කහ ගෑස් සිලින්ඩර නිල් පාට කර ලිත්‍රො ගැස් ගෙන යයි..

August 29, 2021 at 12:40 pm | lanka C news
කහ ගෑස් සිලින්ඩර නිල් පාට කර ලිත්‍රො ගැස් ගෙන යයි..

හැටන් දික්ඔය නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි එජන්තවරයාගෙන් කහ පාට ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් වංචා සහගත ලෙස වර්ණය වෙනස් කර ගැස් ලබාගත් කාන්තාවක් සොයාගැනිමට එම ව්‍යාපාරිකයා පියවර ගෙන ඇත.

දික්ඔය නගරයේ ලිට්‍රෝ ගැස් එජන්තවරයා වෙත (27) දින ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් ලිට්‍රෝ ගැස් සිලින්ඩරය ව්‍යාපාරිකයාට ලබා දි ඒ වෙනුවෙන් ගැස් සහිත ලිට්‍රෝ ගැස් සිලින්ඩරයක් රැගෙන ගොස් ඇත.

ගැස් එජන්තවරයා වෙත ගැස් බෙදා හරින සමාගමින් පැමිණ ව්‍යාපාරිකයා සතු ගෘහස්ථ හිස් සිලින්ඩර් ලොරි රථය වෙත පටවන අවස්තාවේ එක් සිලින්ඩරයක නිල් පාට වර්ණය ගැලවි කහපාට වර්ණය මතුවිමත් සමග ගැස් සමාගමේ සේවකයින් විසින් එම සිලින්ඩරය ලබා ගැනිම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව ව්‍යාපාරිකයා ඔහුගේ වෙලදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි අලුත්ම නිල් පාට වර්ණය සහිත ගැස් සිලින්ඩරයක් රැගෙන තම වෙලදසැලය පැමිණෙන කාන්තාවක් පිලිබදව ව්‍යාපාරිකයා සැක කර ඇත.

හැටන් සහ දික්ඔය යන ප්‍රදේශවල කහ පැහැති ගෘහස්ථ ගැස් සිලින්ඩර් නිල් පැහැ ගන්වා වංචනික ලෙස නිල් පැහැයෙන් යුත් ලිට්‍රෝ ගෘහස්ථ ගැස් සිලින්ඩර් ලබා ගන්නා බවටද තොරතුරු අනාවරණය වි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කරන බවද එම ව්‍යාපාරිකයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

31,782 views

11 Comments to “කහ ගෑස් සිලින්ඩර නිල් පාට කර ලිත්‍රො ගැස් ගෙන යයි..”

  1. SL says:

    මිනිස්සු මොනවා කරන්නද ,ගෙදර ගෑස් ඉවර නම් ,දරත් නැති නම් ( කරපු අමනම වැඩේ,ගෙවල් වල දර ලිප්
    ක්‍රමයෙන් ඉවත් කරීම) .මොනවා හරි ගෑස් එකක් ගන්න ඕනේ ,litro ට එහෙම බැරිනම් බලෙන් හරි ගන්න වෙනවා.ඒක් තමා මේ කරලා තියෙන්නේ.

    ආණ්ඩුව මෙතැනදී fail !!

  2. KuKuu says:

    Next time remove yellow color and paint it in blue

  3. 3% ට බය බයියා. says:

    ඔය වගේ වැඩ කරන්න පුලුවන් පොහොට්ටුවේ වහල්ලුන්ට විතරයි .කොරෝනාවත් ගරානාවක් කරගෙන තියෙන්නේ .

    • Haramanis says:

      JEPPO THAWA AWURUDU 50 KATAWATH BALAYATA ENDA BAHA. PORA TALK DIDI INNA PULUWAN. OITA WADA PERATUGAMIN HODAI.
      JVP HODANAM 3 TA KADEIDA

  4. Mr S Sridharan says:

    gas valata sallith gevvanam.his tankiyakuth dunnanam methana athi varadak na.karae police gihin

  5. රංජිත් විජේසිංහ says:

    ගැස් තියාගෙන මුන් හංගන් ඉන්නේ.

  6. රුක්ෂාන් සිල්වා says:

    ඕවා නිකන්ම වෙන දෙවල් නෙවෙයි.ඕවා ඇතුලේ අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ලාෆ් කාරයො ලාභ ලබනවා මිනිස්සු අසරණ වෙනවා.

  7. Sagarika Alvis says:

    Apita litro hodai owa oni nh.

  8. Chthura Gunarathna says:

    Mun gas hanguwama api kiylath wena monawa krannada. Karanna thiyena hodama de oka thama laugfs silinder pata karala litro ganna eka passe himita litro walata bahinawa laugfs ain karanawa.

  9. Chthura Gunarathna says:

    Munge gas nogenama hitiyama hri hamoma ekathu wela.ethakota gas wikunne katada danne nh.

  10. සමනා says:

    දර ලිප අම්මාත් ඒක්ක අවමානයට ලක් කරන දැන්වෙිම දැම්මේ ලිට්රෝ, රබර් වතු අස්සේ ඉන්න අයත් ගෑස් වලට යොමුකළා රටට ඔරෝත්තු දෙන සීමාවක් තියෙනවා

Main News