමුත් මෙවන් අසමත්ජාති තිරිසන් වල්බල්ලන්ට කියාදෙන්න ඕනේ අමු සුද්දසින්හලෙන් කරුමෙට එය මටකියන්න ලියන්න බැරිය මක්නිසාද අපි මේ UNP අමන පොන්න ගැන්සිය වගේ පොන්න වැඩකරලා පුරුද්දක් නොමැතිකමෙන් බව කිවයුතුයි.දැන්වත් තමන්ට ගැළපෙන නමක් යොදා අන් අයව copy නොකොට කොන්දක් තිබේනම් මෙය වහාම නතර කරණු.අනෙක අපිදන්නවා පල ඇති රුකටයි ගල්ගසන්නේ කියලා.

          • sayumi says:

            ඔව් ආලපාලු මන් දැක්කා. අලුත් කඩේ අගමැති හිටගෙන කරනදේ ගෝලයො දුව දුව කරනවා. මුන්ගෙ ලේ වල තියෙන්නෙ හොරකම විතරයි. මහින්ද වාදීන්ගෙ නම් පවා හොරාකන මේ බල්ලන් රටේ දේපල හා සම්පත් කොහොම හොරාකාවිද?
            මුන්ට අපේ නම් හොරකම් කලාට අදහස් හොරකං කරන්න බෑ ආලපාලු. ලියන ගොං නරුම කතා වලින් හැමෝම අඳුනනවා මුන් ‍පොනිල් හොරාගෙ අසුචි කන වහල් බූරුවො බව.

          • helaye raja banda says:

            Ane me moda baiyo tika hitahn inne un okkomo deshapremiyo anith un deshadrohiyo kiyala….Yako…thopi wage lin mediyo ….. bai hu…thala innakan me rata goda ganna be….. Thope loka horu set eka ubala wage bath balayo gonata undagena billion ganan horakam karanawa….thopi hithan inne un ratata adarei kiyalada…apita thopila wage baiyo gena hari dukai….me rate 60% ma inne moda baiyo…me pohhotu horu tika me baiyala rawatala hemadama goda yanawa…. Ekai hemadama koti mawala…. thopi wage baiyo rawatanne….apita me moda baiyo gena anukamppa karanawa herenna … wena karanna deyak ne… thwa ayurudu 10-20 yanakota…thopi wage moda baiyo me raten thuran unama thamai…. me rata haddenne….Ethakan ithin sri lankawa sanwardenaya wena ratak….menna keta…

      • wimalege ayya says:

        මහත්තයෝ නිකන් බය්යො ෆොම් කරන්න ගැලරියට ටොක්ස් දෙන්නැතුව දාන්නකො බැන්දුම්කර කොමිසම් වාර්තාව එලියට. වගකිව යුත්තො හිරේම යවන්න පුලුවන්නෙ ඔබ තුමාට. සරම ඇදන් ඔලුවෙන් හිටගෙන දැන් ටොක්ස් දීල හෙලුව වහගන්න හදනව.

    • U.N.J.V.P says:

      Nisalawa newi yako niruththaraw.

      jathiyata vina kala kunu kanda thakbeer wee niruththarawa bala sitee.

    • Ksn says:

      Nisalawa bala sitiya newei kaapuwa wamaranna beruwa sitiy rawita monawada hithune ponilta nam lejjawak nehene foot note karayo samanalayo embari embari hitiye

    • Power says:

      රටරැකි රණවරුවන්ව හිරේ දාලා මිනීමරු කොටි නිදහස් කරන්න අවසර දුන්නෙ මොන බල්ලද කියලා දැන් රටට ඔප්පු වුණානේ.

      • sayumi says:

        යලි පැමිණීම බොහෝ අගය කර සිටිමු ! 🙏

        • jayamal says:

          මටත් එහෙම හිතුනා සයුමි. නමුත් මහින්ද නිවසට නො එන නිසා වෙන කෙනෙක්වත්ද කියලත් හිතුනා.

