කසිප්පු පෙරීම අපේ සංස්කෘතික අංගයක්..- පුවත්පත් මණ්ඩල සභාපති

April 2, 2021 at 10:01 pm | lanka C news
කසිප්පු පෙරීම අපේ සංස්කෘතික අංගයක්..- පුවත්පත් මණ්ඩල සභාපති

කසිප්පු යනු මෙරට ගම් වල සංස්කෘතික අංගයක් බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

තමන්ද කසිප්පු පෙරීම සඳහා දර ගෙනත් දී ඇතැයිද ඒ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

කසිප්පු කියන්නෙ අපේ ගම්වල සංස්කෘතික අංගයක්. හැම ගමකට ම කසිප්පු ගෙවල් දෙක තුනක් තියෙනව. පුංචි කාලේ අපි අත්තනගලු ඔයේ නාන්න ගියාම, ඔයේ සැඟවුණු තැන්වල කසිප්පු පෙරන හැටි මම ලඟ ඉඳල බලාගෙන ඉන්නව.

බැරල් එක ලිපේ තියල රත්කරන කොට ගෝඩා පැහෙනව. හැලිය⁣ට දර මදි වෙනකොට අපි දර එහෙම ගෙනත් දෙනවා. ගෝඩා පැහෙනකොට බැරල් එකෙන් වතුර හරහා දාලා තියෙන තඹ දඟරෙ හරහා එන හුමාලය වතුර වෙලා නිල්පාට කෑන් එකකට වැක්කෙරෙනවා. ඒවට කියන්නෙ ඉස්ප්‍රිට් කියල. ඒවා නිකං බොන්න බැරි බව පෙරපු අයියල කියනව.

ඔය ගෝඩා හැලිවලට සරපයි එහෙම වැටෙනව කියන එක හිතන්න පුළුවන්. මොකද ඒව හරිම සුවඳයි. සුවඳට බොන්න යන සත්තු ඊට වැටෙනව. ගෝඪ හැලි කැලේ හංගල පැහෙන්න තියෙනව. පැහුණට පස්සෙ තමා පෙරන්න ගන්නෙ.

ඒකාලෙ නම් ගෝඩා හැදු⁣වෙ සක්කරා කියල හකුරු වර්ගයකින්. ලොකු හකුරු කෑලි. සීනිත් දානව. දැන් නම් කොහොමද දන්නෙ නැ. කාලෙකින් කසිප්පු පෙරනව දැකල නැ. සර්ප කතාව නිසා සමහරු කසිප්පු පිළිකුල් කරනවා.

ඒත් ලෝකයේ හොඳම අරක්කු වර්ගවල නයි එහෙම දාලාම බෝතල් කරල තියෙනව. ඒව හරිම මිළ අධිකයි. බොන්න කලින් බෝතලය හෙලෙව්වාම නයා දිය වෙනවා.

කසිප්පු පෙරනකොට ගෝඩාවලට ඔය මොනව දැම්මත් ස්ප්‍රිට් එකට එන්නෙ හුමාලය. කටුකම්බි, මදුරු දඟර එහෙමත් දානව වෙන්න පුළුවන්. මොකද පෙරන අයට ඕන පුළුවන් තරම් සැර ස්ප්‍රිට් ගන්න. එතකොට බෝතල් ගාන වැඩි වෙනවා. අරක්කුවලටත් මොනව දානවද කියල කවුද දන්නෙ.

කසිප්පු හෝ එවැනි පෙරාගත් සුරාපාන ලංකාවේ හැම ගමකම තියෙන්නෙ ඇති. මට මතකයි ‘ටොප්’ කියල තව වර්ගයක්. ඒව ගෙදරදිම පෙරාගන්න පුළුවන් එකක්. වැඩිය සැර නැ. ‘ ‘ රා’වලට වඩා ටිකක් සැරයි.

 

17,032 views

18 Comments to “කසිප්පු පෙරීම අපේ සංස්කෘතික අංගයක්..- පුවත්පත් මණ්ඩල සභාපති”

  1. MD says:

    කසිප්පු සඳහා මෙය හොඳ වෙළෙඳ දැන්වීමක් වෙයි.නමුත් දැන් ලංකාවේ අරක්කු කසිප්පු බියර් ටිකක් නොබොන කෙනෙක් හොයාගන්න අමාරුයි.ඵහෙනම් බොන මිනිසුන්ට ඵ්ක පිරිසිදුව පෙරාගෙන බොන්න නිතී හදල දෙන්න.

