කසිප්පු පෙරීම අපේ සංස්කෘතික අංගයක්..- පුවත්පත් මණ්ඩල සභාපති
April 2, 2021 at 10:01 pm | lanka C news
කසිප්පු යනු මෙරට ගම් වල සංස්කෘතික අංගයක් බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.
තමන්ද කසිප්පු පෙරීම සඳහා දර ගෙනත් දී ඇතැයිද ඒ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
එම සම්පූර්ණ සටහන මෙසේය.
කසිප්පු කියන්නෙ අපේ ගම්වල සංස්කෘතික අංගයක්. හැම ගමකට ම කසිප්පු ගෙවල් දෙක තුනක් තියෙනව. පුංචි කාලේ අපි අත්තනගලු ඔයේ නාන්න ගියාම, ඔයේ සැඟවුණු තැන්වල කසිප්පු පෙරන හැටි මම ලඟ ඉඳල බලාගෙන ඉන්නව.
බැරල් එක ලිපේ තියල රත්කරන කොට ගෝඩා පැහෙනව. හැලියට දර මදි වෙනකොට අපි දර එහෙම ගෙනත් දෙනවා. ගෝඩා පැහෙනකොට බැරල් එකෙන් වතුර හරහා දාලා තියෙන තඹ දඟරෙ හරහා එන හුමාලය වතුර වෙලා නිල්පාට කෑන් එකකට වැක්කෙරෙනවා. ඒවට කියන්නෙ ඉස්ප්‍රිට් කියල. ඒවා නිකං බොන්න බැරි බව පෙරපු අයියල කියනව.
ඔය ගෝඩා හැලිවලට සරපයි එහෙම වැටෙනව කියන එක හිතන්න පුළුවන්. මොකද ඒව හරිම සුවඳයි. සුවඳට බොන්න යන සත්තු ඊට වැටෙනව. ගෝඪ හැලි කැලේ හංගල පැහෙන්න තියෙනව. පැහුණට පස්සෙ තමා පෙරන්න ගන්නෙ.
ඒකාලෙ නම් ගෝඩා හැදුවෙ සක්කරා කියල හකුරු වර්ගයකින්. ලොකු හකුරු කෑලි. සීනිත් දානව. දැන් නම් කොහොමද දන්නෙ නැ. කාලෙකින් කසිප්පු පෙරනව දැකල නැ. සර්ප කතාව නිසා සමහරු කසිප්පු පිළිකුල් කරනවා.
ඒත් ලෝකයේ හොඳම අරක්කු වර්ගවල නයි එහෙම දාලාම බෝතල් කරල තියෙනව. ඒව හරිම මිළ අධිකයි. බොන්න කලින් බෝතලය හෙලෙව්වාම නයා දිය වෙනවා.
කසිප්පු පෙරනකොට ගෝඩාවලට ඔය මොනව දැම්මත් ස්ප්රිට් එකට එන්නෙ හුමාලය. කටුකම්බි, මදුරු දඟර එහෙමත් දානව වෙන්න පුළුවන්. මොකද පෙරන අයට ඕන පුළුවන් තරම් සැර ස්ප්රිට් ගන්න. එතකොට බෝතල් ගාන වැඩි වෙනවා. අරක්කුවලටත් මොනව දානවද කියල කවුද දන්නෙ.
කසිප්පු හෝ එවැනි පෙරාගත් සුරාපාන ලංකාවේ හැම ගමකම තියෙන්නෙ ඇති. මට මතකයි ‘ටොප්’ කියල තව වර්ගයක්. ඒව ගෙදරදිම පෙරාගන්න පුළුවන් එකක්. වැඩිය සැර නැ. ‘ ‘ රා’වලට වඩා ටිකක් සැරයි.
මිනිස් අවයව ජාවාරම්කාරයන් කවදාවත් කසිප්පුවලට නරකක් කියන්නෙ නැත..
“වකුගඩු ජාවාරම්කාරයන්” නිතරම කසිප්පුවල අගය ලොවට කියයි…..
හතර වරම් දෙවියනි , සම්මා සම්බුදු රජානන් වහන්සේ රැක ගන්නට භාර දුන් ධර්ම ද්වීපයට හෙන ගහනවා පේන්නෙ නැද්ද . වයස නිසා දෙයියන්නේ ඇහැ නොපෙනී කණ් අගුල් වැටිලා වත්ද .
අම්බරුවෝ තණකොල වෙනුවට රටම කනවා .
මේ අය අපේ රටේ සංස්කෘතිය දන්නේ නැත. ගොඨා විනාශ වන්නේ මේ වගේ අම්බරුවන් ළං කරගත්තොත්, ලංකාවේ ඇත්තේ බෞද්ධ සංස්කෘතියක් මිස කසිප්පු සංස්කෘතියක් නොවේ.
මූට මෝටරයක් දාල කෙලවන්න කවුරුවත් නැද්ද?
ආචාර්ය මහාචාර්යවරුන් පොල් පිතිවලින් කපා ගන්නා කාලය පැමිණ ඇත.මස් නැති කටුවක් දුන් විට නොනවත්වා වලිගය වනන සුනඛ පෝතකයින් සිටිනා තාක් මේ රට හැදීම යනු විහිලුවකි.අපි එකිනෙකා කා කොටා ගනිමින් අනුන්ගේ ගුණ නුගුණ වයමින් කාලය කා දමා කාලකන්නි වින්දන ලබන්නෙමු.මේ වින්දන පුපුරා යන දිනයට මේ මන්ද බුද්ධික ආචාරීන්ට මුදේ පැනීම හැර වෙනත් විකල්පයක් නැත.ජනතාව රට බාරදුන් නායකයින් මේ පිස්සන් කරළියේ හෙලුවෙන් නටනු බලා සිටින්නේ මන්ද යන්න ගැටළුවකි.එකෙක් කසිප්පු කරුවන් නීතිගත කරන්නට ඉල්ලයි.තවෙකෙක් වන නිළධාරීන් පලවා හැර ගස් කපන්නට සැරසෙයි.අනෙකා ඔක්ෂිජන් අවශ්‍ය කුමකටදැයි යන්නවත් නොදන්නා නිර්වායු වෛරසයෙකි.මේ ගොන් රැල සමග අපට සෞභාග්‍ය දැකිය හැකිද?
ඇයි හොරකං කිරීම ………..ඒකත් අපේ සංස්කෘතීක අංගයක්…. එවාගෙ පව් ගෙවීම චන්චෙ දුන්නු උන්ගේ වැඩක් …