    • Deepal says:

      කන්ද නෙමෙයි යකෝ….හොරා නිසලව බලා සිටි…..

    • vishnu says:

      හොරකමට බය නැති අගමැති
      තු නොදකින්

    • Amda says:

      කන්ද?????

      කුනු කන්ද!!!

  11. nona mayithri says:

    ane ara nona maythri ljja nathiwa hitiyane lagata wela. ilaga janapathi waranayata illana purudu wenna ekkara gena ennda athi.

  12. Ravi-UK says:

    What ever said and done the president made a great speach protecting our religion, country,race,armed forces..We as Sri Lankans,Buddhists should respect that..Well done Mr President you have lot of guts..Keep it up we will always support you as long as you think about our country,religion, armed forces

  13. රත්නසේන says:

    එදා 2015 දි මේ මනුස්සයව ජනාධිපති විදියට තෝර ගන්නකොට හිතන්න ඇති මේ මනුස්සයව නපුංසකයෙක් වගේ ඉදියි කියලා! අඩුපාඩු ෙකාෙත් තිබුනත් ෙම් මනුස්සය යම් ප්‍රමාණයකට ජනාධිපති ධුරයේ වගකීම රැක්කා!

    • ඒ වුනාට ⁣මරා සිරා සහ ගෝල රොත්ත කිච වුනා නේද? ලැජ්ජාවට කියන කතා.ඔහෙ කිපුදෙන්.දුක තුනීකරගන්නත් එපැයි.

      • මලිති says:

        අලුත් කඩේ අගමැතියා පීචං වෙච්ච තරම කොච්චරද කිව්වොත් ලැජ්ජාවක් තියෙනව නං යකෝ කසිප්පු බීලා මැරෙනවා. කරපු හොරමැරකම් තක්කඩි කම්, මූණ ඉස්සරහ තියාගෙන දෙසපු දෙසිල්ල නම් ඉස්තරම් අප්පා. අපේ ජනාධිපති තුමාගෙ කටේ මසුරං දාන්න වටිනවා!!
        දිවුරුම් දුන්න දාම මෙහෙම පච වෙච්ච අගමැති තුමෙක් නං තුන්ලෝකෙම නෑ. අනේ පව් මෙයාලා 😂😂😂

    • රටවැසියා says:

      2015 දි මේ මනුස්සයව ජනාධිපති විදියට තෝර ගන්නකොටම ඌ ඇම් පී කාරයො හිතන් හිටියෙ ඊ ලඟට මෙයාව මරල බලය ගන්නෙ කොහොමද කියල.

  14. lajjanha says:

    kiyapu dewal wala hatiyata lajja athnam chndaykata bale ya yuthuyi.

  15. lajjanha says:

    kiyapu dewal wala hatiyata lajja athnam chndaykata balen yayuthuyi.

  16. Jayantha says:

    Greate speed.
    Respect you to His Excellency President.

  17. U.N.J.V.P says:

    Aththa kiyawenakota e samanala muhune hati ammapa.

  18. Patriotism says:

    After this truthful speach…. really……I am wondering to find the comments who had rudely cricisied president Sirisena early. Where are these people..? Where are their comments. .? Why they are silent now.. ? Certainly I am worried about these Bullshits. . No need any political party. . Please think honestly. ..please think correct thing.. please do understand the situation we all need to protect our country and values not only for us. But for future generations. . That’s all..
    Dear Mr.President. .. please carry on your duties. We all are with you. .Wish you all the best. ..

  19. citizen says:

    Unp eliye kaiya gahuwata unp kiyanne pathola set ekak. Kisima kondak nathi niwatayo. Maithree slfp eke saha mahindage hitler haiya aragena mulu loke isshara ballonta wage unpta bahineka ithamath asadaranai.ekak unp kiyanne patholayo kiyala mulu lokema danbawa eth ara kaiya gahana champikath puusa wage kakul wewula wewula hitiye. Loke issaraha unp karayonta ehama salakanna epa ehsma bahinna on a nam kaambare wahala bahinna.

