කහ බළල්ලු, කොළ බළල්ලු නම් ත්‍රස්‌තවාදී කල්ලිවල නායකයා රාජිත සේනාරත්නයි..

May 18, 2018 at 6:48 pm | lanka C news
කහ බළල්ලු, කොළ බළල්ලු නම් ත්‍රස්‌තවාදී කල්ලිවල නායකයා රාජිත සේනාරත්නයි..

එදා කහ බළල්ලු, කොළ බළල්ලු නමින් ඝාතන රැසක්‌ කළ ප්‍රා කල්ලියේ නායකයාව සිටි රාජිත සේනාරත්න නමැත්තා අද ජවිපෙ සහ එල්. ටී. ටී. ඊ. ය සමාන කිරීම ජුගුප්සාජනක බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පෙරේදා (16දා) ඇමැති මණ්‌ඩල මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධව අදහස්‌ දක්‌වමින් විජිත හේරත් මහතා මෙසේද කීවේය.

එදා කහ බළල්ලු, කොළ බළල්ලු නමින් ත්‍රස්‌ත ක්‍රියා කළ ප්‍රා කල්ලියේ නායකයා තමයි රාජිත සේනාරත්න. ප්‍රා කියන්නේ මිනීමරු කල්ලියක්‌. එදා ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයක්‌. එදා ජවිපෙ රටේ යුක්‌තිය, සමානාත්මතාව ඇති කිරීම වෙනුවෙන් මැදිහත් වුණා. ඒ නිසාම ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අසූතුනේ කළු ජූලිය මුවාවෙන් බොරු චෝදනා එල්ල කරලා ජවිපෙ තහනම් කළා. ඉන්පසු ජවිපෙ සාමාජිකයන් මර්දනය කරන්න ප්‍රා කල්ලියව යොදා ගත්තා. ප්‍රා කල්ලියේ නායකයා වුණේ රාජිත සේනාරත්න කියන පුද්ගලයා. ඔහු කොළ බළල්ලු, කහ බළල්ලු නමින් කල්ලි හදාගෙන එදා භීෂණයක්‌ නිර්මාණය කළා. එවන් ත්‍රස්‌තවාදී නායකයෙක්‌ අද ජවිපෙ හා එල්. ටී. ටී. ඊ. ය සමාන කිරීම විහිළුවක්‌, පිළිකුල්. මෙවන් අයට ජනතාව විසින් දඬුවම් ලබා දේවි.

– divaina

35 views

16 Comments to “කහ බළල්ලු, කොළ බළල්ලු නම් ත්‍රස්‌තවාදී කල්ලිවල නායකයා රාජිත සේනාරත්නයි..”

  1. sira says:

    Thopema sahodarayo, amuwen pilissu evunt kade giye thopima neda. 20 sanshodanaya genneth untama kade yanna neda? ehenam me monawada kiyanne?

  2. sevaka grama says:

    Thopitha danda therenne thopi nidiyan inne balloth ekka kiyala ,, balloth ekka nida gaththnam makkoth ekka
    nakitapan

  3. SWoRD says:

    දැන් උඹල උඹලගෙ කාඩර්ල අමු අමු වේ මරා දාපු එකත් එක්ක ජෝගි නටනව​.
    ඒ මදිවට බට ලන් දෙ කොල්ලන් ගෙ බටේ ට බට බස්සපු එකා ගෙ බටේ ලෙවකනව​. කෝමද ඒක ?

  4. Aba says:

    We cannot understand why JVP is silent on this matter!

Main News