කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

November 6, 2020 at 8:02 am | lanka C news
කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති.

කහ කුඩු ග්රැම් සියයක් මිල දි ගැනිම සදහා රැපියල් තුන්සියක මුදලක් වැය කිරිමට සිදුව ඇතැයි පාරිභෝගික ජනතාව කියති.

බලන්ගොඩ නගරයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ රැසක වෙළෙදසල් වල උග්‍ර කහ කුඩු හිගයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

එවැනි අධික මිලකට මිලදි ගන්නා ඇතැම් කහකුඩු සුදුපාට හුරු බවද ජනතාව කියති. ඉදිරියේදි කහ කුඩු කිලෝවක මිල තවත් ඉහළ යැමෙි අවදානමක් ඇති විය හැකි බව වෙලෙදසල් හිමියන් අනතුරු අගවති.

– සම්පත් ප්‍රියනන්දන

13,387 views

39 Comments to “කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…”

  1. කන්ජිපානි says:

    ඕක මොන කජ්ජක්ද?

    AYU products රාජගිරිය. කහ ග්‍රෑම් 50 රු 600/- යි. ඒ කියන්නේ කිලෝව රු.12,000/- යි.

  2. කන්ජිපානි says:

    රාජගිරියේ ආ* ප්‍රොඩක්ට්ස් එකේ කහ ග්‍රෑම් 50 රු.600 යි. ඒ කියන්නේ කිලෝව රු 12,000/-යි. පික් m* එකේ බලන්න බොරු ද කියලා.

  3. තම තමන් හැකි අයුරින් වවා ගනිමු.

  4. Manoj says:

    මාත් කහ වැව්වා . ග්‍රෑම් 750 ක අල වලින් කහ කුඩු හදලා ග්‍රෑම් 75 යි තිබුනේ .

    ඉතින් බන් තුන්දාහක් කහ කුඩු කිලෝ එකක් උනාට වරදක් නෑ .

    කහ කුඩු හරියට කිලෝ එකක් හදන්න , අමු කහ අල කිලෝ දහයක් යනවා .

  5. Love nature says:

    සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල පෙරුම්කායන් මිළදිගැනීමට බෝහෝ දෙනෙකු පැමිණෙන අතර පෙරුකායන් තම වෙළෙදසැලේ නොමැති බැවින් ආපසු හරවා යැවීමට සිදුවන බව වෙළදසැල් හිමියන් පවසයි.

  6. Love nature says:

    ශරිර අභ්‍යන්තරවත් බාහිරවත් ඇති වන දීලිර බැක්ටීරියා සහ වෛරස් ආසාදන සඳහා ඉතා ගුණදායක කහ සම ගෙදරකම වගා කල යුතුය.

  7. thissa says:

    77 ආණ්ඩුව පරාජය උනේ බක පණ්ඩිතයන්ගේ උපදෙස් අනුව හැම රෙද්දටම පොලු දාලා . පුංචි කාර් එකක් ගන්න හිටිය .එකත් ඉවරයි .කන්න කහ කෑල්ල en un හිරේ දාන සැලසුමක් නැති ආණ්ඩුවකින් මොනවා බලාපොරොත්තු වෙන්නද ? බලාගමු ඊලග chandedi .

    • හැලී says:

      කහ නැති නිසා ආණ්ඩුව පෙරළන්න කතා කරන්නෙ උබ මොන ngo එකෙන් යැපෙන එකෙක්ද?

  8. A.s. Amarasingha says:

    1977 දී සිරිමාවෝට කෙලවුනේ හාල් පොල්ල සහ මිරිස් පොල්ල නිසයි. J.R.5/6 ක් ගත්තා.රනිල් අවුරැදු 4ක් බොරැ කියපු නිසා 0 ගත්තා. මෙයාලට කෙලවෙන්නේ කහ පොල්ල නිසයි. පිටි – ඩයි – කහ පවුඩර් ටිකක් කලවං කල හොර කහ 1kg 3000 – 3600 සැලැස්මක් නැති වැඩක් නිසා සාමාන්‍ය ජනයා අමාරැවේ. පාරිභෝගික සේවා අධීකාරිය බුදි. හොරැ හොදට හම්බකරනවා. අනේ මගේ චන්දය වෙච්ච දේ.කහ නැත්තම් කැරට් අලයක් හෝ වට්ටක්කා කෑල්ල ගලේ අඹරා මාළු වට එක් කර ගන්න. ඒවා ස්වාභාවික ආහාර නැතිනම් කහ කලරින් ටිකක් එකතු කරන්න.ඒවා කෘතිම දේවල්.සීනි නැතිව තේ බොන්නම් කහ නැතිව හොදි කන්නම්.

Main News