  20. MY3 says:

    2007-2008 idalama bqdumkara wancha una kiyala kathawe mama kiwwa. Oyalata eka daanna amathaka wela. Ekath daanna puthiiii

  21. හිච්චිමහත්තෙයා says:

    අර සැංට්‍රල් බැංකු නම් ලැයිස්තුව දොට්ට දැම්මනන් මේ විඩේ!

  22. Buddhist says:

    Kelehi guna danne nathi M3 oluwen hitagaththothwath ohuta chanda 100 ada Parlimenthuwe ganna ba. Mona aithiyak thiyanawada me gon ralata mewage kathawak kyanna?

  23. Nim says:

    AAPAYA MULU JATHIYA MA
    ANATHA KALA
    POHOTTUWA TH
    ANATHA KALA
    SRI LANKA EASEENTA MEEWA
    HODA PADAM
    RATE BAHUTHARA JANATHAWA
    WAHAMA WESADUMAK
    SEWIYA UTHIEE ???,,,,

  24. Donald Isuru Wilegoda says:

    It is a loss loss situation for RW, if he goes for an election he would loose and if he continue to be the PM he will have a lot of obstacles and problems to solve which he will not be able to do will loose the next election. 2019 is a difficult year for all of us

  25. ExUNPer says:

    Bravo !
    Thank you Mr President.

  26. මූකලන් බස්සා says:

    ලැජ්ජ නැති කම මහමුදලිකම නෙවේ අදසිට අගමැති කමටත් වඩා ලොකුයි විය යුතුයි

  27. Ratnamalala says:

    ara allas ho dooshana komisamata balaya denna gena yojana thavama hangilalu. dooshanaya nathikaranna udu buralana JVP virudda pakshaye sanvidayaka kiyana ekata bariuna e gana kathakaranna. mun UNP ekema kotasak thama.

  28. Ohio says:

    මේක රනිල්ට බන්දේසියක තියල දුන්නා නෙවෙයි. ශ්‍රෙෂ්ඨාධිකරනයට කියල අභියාචනාධිකරණ වැඩතහනම ඉවත්කරගන්න දැඟලුවට ඒකත් හරිගියෙ නැතුවම වෙන කර කියාගන්න දෙයක් නැතිව හොර අගමැති ඉල්ලා අස්වුනා. රනිල් අගමැති වුනොත් පැයක් ඉන්නෙ නෑ කියපු ජනාධිපති කිච වෙලා, බලුවෙලා රනිල් ඉස්සරහ දනගහල ආපහු ගත්ත තනතුර දුන්නා.ඒ ලැජ්ජාව වහගන්න එයා සුදන වෙන්න කතාවක් කලා. ඒ වගේම මහින්ද ලැජ්ජාව වහගන්න කතාවක් කරලා නැකතට ඉල්ලා අස්වෙනවා. සිරා කියනවා එයා ජනාධිපති නිතිඥයින්ගෙන් අහලලු ගැසට් ගැහුවෙ. ජනාධිපති වගකිවයුතු කෙනෙක්නම් එයාට තිබුනෙ ශ්‍රෙෂ්ඨාධිකරනයෙන් මෙය කල හැකිද නැද්ද යන්න විමසලා ගැසට් ගහන්න. ගොඩ පෙරකදෝරුවා, පඩිපෙලේ පෙරකදෝරුවො වගේ අයගෙන් උපදෙස් ගත්තම අන්තිමට කිච වෙන එක විතරයි වෙන්නෙ.

