කසිප්පු ජාවාරම්කරුවන් පොලිසියට වෙඩි තබති.. පොලිස් නිලධාරියෙක් මරුට..

May 23, 2019 at 8:40 am | lanka C news
කසිප්පු ජාවාරම්කරුවන් පොලිසියට වෙඩි තබති.. පොලිස් නිලධාරියෙක් මරුට..

අකුරැස්ස  ඌරුමුත්ත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක්  වැටලීමට ගිය අකුරැස්ස පොලිසියේ නිලධාරියෙකු එම වැටලීම අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය බව අකුරැස්ස පොලිසිය පවසයි.

22 සවස 6.00  පමණ අකුරැස්ස පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අකුරැස්ස ඌරුමුත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගොස් ඇත.

එහිදී ජාවාරම් කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බව පවසයි.එහිදී වැටලීමට ගිය පොලිස් නිලධාරියා නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදුනු පුද්ගලයා විසින් තැබූ වෙඩි පහරකින් පොලිස් නිලධාරියාට තුවාල සිදුවී තිබේ.

පසුව ගිලන්රියක ආධාරයෙන් පොලිස් නිලධාරියා කඹුරුපිටිය ආදපාන රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් පොලිස් නිලධාරියා මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අකුරැස්ස පොලිසියේ සේවය කරණ පොලිස් කොස්පාතාපල් 77290 කලවදෙවගේ සම්පත් නමැති දෙදරු පියෙකි.

– දෙනියාය ප්‍රියංක ගමගේ

12,385 Viewers
Main News