    • catseye says:

      හවස තේ වෙනුවට ගෙදර ඔක්කොටම පිරිසිදු කසිප්පු ටිකක් බොන්න පුළුවන් …….පිස්සු මගුලෝ මුන් ……මරු කියෝනව ……….

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අරක්කු කියන්නෙ ධනපතියන්ගෙ පානයක්.
      පීඩිත පන්තියේ පානය කසිප්පු.

  2. රන්වල says:

    සෑර් ගොඩාක් කට ඇරියම ජාතකේ එලියෙ

  3. Kumudu says:

    Ane buruwo spita gedarama pera ganna awasara aran diyan macho.. uba pissa kiyala api dannawa me

  4. 🤬🤬🤬🤬🤬👀 says:

    ඇත්තද වේයෝ කන පත්තරයා..

    අපි උඹට ” වකගඩු – ලිවර් ”
    විකුණන්නේ නැත..!

  5. සියල්ල සටහනට ඵකතු නොකළා වියහැකියි..! says:

    ගම්වල කසිප්පු පෙරන.. බුරැගස්සන.. කැළෑකපන.. නුගත් නතිවිරෝධිවැඩකරන දාමරිකයන් වහාම අත්අඩංගුවට ගතයුතුයි..!
    වසවිස සමාඡගතකිරිමට ප්‍රචාරයක් ලබාදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගතයුතුයි..!
    කසිප්පු මත්පැන් විසවි මියයන පුද්ගලයන හා පවුල් සංස්ථා විනාෂකරන නුගතුන් කැළැපාලුවන්’ මර්ධණය කිරිමට.., මහින්ද උකපරන’ සහ ඹවුන්ට අනුබලදෙන දේශපාලුවන් වහාම සමාඡයට නිරාවරණයකොට පිළිකුල්කොට වහාම නිතියහමුවේ දඬුවම් පැමිනවියයුතුයි..!

    මුගේ අම්ම කසිප්පු පෙරනලද ගනිකාවක් වියහැකියි..! කසිප්පු කාරයෙකුගේ වෙරිමතින් ඵල්ලකරනලද ලිංගු ප්‍රහාරයකින් මුව ගැබ්ගත්තාවියහැකියි.! ඵ්කාලේ බෑ සිල මුගේ අම්මගේ කසිප්ප පොට් ඵකට ඇදුනා විය හැකියි.. මොහු වෙරිමතින් සිටින බෑ සිල සමග බිඡුක්‍රිඩාවක නියලුනා වියහැකියි.. මුගේ හිතේ තිබුන සියල්ල සටහනට ඵකතු නොකළා වියහැකියි..!

    වහාම පොළීසිය ක්‍රීයාත්මකවි ‘මහින්ද උකපරන’ අත්අඩංගුවට ගෙන තොරතුරැ ලබාගෙන සියළුම අධික විසසහිත ‘වසවිස’ ඡනතාවට පොවාන පවුල්සංස්ථා කඩාකප්පල්කරන කැළෑපාළුවන්
    කසිප්පුඡාවරංකාරයන් වහාම අත්අඩංගුවට ගැනිමට ක්‍රීයා කලයුතුයි..!

  6. Kassippuchaariya says:

    Kadippu pereema ape sanskruthika angayaknam, ada indala Pansalawalath kasippu peranna awasara demu/patan ganimu!

  7. සිසිල් සුදේශ් says:

    මේ වගේ අපතයෙක්ද පුවත්පත් මණ්ඩලයේ සභාපති? අඳෝමැයි, රටකට ගිය කල! අරුන්දිකට සුදු හුණු ගාන්න ලියපුවා.

  8. Diogenes says:

    anumaanayak naha muge maha ekaa kasippuwek wenna athi. muge unath moonenma penawa, issara kasippu perapu ekek bawa. aanduwata onakaranne mun wage jadayo thamayi!!

  9. පබිලිස් says:

    20% කොකොමිස් ලොක්ක ගෙ ගොට්ට මූ.

  10. ගමේ මිනිහා says:

    කසිප්පු බීලා වැදගත් විධියට ඉන්නවනම් මදැ. ඒත් අන්තිමට ඉතිරි වෙන්නේ බේබද්දෝ, නිකමෝ, ගණිකාවෝ, අපයෝජනයවෙච්ච ළමයි සහ කඩාවැටුන ග්‍රාමීය ආර්ථිකය​.

Main News