  29. ගලබොඩ අත්තේ චමින්ද says:

    මෙතුමා 2015 සිට ජනාධිපතිනේ ඇයි නීතිය ක්‍රියාත්මක නොකර රනිල්ව හුරතල් කරේ. රටට ආදරේ හින්දද?. මහින්දව විවේචනය කරලා ශ්‍රීලනිපය කාලා නැවත මහින්දව හොර අගමැති කරලා ඒ මනුස්සයාවත් කෑවේ රටට තියන ආදරයටද?. ඔක්තෝබර් 26 ඉඳලා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටීම නිසා රටට එන්න තිබ්බ සල්ලි අවෙනැහැ. ඒකෙනුත් වදින්නේ අසරණ මහජනතාවට කියලා හිටං දන්නේ නැද්ද?. මේ කරපු අලුගුත්තේරු වැඩේ නිසා කී දෙනෙක් මඩ ගා ගත්තද. මහින්ද, රනිල්, පොහොට්ටු සහ ශ්‍රීලනිප මන්ත්‍රීලා, කතානායක, නීතිපති, ඇතුළු හුගක් අය. ලෝකය ඉදිරියේ මේ හෑල්ලුවට ලක් වුනේ අපේ රටේ නායකත්වයයි. කොටින්ට උවමනා වෙච්ච දෙයක් තමා ලංකාවේ දේශපාලන නායකත්වය විනාශකරන එක. පක්ෂ විපක්ෂ කට්ටියවම මරුවා. දැන් වෙලා තියෙන්නෙත් ඒවගේ දෙයක්. ජනපති තුමනි ලැජ්ජාවක් තියනවානම් ඔතනින් හැඳිගෑවිලා යන්න. ඔබට පින්.

  30. Mandasoma Suriyaarachchi says:

    ලැජ්ජාවක් ගෑවිලාවත් නැති එවුන්ගෙ රෙදි ගලවල පලක් නැහැ ජනාධිපති තුමණි……!

    ඒකෙන් ලජ්ජාවට පත් වෙන්නෙ ලැජ්ජාවක් තියෙන, අය විතරයි…..!!

    ඒ නිසා උන්ගෙ රෙදි ගලවනකොටත් ලැජ්ජාව ඔබ තුමාටමයි…….!!!

    කළ යුතුව තිබුණේ, රෙදි ගැලවීම නොව, හොරුන්ට දඬුවම් දීමයි……!!!!

    විධායක ජනාධිපතිට බැරි නම් ඒ ටික කරන්න, මොකක්ද ඒ ජනාධිපති කමේ පලේ….?

    මම අනතුරු හඟවනව, උන් ඔබතුමාට දැඩි තර්ජනයක් එල්ල කරනව…..ප්‍රෙව්ශමෙන් ඉඳල උන්ව මර්ධනය නොකලොත්, ඔබතුමාටයි වරදින්නෙ……!!!!!

  31. Upul says:

    Well said Mr. President. At least you had the backbone to tell RW and the clan how corrupt they were to their faces. Mr.RW, at least now you know what lead to all these chaos, and hopefully correct those in future. What I personally think is your dictatorial behaviour should change.

  32. මුං එක්ක ආණ්ඩු කරන්න බෑ ජනාධිපතිතුමණි! ජනමත විචාරණයක් කැඳවලා 19 අයින් කරමු! නියම විධායක බලතල පාවිච්චි කරලා මුං එලවලා දාමු.

  33. parakum says:

    Have you ever heard what is called DIPLOMACY, PROTOCOL, ETHICS etc we expect these from our head of state. You should get your HEAD EXAMINED.

  34. parakum says:

    Have you ever heard what is called DIPLOMACY, PROTOCOL, ETHICS etc we expect these from our head of state. You should get your HEAD EXAMINED. Go and get an EDUCATION.

  35. Dilini says:

    Ranilge dadi illimata vijathika Arjun mahendren pathkaranam meka plan karala karapu mankollayak . Ranilge dadi illimata arjun maha bankuwa sudda kara kiyana eka oppuwela hamarai.Manthreewaru bilibanne me mudalwalin. Kollek hari ballek hari unath kamak naha meka bilibanawa. Maha mathiwaranayak thibboth mu udimma paradai.

  36. Sara says:

    We salute u president for ur braveness infront of col 7 Toyya!!!

  37. යුක්තය says:

    එක එක බල්ලො කියන දේනොඇහුවනං ආඩම්බරෙත් තියං ඉන්න තිබ්බනේ…! දැං උන් මොකද කියන්නෙ….? උන්ට මොකෝ දැන්….?

  38. කව්ද යකෝ මහා දවල් බිදින්න පුළුවන් මහා බැංකු හැදුවේ...ඌව වරෙන්තු දාලා අල්ලාපල්ලා... says:

    කව්ද යකෝ මහා දවල් බිදින්න පුළුවන් මහා බැංකු හැදුවේ…ඌව වරෙන්තු දාලා අල්ලාපල්ලා…අල්ලා එල්ලුම් ගහට යවපල්ලා අධිකරුනෙට කියලා. මුන් තොගේම නිදහස්. මහා ජනතාව එල්ලුම් ගස් මහ අධිකරුණේ තීරණේ කරාවී. අපි අධිකරුනෙට ගරු කරනවා. රට විසහ කලාම අධි කරුනේ රට යනවා.

  39. Snow White says:

    We respect you, Mr. President! We appreciate your bravery! Thank you!

  40. sakalabujan says:

    දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15 කට 20 කටවත් මේ බිලියන් දාහකට වැඩියි කියන මහ මංකොල්ලයේ පරික්ෂණය කෙරෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. මුදල් අය කර ගැනීමට හැකි වන්නේ නැහැ. මේ ප්‍රශ්නය අදත් බරපතළයි.

  41. ranbandara says:

    ane munta lajja nethi heti ekko balayata,MUDALATA keedarakama YAKO MAMA NAM NEGITALA YANAWA YANNa

  42. NAK says:

    Lajja bhaya nethikama mooge muhunen perenawa!!!

  43. abarans says:

    Payen Dikkasaada Wenda Thibba kasade … Kage Uwamanawatada Adagena Yanne ?

    • The people says:

      Many of his allegations against Ranil are exactly tally with the facts on charge sheet against him by the people in this country.eg . Harassing of our audacious war heroes.

  44. Patriotism says:

    After this truthful speech, really I am wondering to find the people who rudely criticized president Sirisena’s behavior early. Now where are these criticized people…? where are their comments.? Why they are so silent…? Bullshit…!!
    Certainly I am worried about such a people. May be, at least some of them would have realized, actually what has been happened to our country. No need to bias any political party. Please try to do think the correct way.. Please do understand the current situation. Please never forget, we all are Sri lankan.. This is our country. We all need to protect our country and values not only for us, but for our future generations also. These all past experience are more than enough for us. We all don’t expect money motivated society.
    Dear Mr. President please carry on your prestigious duties… We all are with you.
    Wish you all the best..!

  45. Bhoomi puthra says:

    you are a great patriotic leader with integrity.we salute you Mr.President

  46. abarans says:

    Meyawa Aluth Anduwe Maaadya Prkashaka Widihata Daaamu

  47. පොඩි බයියා says:

    2007 වර්ශයේ සිටම මහබැංකුවේ මෙවනි වංචා සිදුවන බවත් මේවන විට පාඩුව රු. බිලියන 1000 ඉක්මවා ඇති බවත් කිව්ව නේද.

  48. sathya says:

    Meka Maithree karanna thibune Mahindawa Agamathi karanna kalin.
    Eheme wuna nam, rata me widiyata windawanne naha

  49. Satyasoma says:

    Siraa Wade Kaawa
    Diya redden bella kapanna thibba chance ekat onna giya hitan.
    Dekak Naha Doshabiyogeth Kaalama Inna Wenawaa hitanta.

Main News